Tuesday, April 28, 2020

෴ මල් මිටක් තියන්න ෴


~ Mal Mitak Thiyanna ~

මල් මිටක් තියන්න ඔබ අතේ
මට කියා කොයින්ද මල් වනේ
ජීවිතේ විසල් නදී තෙරේ
තුරු හිසත් මලත් ඔබයි මගේ

සොදුරු කවි ලියාන හිත් කොනේ
තාරුකා වහින රාත්‍රියේ
ගෙල වටේ ගිලී හමා ඇදි නළරැළී
ඔබයි මගේ

තුරුලතා පවා දුකෙන් වගේ
අතවනා සොයන්නෙ ඔබ කොහේ
හැන්දෑව වගේ සෞම්‍ය වී නිදා ඉන්න
මගේ හදේ

ගායනය: කසුන් කල්හාර

Tuesday, April 21, 2020

෴ පිය මැන්නේ ෴

~ Piya manne ayida ese ~

පිය මැන්නේ ඇයිද එසේ රිදවාලා ඔබ මතිස මසේ
දුර ගවුවේ මා ඉන්නේ මතකේ රැදුනා ඒ සිතුවිල්ලේ
සෙවනැලි මාවතේ ඇදි ඒ ජීවිතේ රැලි මත සාගරේ
මතුවේවා සදා ඒ සිහිනේ...

සියුමැලි ඔබෙ වත රැදි ඒ දෙකපුල් කී කතා
ඇසේ සවන් පුරවා මගෙ දැහැනේ අත් වැල් බැදගෙන
වැල්ලේ ඇදි ඒ රූ රටා මැකි ගියා රැල්ලේ නිසල රැයේ...

සිප ගත්තේ නැතුව නොවේ සැමදා ඒලෙස බලා ඇයි ඉන්නේ
හද අරනේ රැදුනු සෙනේ පුබුදා සොයනු මැනේ හසරැල්ලේ
නැතුවත් මේ බවේ මතු එන ජීවිතේ සැමදා ඒ සෙනේ
සතුවේවා සදා...

සියුමැලි ඔබෙ වත රැදි ඒ දෙකපුල් කී කතා
ඇසේ සවන් පුරවා මගෙ දැහැනේ අත් වැල් බැදගෙන
වැල්ලේ ඇදි ඒ රූ රටා මැකි ගියා රැල්ලේ නිසල රැයේ..

ගායනය - ජය ශ්‍රී

Credits - Jaya Sri

෴ සල්ලි පොකුරු මිල්ලේ අහුරු ෴

~ Salli Pokuru Mille Ahuru ~

සල්ලි පොකුරු මිල්ලේ අහුරු
සිහින විලේ බඹර රැගුම් පානා
පුංචි රටක පුංචි අපිට
සිහින සැබෑ වෙන්න වරම් ඕනා
සතුටු කඳුළු වැස්ස මතින්
මුතුකුඩ ඉහලන්න අපිට ඕනා
හිතේ සවිය ග‍තේ විරිය
අපිට ඇතිම එකම හිරිය වීලා

මුහුදු හතේ රළ රැල්ලේ
පොර බදලා අපි ආවා
නාග විමන් මකර කටින්
රිංගාලා අපි ආවා

රස්සාවට නගින උදේ
මචෝ කියලයි පිලිගන්නේ
කම්හල නැග බහින තුරා
අපේ දාඩිය තමයි සුවඳ දෙන්නේ
තියන විටදි අත දිග හැර
මිල්ලේ අහුරු සුළඟ වගේ යන්නේ
කඩිසර කම තිබෙන තුරා
අපේ දවස කළ එළි වී එන්නේ

හද කොහෙදෝ ගිහිල්ලා දෝ
හීන් සැරේ මඟ ඇරලා
අපි දන්නා හඳ මාමේ
අපි නම් නෑ පැරදීලා

කටු වටකර තිබුණත්
අපි අතින් කරින් වස්තු අරන් එන්නේ
එහෙම ඇවිත් ගමේදි මේ
සේසත දවසින් වියදම් වෙන්නේ

ආපු ගමන් ආයෙත් යං
මිල්ලෙ සොයන් අපි එනවා
අද යනවා හෙට එනවා
එහා මෙහා ඔහෙ යනවා //

අද යනවා හෙට එනවා
එහා මෙහා ඔහෙ යනවා

ගායනය, සංගීතය - ජය ශ්‍රී

෴ නුරා වසන්තේ ෴

~ Nura wasanthe ~

අඳුරේ ගිලී තනි වීලා මෙසේ
නාඬන් ඉතින් සොඳුරි මගේ
නොසිතා සිතා අතීතේ එදා
බිඳුනාට මනිමේකලා
පිලිගන්නෙ මා නුඹ සීතාවසේ
හද මන්දිරේ සරසලා

ගංගා තරංගා පරදන්නෙපා
ඔය දෑස කඳුලින් තෙමා
පාවී ගියාවේ අතීතේ කතා
සැඩ මාරුතේ රැලි හමා
නලළේ ඔබේ ඇන්ද තිලකේ පවා
කියාවි මගේ ප්‍රාර්ථනා
ප්‍රේමේ නුරා වසන්තේ ගෙනා පින්සාර ළඳ නුඹ නිසා
පිලිගන්නෙ මා නුඹ සීතාවසේ
හද මන්දිරේ සරසලා

ඔය දෑසේ පා ඒ මන බන්දනා
පෙම්වන්ත සුරතල් සිනා
සැනසෙන්න මාගේ ලයේ සැතපිලා
නව සඳ දිහා බල බලා
බවයෙන් බවේ එන්න මතු ඉපදෙනා
සන්සාර පතිනිය වෙලා
ප්‍රේමේ නුරා වසන්තේ ගෙනා පින්සාර ළඳ නුඹ නිසා
පිලිගන්නෙ මා නුඹ සීතාවසේ
හද මන්දිරේ සරසලා

ගායනය - නදීමාල් පෙරේරා

Monday, February 24, 2020

෴ මං ඉතාලියේ තනිවුනා ෴

 ~ Mang ithaliye thani una ~

සිරතසා සිසිලියා දූපතේ කතා නියා
ජෙනොවා මෙශීනා ඔබට මා රැවටුනා
වෙරොනා මරීනා කර්මෙලා තෙරේසා
ප්‍රොන්තො මං ඉතාලියේ තනි උනා
කෝනෝ මං ඉතාලියේ තනි උනා

පෑදුවා මෙත් පිලේ සේදුවා පව් ජලේ
පා දුවා පල්ලියේ අන්තෝනි මුනි දිලේ
ද්‍රේශියා නගරයේ රෝස කුසුම පල්ලියේ
රෝමෙ වතිකානුවේ සිහින දේවතාවියේ
ඉතාලියේ පීසා කුළුණ හමුවුනා
හරිම ලස්සනයිනෙ මම පුදුම වුනා

සිරතසා සිසිලියා දූපතේ කතා නියා
ජෙනොවා මෙශීනා ඔබට මා රැවටුනා
වෙරොනා මරීනා කර්මෙලා තෙරේසා
ප්‍රොන්තො මං ඉතාලියේ තනි උනා
කෝනෝ මං ඉතාලියේ තනි උනා

මේ සෘතුවේ මිලානෝ සීතලයි
ඒ සීතලේ ඔයා නෑ හිත පෙලයි
ධූම පල්ලියේ දේව හාස්කම් රැසයි
ඇසින් දුටුව නම් ඔබ වුනත් එය සිතයි
එත්නා ගිනි කන්ද ඇවිලුනා
හිත නිවාගන්න තවම බැරි වුනා

සිරතසා සිසිලියා දූපතේ කතා නියා
ජෙනොවා මෙශීනා ඔබට මා රැවටුනා
වෙරොනා මරීනා කර්මෙලා තෙරේසා
ප්‍රොන්තො මං ඉතාලියේ තනි උනා
කෝනෝ මං ඉතාලියේ තනි උනා
චාවෝ මං ඉතාලියේ තනි උනා

ගායනය - ධනපාල උඩවත්ත