Friday, October 25, 2013

෴ ඔබ තරම් පෙම් කල කිසිවෙක් ෴

~ Oba tharam pem kala kisiwek ~

ඔබ තරම් පෙම් කල කිසිවෙක්
නැති තරම් මේ ලෝකයෙ කොහෙවත්
ඔබට මන් ආදරේ බව මෙතරම් වැටහුනේ
ඔබ වෙන් වී ගිය දා....
ඔය නෙතු හැඬවූ තරම්..
ඔබ පෙම් කෙරූ තරම්..
අදහන්නත් බෑ කොහේ තිබුනාදෝ
මේ තරම් ආදරේ...
මේ තරම් ආදරේ...

රැය පුරා.. ඉකි ගසා.. රතට හැරි දෙනුවන් පුරා..
මල් සිනා.. මැවෙනවා.. ගිලන් වී හද පාරවා..
ආයෙත් ඔබ මට හිමිවේ නම්.. ආත්මයෙන් ඔබ අදහන්නම්...
තවකෙකු හට හිත දී ඇත්නම්.. සුභ පතලා ඈතට වෙන්නම්...

තනිවෙලා.. මා ලොවේ.. හිරු නොනගින මේ වසන්තේ..
දිවිතුරා.. විඳවමි.. අහිමි කරන් මගේ ආදරේ..
ආයෙත් ඔබ මට හිමිවේ නම්.. ආත්මයෙන් ඔබ අදහන්නම්...
තවකෙකු හට හිත දී ඇත්නම්.. සුභ පතලා ඈතට වෙන්නම්...

ඔබ තරම්.........

.
ගායනය - තීක්ෂණ අනුරාධ

No comments:

Post a Comment