Friday, October 25, 2013

෴ මගෙ හීනයෙ ලඟ ඉන්නට ෴

~ Mage heenaye langa innata ~

මගෙ හීනයෙ ලඟ ඉන්නට..
ඔබ තවමත් නැතිවාදෝ..
සිත් මානයෙ දැවටෙන්නට..
මගෙ උණුහුම මදිවේදෝ..
ආදරේ මට නම්.. ඇයි විරහ සරදම්..
ජීවිතේ මම නම්.. ඇයි කඳුළු මෙතරම්..

නෙතු මුතු කැට වැටෙන තරම්..
හිත මත ‍දඟ කෙරුව තරම්..
උණුහුම හිත හැදුව තරම්..
රැවටුනු හැටි මා මෙතරම්..

හිත හඩන තරම්..
ඔබ දන්නවනම්..
තව කඳුළු දිදී...රිදවන්න..
මා දැවෙන තරම්.. ඔබ දන්නෑ....

මගෙ හීනයේ........

නොමියෙන මල් මතක පෙති..
එක එක බිඳ දැමුව හැටි..
නෙතු අග තෙත රැඳුනු නිති..
මගෙ වරදම වෙන්න ඇති..

උණු සිනහ සිතින්..
ඔබ ඉන්නවනම්..
තව කඳුළු කතා...පවසන්න..
මේ කදඳුළු මගේ.. දැන් දුක නෑ.....

මගෙ හීනයේ........

.
ගායනය : උදය ශ්‍රී වික්‍රමසිංහ

No comments:

Post a Comment