Sunday, October 20, 2013

෴ ශීලා - ජයශ්‍රී ෴

~ Sheela - JayaSri ~

( ශීලා මේ ගීතයෙන්වත් දැනගන්න මගේ හදවතේ දුක... )

බැලු බැලු හැමතැනම සිහිනෙන් වාගේ..
සැඟවුනු සේයාවන් මදෙසේ ඇඳේ..
සුළඟේ පාවී.. මගෙ ගී යාවී..
ඇසුනොත් එනවාදෝ සොඳුරියේ මාගේ..

මා හට සැරවීලා (හෙයි..) කොහෙදෝ යන්නේ මෙසේ..
සිත රිදවන්න එපා.. හද බැඳි ආදරේ..
තනිවීලා (හෙයි..) මා ඉන්නේ කෙලෙසේ..
ඒවීදෝ මාගේ කුමාරී...

ලොවම නැවතිලා නිහඬයි වාගේ..
තනිකම පාළුව දැවටී හදේ..
දුරකථනයකින් ඔබ අමතාවී..
සිතමින් ඉන්නෙමි තනි ලෝකයේ..

මා හට සැරවීලා (හෙයි..) කොහෙදෝ යන්නේ මෙසේ..
සිත රිදවන්න එපා හද බැඳි ආදරේ..
තනිවීලා (හෙයි..) මා ඉන්නේ කෙලෙසේ..
ඒවීදෝ මාගේ කුමාරී...

( තනිවූ යහනට එනවිට.. තවමත් ඔබේ සුවඳ දැනේ මට..
සිහිනෙන් ඔබේ රුව දැකගන්නවත්.. වරම් ලැබේද මට.. )

ඔබෙ ලස්සන ඇස්දෙක වෙනෙකෙකු හට ලැදි වෙන්න එපා..
ඒවීදෝ.. ඒවීදෝ.. ඒවීදෝ.. මාගේ කුමාරී...

මා හට සැරවීලා (හෙයි..) කොහෙදෝ යන්නේ මෙසේ..
සිත රිදවන්න එපා හද බැඳි ආදරේ..
තනිවීලා (හෙයි..) මා ඉන්නේ කෙලෙසේ..
ඒවීදෝ මාගේ කුමාරී...

ශීලා ශීලා හේ.. ශීලා ශීලා හෝ.. (ඔබ යලි ඒවීදෝ)
ශීලා ශීලා හේ.. ශීලා ශීලා හෝ..
ඕ.. ඕ.. ඕ.. ශීලා ශීලා හේ.. ශීලා ශීලා හෝ.. (මා සැමදා තනිවේදෝ)
ශීලා ශීලා හේ.. ශීලා ශීලා හෝ..
ඒවීදෝ මාගේ කුමාරී... 


ගායනය - ජය ශ්‍රී