Saturday, October 26, 2013

෴ ඔබ ඉන්නේ කොහෙද කියා ෴

~ Oba inne koheda kiya ~

ඔබ ඉන්නේ කොහෙද කියා
මම සොයනව ලෝකෙ පුරා
ඔබ දවසක ලැ‍බෙන තුරා
යනවා ආදරේ සොයා

සිත සැනසුම.. දෙන්න සදා..
තනිකම නොදැනෙන්න කියා..
මහ බඹු මට මැව්ව එයා..
හමුවෙනතුරු ඉන්නේ බලා..

ඔබ ඉන්නේ......

ලස්සන ලොකයේ.. මට හිමි ආදරේ..
සොයමී ජීවිතේ.. පාළු මකා..
මල් මල් මාවතේ.. ආදර රන් ලදේ..
ඔබ ලැබෙනා තුරා.. මා ඉන්නම්..

දුර ඈතද ඉන්නේ ඔයා..
මේ ලගමද ඉන්නේ බලා..
මා ගයනා ගීය අසා..
ඔබ එයිදෝ මාව සොයා..

ඔබ ඉන්නේ......

ලස්සන ලොකයේ........ //

.
ගායනය - දුෂාන් ජයතිලක

No comments:

Post a Comment