Friday, October 25, 2013

෴ මේ ඇස්‌ දිහා බලන් ෴

~ Me as diha balan ~

මේ ඇස්‌ දිහා බලන්..
දැන්වත් කියන්න මගෙ රත්තරන්..
ඔබ මගේද මා ඔබේද.. අපි අපේද කියලා..
දැන්වත් කියන්න මගෙ රත්තරන්...

පැහැදූ නුවන් දල්වා.. මා දෙසට පා කරලා..
හද ගැස්‌ම මග නවතා.. දෙහදක්‌ ගොළු උනා..
ඔබෙ සෙනෙහෙ.. මග රැදූනෙ.. ඇයි සංසාරයේ..
මේ භවයෙ.. මා වෙනුවෙන්.. ඔබ මැව්වේ..
දැන්වත් කියන්න මගෙ රත්තරන්...

මේ ඇස්‌ දිහා බලන්....

කදුලැල් නෙතින් පළවා.. පැතුමන් සිතේ තනි බින්දා..
සිල්ගත්තු සිත සගවා.. ඔබෙ දැත වෙත අත පැවා..
ඔබෙ සෙනෙහෙ.. මග රැදුනේ.. ඇයි සංසාරයේ....
මේ භවයෙ.. මා වෙනුවෙන්.. ඔබ මැව්වේ....
දැන්වත් කියන්න මගෙ රත්තරන්...

මේ ඇස්‌ දිහා බලන්....


ගායනය - ශිහාන් මිහිරංග

No comments:

Post a Comment