Sunday, October 27, 2013

෴ මට හීනයක් වෙලා ෴

~ Mata Heenayak wela ~

මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ
සිත තාම දන්නේ නැ මං ඇයිද පෙම්කලේ
සඳ රාජිනි නුඹයි මගේ හද මංදිරේ
සදා වෙනස් නොවේ මගේ ආදරේ... //

රෑ දොලොස් පැයේ ඔබේ නෙතු මා ලඟයි ප්‍රියේ
චංචලයි වගේ ඔබේ හිත කොයිද පා වුනේ... //

අදහන්න බෑ කඳුලක්ද ආදරේ
නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ

තරුකා වියන් ගොතාලා මගේ අම්ඹරේ
ඇයිද හැංගුනේ හෙලා මා අන්ධකාරයේ... //

අදහන්න බෑ කඳුලක්ද ආදරේ
නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ

මට හීනයක් වෙලා ආදරේ
සිත තාම දන්නේ නැ මා ඇයිද පෙම්කලේ
සඳ රාජිනි ඔබයි මගේ හද මංදිරේ
සදා වෙනස් නොවේ මගේ ආදරේ

මට හීනයක් වෙලා........

.
ගායනය - දමිත් අසංක

No comments:

Post a Comment