Tuesday, October 29, 2013

෴ විකසිත වත කමලේ ෴

~ Wikasitha wathakamale ~

විකසිත වත කමලේ
නෙත් බඹරුන් පැටලේ
බැල්මට නෙතු සඟලේ
සිත සිතුවිලි සසලේ..

ලදුනේ මා දකිනා
සිහිනේ හද සැලුනා...

විකසිත වත කමලේ...

ඈත නීල අහසේ
පාට දේදුණු දහසක්‌ පායාලා
මාගෙ ජීවිතේ සැණකෙලියක්‌ වාගේ
ඒ ආදරේ...

විකසිත වත කමලේ...

දෑස සිහින රේඛා
කීවේ නෑසු රහසක්‌ කොඳුරාලා
මාගෙ ජීවිතේ මල් උයනක්‌ වාගේ
ඒ ආදරේ..

විකසිත වත කමලේ...

ලදුනේ මා දකිනා
සිහිනේ හද සැලුනා...

විකසිත වත කමලේ...


ගායනය :- සනත් නන්දසිරි

No comments:

Post a Comment