Sunday, October 27, 2013

෴ ලියූ කවිපද දහක් ෴

~ Liyu kavipadha dahak athare ~

ලියූ කවි පද දහක් අතරේ
ලියා ගන්නට බැරිව ලතැවුන
එකම එක දිග පුංචි කවියක්
තවම ලියනවා මං //

නුඹෙ සුවඳ රැදි පපුව ගැඹුරේ
කියා ගන්නට බැරිව සැනහුනු
එකම එක දිග පුංචි පැතුමක්
තවම පතනවා මං //

උණුසුමක් රැඳි පළල් උරයක
වෙලී සැතපී නිදන යුගයක
නුඹෙ සුසුමක් සමග මියැදී
යන්න තිබුනා නම්..
මගෙ දෙනෙත්පෙති තෙමා රිදවන
කදුළු නැ එහෙනම්...

සදවතක රැදි සදළු තලයක
තරු කැටක් වී රැදුනු දවසක
ලතෙක් සෙනෙහස නුඹේ සිත ලඟ
රැදී නොතිබුනි නම්..
මගෙ දරදඬු පිරිමි සිත යට
කඳුළු නැහැ එහෙනම්...

ලියූ කවි පද.......
නුඹෙ සුවඳ රැදි.......

ගායනය - ක්‍රීෂාන්ත එරන්දක
“අනුත්තරා“ තේමා ගීතය

No comments:

Post a Comment