Sunday, February 26, 2023

෴ ඔබෙ සුසුම් පවන් සලයි ෴

 ~ Obe Susum Pawan Salayi ~


ඔබෙ සුසුම් පවන් සලයි
මගෙ කොපුල් පුරා වෙලෙයි... //
ඔබෙ සෙනෙහස ගොඩ ගලයි...
උනුසුමට මාව තෙමෙයි...
 
මා ඔබෙයි ඔබම කියයි
ඔබ මගෙද මටම බයයි...//
ඔබ සඳක් වගේ හැඩයි...
හෙට අමාවකද සැකයි...
 
ඔබ හැඟුම් බරව දොඩයි
ඒ වදන් කවිම තමයි‍...//
ඔබ වසන්තයක් වගෙයි...
හෙට ගිමන් කලද සැකයි...
 
ගායනය - දයාන් විතාරන

Thursday, February 23, 2023

෴ ගීයකින් කෙසේ ෴

~ Geeyakin Kese ~

ගීයකින් කෙසේ…
කියම් සිතුම් ලයේ...
රන් රුවන් ගෙනල්ලා…
මා ලගින් තියාලා…
නොඉල්ලනු ආදරේ…
නොඉල්ලනු ආදරේ….

ගීයකින් කෙසේ…
කියම් සිතුම් ලයේ...
රන් රුවන් ගෙනල්ලා…
මා ලගින් තියාලා…
නොඉල්ලනු ආදරේ…
නොඉල්ලනු ආදරේ….

නෙත් ඔබේ නමා…
බලා ඉන්නේ ඇයි……..
සෝ සුසුම් හෙලා…..
මා ඉන්නේ ඇයි …...
මිතුරන් සේ අපි… 
ජීවිතේ එක් වෙමු...

ගීයකින් කෙසේ…
කියම් සිතුම් ලයේ...
රන් රුවන් ගෙනල්ලා…
මා ලගින් තියාලා…
නොඉල්ලනු ආදරේ…
නොඉල්ලනු ආදරේ….

වෙනින් කෙනෙක් සොයා…
සිනා සෙන්න කෝ…
මා ඔබේ සිතින්…
මකා ලන්නකෝ ….
අතීතයේ කතා…. 
මකා දමා සිනාසෙමු....

ගීයකින් කෙසේ…
කියම් සිතුම් ලයේ...
රන් රුවන් ගෙනල්ලා…
මා ලගින් තියාලා…
නොඉල්ලනු ආදරේ…
නොඉල්ලනු ආදරේ….

ගීයකින් කෙසේ…
කියම් සිතුම් ලයේ...

ගායනය: කොරීන් අල්මේදා

෴ සඳවතියේ ඔබ මගේම යැයි කියාලා ෴

~ Sandawathiye ~

සඳවතියේ ඔබ මගේම යැයි කියාලා
මං අහස බලා උන්නා
අහස බලා උන්නා
ඇසිපිය හෙලනා සුළු මොහොතේ පවා මා
වලාකුළට ඔබ මුවා වෙලා
ඇයි මගේ සඳවතියේ

සඳවතියේ ඔබ මගේම යැයි කියාලා
මං අහස බලා උන්නා
මං අහස බලා උන්නා
ඇසිපිය හෙලනා සුළු මොහොතේ පවා මා
වලාකුළට ඔබ මුවා වෙලා
ඇයි මගේ සඳවතියේ

රැඳෙන්නෑ මා නෙත් මානයේ
නිවෙන්නේ ඇයි මේ යාමයේ
මා රිදවනු ඇයි, මා හඬවනු ඇයි
සඳවතියේ මා ඇයි තනිකෙරුවේ

සඳවතියේ ඔබ මගේම යැයි කියාලා
මං අහස බලා උන්නා
අහස බලා
ඇසිපිය හෙලනා සුළු මොහොතේ පවා මා
වලාකුළට ඔබ මුවා වෙලා
ඇයි මගේ සඳවතියේ

Artist: Ridma Weerawardena

Wednesday, February 22, 2023

෴ ඇමතුමක් ෴

~ Amathumak ~

~ Thama_Obe_Mathake_Harada ~

ඇමතුමක් ඔබගෙන් එනකල් හැමදා
මග බලා හිටියත් තව නෑ ලැබිලා
මාව දමා ගිය දා ඉඳලා
තාම ඔබේ මතකේ හැරදා
යන්න තරම් හිත නෑ හැදිලා

අද ඊයේ වගේ
සෙනෙහේ මට ඔබේ
රැඳිලා තියේ හදවතේ
මැරුනත් එකවලේ
හිඳිමුයි කීවේ
මට ඇයි පෙරදා
මුවින් ඔබගේ

තාම ඔබේ මතකේ හැරදා
යන්න තරම් හිත නෑ හැදිලා

තරහක් නෑ මගේ
කිසිදා හදවතේ
මම දිවුරන්නම් ඔබ කෙරේ
සතුටින් නැතිනම්
ලොවේ ඔබගේ
සතුටත් එයමයි
මගේ දිවියේ

තාම ඔබේ මතකේ හැරදා
යන්න තරම් හිත නෑ හැදිලා

ඇමතුමක් ඔබගෙන් එනකල් හැමදා
මග බලා හිටියත් තව නෑ ලැබිලා
මාව දමා ගිය දා ඉඳලා
තාම ඔබේ මතකේ හැරදා
යන්න තරම් හිත නෑ හැදිලා


Artist : Ruwan Hettiarachchi

Tuesday, February 21, 2023

෴ සරා සඳේ නුරා සිනා ෴

 ~ Sara Sande Nura Sina ~


සරා සඳේ නුරා සිනා රෑක පාවී ආවා

ඇගේ ලැමේ කුසුම් ගුලා

සීත රෑ හා කීවා නේක ශෘංගාර ගීතා

හ්ම්.. හ්ම්ම්.. හ්ම්.. හ්ම්ම්..

 

ස නිම්නේ රොන් තරංගේ

රංග තාලේ කීව රහසේ

වෙලී... නටයි... සඳේ.. නුරා..

 

සරා සඳේ නුරා සිනා

රෑක පාවී ආවා ඇගේ ලැමේ

කුසුම් ගුලා සීත රෑ හා කීවා

නේක ශෘංගාර ගීතා

හ්ම්..ම්.. හ්ම්..හ්ම්ම්..

 

මන්දහාසේ ඇන්ද දෑසේ

රැන්දු මායා සේද හීනේ

බිඳී... හඬයි.. සඳේ.. නුරා..

 

සරා සඳේ නුරා සිනා

රෑක පාවී ආවා ඇගේ ලැමේ

කුසුම් ගුලා සීත රෑ හා කීවා

නේක ශෘංගාර ගීතා..

හ්ම්..ම්.. හ්ම්..හ්ම්ම්..


Artist: Hector Dias

Sunday, February 19, 2023

෴ ආදරය ඇයයි ෴

~  Adaraya Ayai ~


හරි පරිස්සමින් රැකගත් රන් පියුමයි

පුත නුඹ සුරතින් කැඳවා ගෙනයන්නේ

ඇය දැවටී මා ළඟ තෙපුල් කියූ හැටී

අදටත් නෑ

අමතක වන්නේ

ආදරය ඇයයි

දූ මගේ පනයි

අද ඔබගේ සෙවණේ පුතුනේ

ජීවිතය ගලයි

කාලය ඉගිලෙයි

ඔබේ කුලගෙයි මිණිපහන් දිලෙයි

ඔබේ කුලගෙයි මිණිපහන් දිලෙයි

 

මට මතකයි ඈ ඉපදුණු දා

මා දෙස හෙළුවා සුරතල් සිනා

පුත ඒ හසරැල් පිරි මුව අද ඔබගෙයි

රැකගන් ඈ මාගේ පණයි

සුරතේ එල්ලී මෙදා ඔබේ

පියමැන යන යුවතී

මගේ ලෝකේ ආදරේ පිරූ

සුරතල් දඟකාරි

ඒ හසරැල් පිය සෙනෙහස මුමුණයි

 

අදටත් ලෙන්ගතුකම එහෙමයි

 

ආදරය ඇයයි

දූ මගේ පනයි

අද ඔබගේ සෙවණේ පුතුනේ

ජීවිතය ගලයි

කාලය ඉගිලෙයි

 

ඔබේ කුලගෙයි මිණිපහන් දිලෙයි

ඔබේ කුලගෙයි මිණිපහන් දිලෙයි

 

මට මතකයි එදා මිමිනූවා

මං ඇගේ ලෝකේ රජවූ හැටි පවසා

පුත ඒ කිරුළේ හිමිකම අද ඔබගෙයි

රැකගන් ඈ මාගේ පණයි

සුරතේ එල්ලී මෙදා ඔබේ

පියමැන යන යුවතී

මගේ ලෝකේ ආදරේ පිරූ

 

සුරතල් දඟකාරි

මා තුරුලේ නැළවුණු හැටි මතකයි

අදටත් ලෙන්ගතුකම එහෙමයි

 

ආදරය ඇයයි

දූ මගේ පනයි

අද ඔබගේ සෙවණේ පුතුනේ

ජීවිතය ගලයි

කාලය ඉගිලෙයි

ඔබේ කුලගෙයි මිණිපහන් දිලෙයි

ඔබේ කුලගෙයි මිණිපහන් දිලෙයි.

 

Song by Bathiya and Santhush 

෴ අපටයි මේ මිහිතලේ ෴

~ Apatai me mihithale ~

සුළඟක් හමා යයි දසතේ
ගෙන එයි සොබාදම් අරුමේ
නැගෙනා රිද්මයයි ලොවේ විහිදෙනා
සුවයමයි ලෝ තලේ
වන මල් සුගන්ධයයි පැතිරෙනා
තුරුලතා මතුයෙන් පිබිදෙනා
පලසක් එලූ සේ පෙනෙනා
නිල්වන් වනයයි විහිදෙනා

අපටයි මේ මිහිතලේ
මව වේ අප දිවි සාගරේ
වැදු මෑණියන් සේ පුදනා
ලෝකයයි සොබාදමයි මේ
අපටයි මේ මිහිතලේ
මව වේ අප දිවි සාගරේ
වැදු මෑණියන් සේ පුදනා
ලෝකයයි සොබාදමයි මේ

Feel the breeze on your face
Tender caress as it touches your heart
With its grace catch the sun with a smile
Feel the rain that falls around you always

අපටයි මේ මිහිතලේ
මව වේ අප දිවි සාගරේ
වැඩු මෑණියන් සේ පුදනා
සොබාදමයි මේ

විහඟුන් ගී නදින් ඇරඹෙනා
විකසිත මලින් මුතුකැට වෙනා
මිණි බිංදුවයි හිරු කිරණ දිදුලනා
වරුසාවයි ලොවම නහවනා
වන සතුන් සුවසේ ගැවසෙනා
ඵල බරිත අතු පතර සැඟවෙනා
දිනයකි මෙවන් ලෝකයට පිදෙනා
තිළිණයයි සතුටිනා

අපටයි මේ මිහිතලේ
මව වේ අප දිවි සාගරේ
වැදු මෑණියන් සේ පුදනා
ලෝකයයි සොබාදමයි
අපටයි මේ මිහිතලේ
මව වේ අප දිවි සාගරේ
වැදු මෑණියන් සේ පුදනා
ලෝකයයි සොබාදමයි මේ