Sunday, March 5, 2023

෴ කැමීලියා මල් සුවඳට ෴

~ Kameliya Mal Suwandata ~ 

කැමීලියා මල් සුවඳට
සඳ කෙමි මත් පා තිය තිය
කැමීලියා මල් සුවඳට
සඳ කෙමි මත් පා තිය තිය
මගේ කුටියේ කවුළුදොරින්
නිදි බින්ද දෑස ඒ ඔබමද
සින්ඩරෙල්ලා . . .

සකුණ ගීය සැඟවී යන
පළා පැහැයෙ අළු තවරා
සකුණ ගීය සැඟවී යන
පළා පැහැයෙ අළු තවරා
සැන්දෑ අඳුර ගේන පවන වගේ සියුම් සරින්
ඈත එපිටින් හදට වඩින්
සින්ඩරෙල්ලා . . .

කැමීලියා මල් සුවඳට
සඳ කෙමි මත් පා තිය තිය
කැමීලියා මල් සුවඳට
සඳ කෙමි මත් පා තිය තිය
මගේ කුටියේ කවුළුදොරින්
නිදි බින්ද දෑස ඒ ඔබමද
සින්ඩරෙල්ලා . . .

සුසුදු හංස පියාපතින්
ගෙත්තම් කොට නිමවා
සුසුදු හංස පියාපතින්
ගෙත්තම් කොට නිමවා
ඇන්ද සිනිඳු සේද සළුව වළාකුලෙන් අතුරා
යන්න ගියේ බිය හිතිලද
සින්ඩරෙල්ලා . . .

Artist - Keerthi Jayasekara

Saturday, March 4, 2023

෴ දිවුරාලා පවසන්න ෴

~ Diwrala Pawasanna ~


දිවුරාලා පවසන්න මට ආදරේ නම්

මගෙ ලෝකෙ ඔබ විතරමයි සිතෙනවා නම්

එය සත්තකයි සොඳුරෙ මා මියෙන තාක්කල්

ඔබමයි මගේ සෙනෙහෙ නෑ දෙන්නෙ කාටත්


හිරුමල් දෑතේ සඟවා වලා රොදක නැඟිලා

සත් සමුදුරුම කළඹාලා ඔබ වෙතට එනවා

ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ

මුදුමල් යහන මගෙ වේද හැමදාක සොඳුරේ


සියුමැලි ඇඟිලි තුඩු හදට තදකොට තබාලා

ඔබ සතපන්න තරු අහසෙ වියනක් සදාලා

සුසුමක් හෙලන හැම වරෙක ඔබමයි සිතාලා

ඕ නිදියන්න මගෙ මැණික මට තුරුලු වීලා


Tell me that your name is Miss So Beautiful

I like the way you move your face so beautiful

You took me for a ride in that convertible

And then she told me it's not affordable

I told you that you're the best in the world

Go just straight up, I know the way down to your curl

She's out swimming in my pool like goldfish

Now is the right time, be ready to make a wish


හිරුමල් දෑතේ සඟවා වලා රොදක නැඟිලා

සත් සමුදුරුම කළඹාලා ඔබ වෙතට එනවා

ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ

මුදුමල් යහන මගෙ වේද හැමදාක සොඳුරේ


Song by CENTIGRADZ

Wednesday, March 1, 2023

෴ පෙරවදනක් වී මගේ කතාවට ෴

~ Perawadanak Wee Mage Kathawata ~


පෙරවදනක් වී මගේ කතාවට

පටුන ලියන්නට හීන එවා

පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට

හිස් පිටුවක් ඉඩ තබා ගියා


අරුත බිඳී ගිය අන්දරයක රස

කිමැයි කියා නොදැනෙන හින්දා

තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ

මෙතෙක් ලියූ කිවිඳියම පතා


පැතූ කතාවේ නිමක් දකින්නට

උපන් භවේ පින මදි හින්දා

බලා හිඳිමි මතු භවයක හෝ

පසුවදන ලියන්නට එතැයි කියා


පෙරවදනක් වී මගේ කතාවට

පටුන ලියන්නට හීන එවා

පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට

හිස් පිටුවක් ඉඩ තබා ගියා


Artist : Sanuka Wickramasinghe

Sunday, February 26, 2023

෴ ඔබෙ සුසුම් පවන් සලයි ෴

 ~ Obe Susum Pawan Salayi ~


ඔබෙ සුසුම් පවන් සලයි
මගෙ කොපුල් පුරා වෙලෙයි... //
ඔබෙ සෙනෙහස ගොඩ ගලයි...
උනුසුමට මාව තෙමෙයි...
 
මා ඔබෙයි ඔබම කියයි
ඔබ මගෙද මටම බයයි...//
ඔබ සඳක් වගේ හැඩයි...
හෙට අමාවකද සැකයි...
 
ඔබ හැඟුම් බරව දොඩයි
ඒ වදන් කවිම තමයි‍...//
ඔබ වසන්තයක් වගෙයි...
හෙට ගිමන් කලද සැකයි...
 
ගායනය - දයාන් විතාරන