Tuesday, November 12, 2013

෴ මොට්ටු ෴

~ Mottu ~

මාතලේ හැදුවා මම ගේ තට්ටු
කේතලෙන් මල්ලක් ගත්තා කෙට්ටු
ඒ කෙල්ල දැම්මානේ මට වෙට්ටු
කවදහරි කරනවා නංගිව මට්ටු

සිරිපාල කපුවා තිබ්බෙ මොට්ටු
මොට්ටුවට මතුරලා ඕංරීන් කට්ටු
මොට්ටු දී ඈ හට වුනා මම තුට්ටු
ඇයිද දැන් පෙරලෙන්නෙ පානිට්ටු

කටගැස්ම වී මා ලෝකෙට පේනවා
තලුමරා මාවම බයිටට ගන්නවා
හිස හැරුණු ඒ මේ අත දුවනවා
ඊජිප්තු පිරමීඩෙක මා නිදනවා

උන් දෙන්න වගුරනවා සතුටු කඳුළු
ඉතිරි වුනෙ මට මේ බල්ලා නකුටු
සමගියෙන් ඉන්නේ අපි වී වකුටු
කවදා හරි පෙන්නනව රැම්බො පාර්ට් ටූ

ඒ කාලේ අපි කෑවේ කෝලි කුට්ටු
කෙලින් තිබු කොණ්ඩය උනානෙ පොකුටු
තුන්වේල කන්නේ දාලා සීට්ටු (දැන් ඉතින්)
හිටගෙන ගිලින්නයි වෙන්නෙ පිට්ටු

කටගැස්ම වී මා ලෝකෙට පේනවා
තලුමරා මාවම බයිටට ගන්නවා
හිස හැරුණු ඒ මේ අත දුවනවා
ඊජිප්තු පිරමීඩෙක මා නිදනවා... //

.
ගායනය - ලහිරු පෙරේරා

෴ මගෙ ස්වීටි කෙල්ල ෴

~ Mage Sweety Kella ~

මගෙ ස්වීටි කෙල්ල තැඹිලි ගෙඩිය රත්තරන්
මම ආදරෙයි ඔයාට ලොවෙත් නැතිතරන්... //
මං ලඟ බොරු නෑ.. බොරු මවලා කියන්නෑ..
සුරංගනා කතා කියල රවට්ටන්නෙ නෑ...

මගෙ ස්වීටි කෙල්ල තැඹිලි ගෙඩිය රත්තරන්
මම ආදරෙයි ඔයාට ලොවෙත් නැතිතරන්...

කට්ට කාලා දාගත්ත කෙල්ල යාළු
ආයේ මාව හම්බවෙන්ඩ එන්නෙ නෑලු... //

මේක සිරා කරපු මගේ ප්‍රථම ලව් එක
මම බොක්ක වුනත් දෙන්ඩ හිටියෙ ඈ හට
දැනුයි මට හැගෙන්නෙ ඇය ගැලෙව්වෙ මගෙ දත
අද කනේරු ඇට කන්න හිතෙනවා මට

කියල වැඩක් නෑ.. නින්ද යන්නෙ නෑ..
මේවා හිතල හිතල මගේ නාඩි වැටෙන්නෑ..

මචං ඔව්ව ඔහොම තමයි කෙල්ලො හිටියට..
එයාලා අපිව දාලා යන්නෙ අනේ නොකියම..
උඹට සෙට් වෙනකන් හොද කෙල්ලෙක් ලඟදිම..
සිංදුවක් කියල ඉමු ආතල් එකෙ අද..

හිතලා වැඩක් නෑ.. ආයෙ එන්නේ නෑ..
මේක ගැනම හිතලා හිතලා වැඩක් වෙන්නෙ නෑ..

කට්ට කාලා දාගත්ත කෙල්ල යාළු
ආයේ මාව හම්බවෙන්ඩ එන්නෙ නෑලු... //

එයා ගියා කියලා අපි හඩන්නෙ නෑ
වෙන කෙල්ලක් සෙට් වුනාම තනිය නෑ... //

.
Artist - SJS

Monday, November 11, 2013

෴ අහන්න ආදරේ තරම් ෴

~ Ahanna adare tharam ~

මේ හිතෙ එල්ලිලා පෙරදා..
ඇවිදින් මා ලයේ දැවටිලා..
මා හැර වෙන කෙනෙකුගේ වෙලා..
ඉන්නේ කොහොමදෝ ඔයා..‍
කඳුළු වෑහෙනා නෙතු දිහා..
බලන්න මොහොතකට ලංවෙලා
හෙමිහිට පපුව මත කන තියා..
අහන්න ආදරේ තරම්...

දුක දරාගන්නට හිත හයිය නෑ..
හිත හදගන්නට කොහොමටත් බෑ..
නාඳුනන සේ මග හැර යන්න බෑ..
තවත් හිතකට හිමිවෙන්න බෑ..

මේ හිතෙ එල්ලිලා.......

මා වෙනුවෙන් මට මැවු සෙනේ..
හමුවීලා මග හැරී ගියේ..
ආයෙත් ඔබ මා වෙත එනකන්..
තනිකඩව සිටී ඔබ කොහෙද ප්‍රියේ..

මේ හිතෙ එල්ලිලා.......

.
ගායනයම් - දුශ්‍යන්ත් වීරමන්

෴ රෝස දෙතොලින් කියනා ෴

~ Rosa detholin kiyana ~

රෝස දෙතොලින් කියනා
ආදරේ කවි තහනම්
නිසල සිත රිදවනවා
මතකේ පෑටලී ඔබ නම්... //

නෙතේ නුඹේ පෙන්වන්නේ
හදේ ගෑඹුරුම තෑන නම්
ඒ නෙතේ මා දුටුවේ
බඳෙ නොවු මගේ රුව නේ

රෝස දෙතොලින්.....

පියුම ලෙස ඔබ පිපුනා
හද විලට ලන් වීලා
නොදුටු ලෙස නුඔ යනවා
දුක හදට හුරු කරලා

රෝස දෙතොලින්..... //

.
ගායනය - ජූඩ් රොගන්ස්

෴ හුස්මක් දුරින් ෴

~ Dura yanna sithwata ~

දුර යන්න සිතුවාට සැඟවී හොරෙන්..
ඔබ නැතිව මම ඉන්නෙ කොහොමද ඉතින්..
වාවන්න බැරි කඳුළු ආවත් නෙතින්..
හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන් //

අවතැන් වෙලා ලැමතුරේ පෙම් හැගුම්..
හීනෙකින් හෝ තවකෙකුට ඔබ නොදෙමි මං..
එක්වෙන්න සංසාරෙ පිං මදිව නම්..
අපි දෙන්නා එක තැනම මිය යමු ඉතින් //

දහසක් නුවන් මා දෙසම නපුරෙන් බලන්..
ඉන්නා නිසා හමුවෙන්න බෑ අපට දැන්..
එක්වෙන්න සංසාරෙ පිං මදිව නම්..
අපි දෙන්න එක තැනම මිය යමු ඉතින් //

දුර යන්න සිතුවාට......

.
ගායනය - ශෂිකා නිසංසලා

෴ මේ මල් යායේ ෴

~ Me mal yaye ~

මේ මල් යායේ මා හා එක්වීලා
ඈ පෑ සිනා ළංවෙලා..
රෑ තරු වාගේ නිවුණා මැළවීලා
මා දෑසේ දී වේදනා.. //

මා දෑතේ වෙලිලා එදා
රෑ සීතේ සඳපානේ පියනැගුවා
ඒ චායා සිහිනේ යාවී
ඈ මාගේ නෙතු දෑලේ දුක සෑදුවා

මේ මල් යායේ......

සෝ ගීතේ සවනේ යාවී
මා ලොකේ තනිවූ සේ මට හැඟුනා
ඈ මා හා පෙරදා මැවූ
ඒ මායා මීදුම් සේ දුර ඇදුනා

මේ මල් යායේ...... //

.
ගායනය - විශාරද එඩ්වඩ් ජයකොඩි

෴ කම්බි තාප්පෙට ෴

~ Kambi thappeta ~

කම්බි තාප්පෙට හිර කරගෙන මා - අහස දිහා බලමින් අම්මේ..
මං කල වරද කියාපන් නුඹවත් - හුළඟ දිගේ ඇවිදින් අම්මේ..
මලහිරු බැස යන විට නිල් අහසේ - නුවර පන්සලේ හඬ අම්මේ..
බැතිය අරන් පෝලිමට දුවනවා - වඳින්නෙ මහ රෑටයි අම්මේ..

පරණ චීත්තෙට ඔළුව තියාගෙන පන් පැඳුරේ සුව පහස ලැබී..
පුංචි කාලෙ ඉඳලම දුක් වින්දා කොස් ඇට වල රහ හොඳට දනී..
අම්මට තනියෙම නුවර එන්න බෑ බෝගම්බර මහ සයුර වැනී..
අම්මගෙ නම මම පපුවෙ කොටනවා ඉඳිකටු මිටියෙන් හැඩට ඇතී..

කම්බි තාප්පෙට හිර කරගෙන මා - අහස දිහා බලමින් අම්මේ..
මං කල වරද කියාපන් නුඹවත් - හුළඟ දිගේ ඇවිදින් අම්මේ..
මලහිරු බැස යන විට නිල් අහසේ - නුවර පන්සලේ හඬ අම්මේ..
බැතිය අරන් පෝලිමට දුවනවා - වඳින්නෙ මහ රෑටයි අම්මේ..

වාට්ටුවේ අය එකා වගේමයි පසු තැවි තැවි තනියෙම අඬලා..
රජසිටු මැතිවරු ලෝකෙ දකින්නේ මෙතන ඇවිල්ලයි දුක දැකලා..
තනිපංගලමේ මහ රෑ යාමේ නුඹ අඬනා හැටි මට මැවිලා..
කම්බිකූරු වල ඔළුව ගහනවා පපුවේ ගින්දර මට දැනිලා..

කම්බි තාප්පෙට හිර කරගෙන මා - අහස දිහා බලමින් අම්මේ..
මං කල වරද කියාපන් නුඹවත් - හුළඟ දිගේ ඇවිදින් අම්මේ..
මලහිරු බැස යන විට නිල් අහසේ - නුවර පන්සලේ හඬ අම්මේ..
බැතිය අරන් පෝලිමට දුවනවා - වඳින්නෙ මහ රෑටයි අම්මේ..

වඳින්නෙ මහ රෑටයි අම්මේ.... ////

.
ගායනය - චාමර රණවක

෴ මල් මල් විලේ ෴

~ Mal mal wile ron soya ~

මල් මල් විලේ රොන් සොයා ඇයි ගියේ..
ඇයි මේතරම් වේදනා අදරේ..
සුසුමක්‌ වුනේ ඇයි අපගෙ සෙනේ..
කඳුලක්‌ වුනා ඔබ මගෙ ජිවිතෙ..

මල් මල් විලේ රොන් සොයා ඇයි ගියේ..
ඇයි මෙතරම් වේදනා අදරේ..

සඳ තාරකා මල් පිපෙනා රැයේ..
රිදවුම් ගෙනේ සිත රෑ තුන්යමෙ..
හද සෝසුසුම් වැල් ඔබහට ඉතින්
මතු දා ගෙනෙවා සැනසුම් පවන්

මල් මල් විලේ රොන් සොයා ඇයි ගියේ..
ඇයි මෙතරම් වේදනා අදරේ..

නොපැතූ ලෙසේ මා නොසිතූ ලෙසේ..
මා හැර ගියා නම් ඔබ මේ ලෙසේ..
මගෙ මේ සුසුම්වැල් ඔබහට ඉතින්
මතුදා ගෙනේවා සැනසුම් පවන්

මල් මල් විලේ.......

.
ගායනය - චන්ද්‍රෙස්න හෙට්ටිආරච්චි

Sunday, November 10, 2013

෴ ඔබ සඳත් වසා සිටියා ෴

~ Oba Sandath Wasa Sitiya ~

ඔබ සඳත් වසා සිටියා
මා තනිවුණු ඝන අඳුරේ
සැඩ හිරුත් මවා තිබුණා
මා සිටියදී මරු කතරේ.. //

මම වියමං කල පළසේ
ඔබේ පා යුග සිඹින වෙලේ.. //
මලපුඩුය එලා තිබුණේ
ඔබ මා යන ගමන් තලේ..

ඔබ සඳත් වසා සිටියා....

මම මල්කම් කල සයනේ
ඔබ සිටියදී මධු සිහිනේ.. //
අගු පිලකි ශේෂ වූයේ
මට ඔබගේ රජ දහනේ..

ඔබ සඳත් වසා සිටියා....

.
ගායනය - දීපිකා ප්‍රියදර්ශනී

෴ මාගෙ සුසුම් අතරේ ෴

~ Mage susum athare ~

මාගෙ සුසුම් අතරේ
අපි මැව්ව හීන අළුවීද රහසේ
කඳුළු පිරුණු හීනේ
නුඹට ලංව උන්නේ

සීත සුළඟක් ගෙනාවේ නුඹ සුවඳ නම්
අයාලේ යන්නේ හැඟුමන් සිතටත් හොරෙන්
අවතැන් වුනත් පිදු සේ දුප්පත් හිතේ රහසින්
තාම දළුලයි පෑ ආදරේ රෑ සිහිනයෙන්

වස්සාන සිහිනේ ගැයෙනා කවියක් ලෙසින්
ඈතින් ඇසේ තවමත් නුඹ කී වඳන්
ලයට ලං වී පෙර උන්නත් නුඹ මා ලඟින් රහසින්
විරසක වෙලා නික්මී ගිහින් මගේ ලෝකයෙන්

මාගෙ සුසුම් අතරේ.......

.
ගායනය - මංජුල පුෂ්පකුමාර

෴ මායම් තරු රෑනේ ෴

~ Mayam Tharu Rane ~

මායම් තරු රෑනේ බැල්මෙන් මිදී..
පායන් ආ සඳටයි බැදුනේ වෙලී..
රෑනෙන් මිදුනාම නැ අත් බැදී..
මා නම් අද ඉන්නේ ප්‍රේමේ ගිලී..
සීතාවියක් හින්දා රෑ නෑ නිදී..
ඔබ හින්දයි තවමත් මා මග බලමින් ඉන්නේ රැදී..
කවදාවත් රිදවන්නෑ හිමිවේනම් උන්මාදිනී...

පාඩම් පොතේ සුවඳ අකුරින් ලියා දුන්..
උන්මාද ගීතේද ගැයුවේ ඔයා..
ඒ පොත් කොනේ ලියුව හසුනත් ඔයාටයි..
මේ පෙම් හැගුම් නැද්ද දැක්කේ ඔයා...

හැමදාම නෙතු කීව ඒ පෙම් කතාවේ..
හිතවත් කමක් නේද දැනුනේ කියා..
කවදා ද ඉටුවන්නෙ මේ ප්‍රාර්ථනාවන්..
දුක් ගින්දරේ හීන ඇවිලී ගියා...

මායම් තරු රෑනේ.....

මල්හීන හිත බැන්ද කිරිකෝඩු කාලේ..
එක හිනයක් ගාව මම නැවතිලා..
තරු වාගෙ දිලිහෙද්දි පොඩි ඇස් ඔයාගෙ..
බෑ දැන් කියාගන්න හිත ගොළුවෙලා..

දැනගත්ත‍දා ඈත වෙන්වී ගියෝතින්..
හැමදාම විදවන්න මා මෙහි තියා..
නොකියාම ඉන්නම් මගේ ප්‍රාර්ථනාවන්..
මිතුදම් හොදයි අහිමි වෙනවාට වඩා...

මායම් තරු රෑනේ.....

.
ගායනය : අමල් පෙරේරා

෴ මා මුව අගින් හිනැහුනා ෴

~ Maa muwa agin hinahuna ~

මා මුව අගින් හිනැහුනා..
ඈගේ හැඟුම් පිබිදුනා..
ආදර ලොවක් ගැනද ඒ සිතන්නේ..
සොයුරියනේ ඔබට මගේ හද නොලැබෙන්නේ..

රුව දැකලා සිත පිරිලා
හද බැඳිලා තැවෙනු එපා... //

මා මුව අගින්......

මා තනිවී නෑ ලෝකේ
මටද කුමාරියක් ඇතේ... //

මා මුව අගින්......

.
ගායනය - නාමල් උඩුගම

෴ නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ ෴

~ Nim therak nodutu me lokaye ~

නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ
රුදු සපුන් නිබඳ සරනා බිමේ
ඔබේ සිනා වත මගේ නවාතැන
අරුණු විහිදුවාවී ජීවිතයේ

රැල් නගා ගලන ගංගා දියේ
මං වසා දමනු හැකිදෝ කෙසේ
සොයා සයුරු දිය හඹා ඇවිත් ගඟ
සදා සැඟව යාවී සාගරයේ

සිල් බිඳී මුවන් කැලඹූ වනේ
බිම නොලා නෙලූ පල මාවතේ
සදා ඔබේ ගිම් බෙදාගනිම් මම්
තැවුල් සැඟව යාවී මාරුතයේ

.
ගායනය -   සුනිල් එදිරිසිංහ

෴ සිහින සිත්තරාවි ෴

~ Sihina siththarawee ~

සිහින සිත්තරාවි - ඇස් බිම බලා සිනාසී..
සබකෝලකම් කරාවි - හිත ආදරෙන් පිරේවි..
මට නුහුරු ඉඟි කරාවි - උන්මාදකම් ගෙනේවි..
රතු කම්මුලත් ශ්‍රියාවි - සිපගන්නමයි හිතේවි..
සිහින සිත්තරාවි - ඇස් බිම බලා සිනාසී..
සබකෝලකම් කරාවි - හිත ආදරෙන් පිරේවි..

මද සිහිලසක් වගේ - මා නිවාලමින්
සැනසුමක් ගෙනේවි..
මුළු ජීවිතේ පූරා - අරමුණක් තියා
හීනයක් තනාවී..
මුදු සීත නිල් දියට - තඹර මල වගේ
ලෙන්ගතුයි කියාවි..
ඔබ දීපු ආදරේ - මහ මෙරක් තරම්
මගේ හිතේ දරාවි..
ආදරේ දැනේවි..

සිහින සිත්තරාවි.......

සඳ පාන පීරමින් - පිපෙන කුමුදු මල්,
නුඹ වෙතයි සුගන්දේ..
තරු අහුරු අම්බරේ -  මවන රූ රටා,
නුඹ නිසයි සිනාසී..
දුර දුවපු හිත අරන් - ලඟට ලං කරන්,
ආදරෙන් තවාවී..
මට නුඹ තරම් තවත් - නෑ සිතුම් පෙළක්,
හදවතේ ගැහේවි..
ආදරේ දැනේවි..

සිහින සිත්තරාවි.......

.
ගායනය - රොෂාන් ප්‍රනාන්දු

෴ හැඬෙන්නට කඳුලුත් නෑ ෴

~ Handennata kanduluth na ~

හැඬෙන්නට කඳුලුත් නෑ.. රිදෙන්නට හිතකුත් නෑ..
මගේ ජීවිතේ... මගේ ජීවිතේ...
නින්ද මට අද උරුම නෑ.. තවත් හිත රවටන්න බෑ..
ඔබ මගේ ලඟ නෑ..  ඔබව මට හිමි නෑ..
හැඬෙන්නට කඳුලුත් නෑ..

සිතාගන්නටවත් බෑ.. ඇයිද මෙතරම් ඔබට ආදරෙ කියලා..
නොදැක ඉන්නට සිතුවත්.. හිත අකීකරු වෙනවා..
හිමි වුනානම්.. ඔබව මට සඳවතියේ..
මගේ පන මෙන් රකිනවා.. මම සත්තයි..

හදාගන්නට නම් බෑ.. හඬන සිත මගෙ ඔයා ගැන විමසනවා..
නොලැබෙනා බව දැනුනත්.. තවත් මම පෙම් කෙරුවා..
ඉන්න සතුටින්.. මගේ සඳරාජිණියේ..
හිමි නැතත් මට ඔයා මගෙමයි... සැමදා...

හැඬෙන්නට කඳුලුත් නෑ.......

.
ගායනය - රෝස් අලගියවන්න

Friday, November 8, 2013

෴ ලා රෝස ෴

~ Laa rosa ~

ලා රෝස නා මල් සඳුන් සුවඳින් හද නැහැවිලා..
මා නෙත් බොඳ වුනේ පිවිතුරු නුඹේ සෙනෙහෙ දැනිලා..
දෑතින් අල්ලා ඔහේ යන්න පියඹා..
මැව් හීනේ සිඳී මා තනිවුනා...

නුහුරු මිහිරෙන් ඔබේ
නෙතු දිලී පියවිලා
සිත පුරා පෑව හද පුදා වින්ද
ආදරෙත් සැඟවූවා

දෑතින් අල්ලා .................

ඈත කඳු නිම්නයේ සිටියදී පියඹලා
පුංචි රන්පාට සමනල්ලු රෑන අද වගේ සිහිවුනා
දෑතින් අල්ලා මගේ සිතම සිඹලා
පෑ සෙනෙහේ තියේ මා දිවිතුරා

ලා රෝස ......................

.
ගායනය - සුපුන් අයේශ්මන්ත විජේබණ්ඩාර (චිලී)

Thursday, November 7, 2013

෴ ඔබ එනතුරා ෴

~ Oba ena thura ~

නුඹ නැති පාළුව දැනේවි ලඳුනේ
ලඟ උන් කාලේ සිහිවීලා...//

නොපෙනී යන තුරු බලාන උන්නේ
දෑසේ කඳුලැලි හංගාලා..

නුඹ එනතුරා.. මග බලා.. ඉන්නෙමී මගෙ රත්තරං..
ලඟ ඉඳන්.. තුරුලට අරන්.. සනසමී මගෙ ආදරෙන්..

කෙරම් දුරකින් උන්නත් ලඳුනේ..
නුඹගේ සෙනෙහස මා ලඟමයි..
දකිනා  හීනේ සිතුවම් වන්නේ..
නුඹගේ රුවමයි රෑ නොනිදා..

කොතරම් දුරින්.. නොපෙනී උන්නත්..
මගෙ ආදරේ නුඹටමයි..

නුඹ එනතුරා.. මග බලා..
ඉන්නෙමි මගෙ රත්තරං... ///

ලඟ ඉඳන්.. තුරුලට අරන්..
සනසමී මගෙ ආදරෙන්..

ඉන්නෙමි මගෙ රත්තරං..

.
Artist - STEPPERZ

෴ ආදර මල් පාරේ ෴

~ Adara mal pare ~

ආදර මල් පාරේ
සීතල මිදුම් අතරේ
ඇවිදින්නට පෙර වාගේ
නුබ එනවද සංසාරේ... //

දුටුවේ යන්තම් ඔබගේ සේයා
ඇඳුනේ සිත්තම් දැසේ ඡායා
බැදුනේ මා හද ඔබගේ සේයා
තවමත් සිහිවේ ඔබගේ මායා

දුටුවේ යන්තම්..
ඇඳුනේ සිත්තම්..

රිදවන්නේ නැ නුඹට
පණ මෙන් වටි තවම
කඳුලින් තෙමා දෙනෙත
හඬවන්නේ නැ නුබව
සිතුවම් ඇඳේ මසිත
නුඹගේ සිනා මඩල
සිහිවි තැවේ මසිත
කඳුලින් තෙමේ දෙනෙත..

ආදර මල් පාරේ......

.
Artist - Stepperz

෴ ආයෙත් හඩන්න ෴

~ ayeth hadanna ~

ආයෙත් හඩන්න කදුලක් උනන්න
ඇයි අපි මේ හමුවන්නේ
හිමි නැති ඔයාව හිත යට තියාන
දුක් විදලයි හිත හැදුවේ
ඔබ හිනහෙන්න ඔබෙ රජ දහනේ
මං තාමත් මගෙ තනි හීනේ
දුප්පත්කමට නෑ හිමි ප්‍රේමේ
එකයි මං ඔබෙන් වෙන් වෙන්නේ...

ආඩම් බර රුව දැකලා
සිත ආයෙත් උමතු වෙලා
සගවන්නට බැ කිසිදා
පුංචී පෙම්පත් කථා
අපේම ලොවේදී අපි මුනගැසේවී
සිතෙනුත් පෙම් කරලා
ඔබ දුර ඇදේවී මං ඉකි බිදිවී
අපි ඈතයි සැමදා ....

සදාතනික පෙම පතලා
තනිකඩ සිත් මුලා වෙලා
ඇති නැති දුරක තියා
සත්තමයි පෙම් කලා
අපේම ලොවේදී අපි මුනගැසේවී
සිතෙනුත් පෙම් කරලා
ඔබ දුර ඇදේවී මං ඉකි බිදිවී
අපි ඈතයි සැමදා ....

.
ගායනය: තීක්ෂන අනුරාධ

෴ මගෙ හිතට එය දැනුනා ෴

~ mage hithata eya danuna ~

මගෙ හිතට එය දැනුනා.. මට ආදරේ හිතුනා..
මගෙ හීනයේ මට තුරුළු වූ.. ඒ ඔබම දැයි...
මගෙ නෙතට එය දැනුනා.. උණු කඳුලකින් තෙමා..
ඒ රාත්‍රීයේ මට හීතලෙන් තුරුළු වූ..

මගෙ ජීවිතේ පුරා.. ඔය රුව සටහන් වෙලා..
මට ජීවිතේ දුන් ආදරි ඒ ඔබම දැයි...

මම ලියු පෙම් කතාවේ සුර කුමරියක් උන්නා
ඒ කුමරිගෙ හිනාවේ මට ආදරේ තිබුණා... //
මම හීනයක් දුටුවා ඔය රුව මගෙම දැයි කියා
මගෙ හිත් කොනේ බැඳි ආදරී ඒ ඔබමදයි

මගෙ හීනයේ ඇවිත් ඔයා.. මගෙ ආදරේ අලුත් කලා..//
මම ආදරේ වෙලා මටත් හොරා ඒ ඔබට දැයි..

සිහිනයෙන් දුටු කතාවේ මගෙ තොල් පෙතිත් තෙමුනා
ඔබ ලගින් උන් වෙලාවේ සිත ආලකම් කෙරුවා... //
මම ලෝභ කම් කෙරුවා.. ඔබ මට අහිමි වෙයි කියා..
මගෙ හිත් කොනේ බැදි ආදරී.. ඒ ඔබම දැයි...

මගෙ හිතට එය දැනුනා.. මට ආදරේ හිතුනා..
මගෙ හීනයේ මට තුරුළු වූ.. ඒ ඔබම දැයි...
මගෙ නෙතට එය දැනුනා.. උණු කඳුලකින් තෙමා..
ඒ රාත්‍රීයේ මට හීතලෙන් තුරුළු වූ..
ඔබ කීව ඒ කතා.. මා මුව ගී තයක් වෙලා..
මම මගෙ හිතින් මගෙ ජීවිතෙන් ආදරේ කලා..

මා දෙස ආදරෙන් බලා..
මගෙ හිත කොනිත්තයි ඔයා..
සත්තයි ප්‍රියේ මම දන්නෙ නෑ ඒ ඔබ කියා......
සත්තයි ප්‍රියේ මම දන්නෙ නෑ ඒ ඔබ කියා......

.
ගායනය - ශිහාන් මිහිරංග

Tuesday, November 5, 2013

෴ වෙන්වෙන්නට හිත කීවොත් ෴

~ Wenwennata hitha keewoth ~

වෙන්වෙන්නට හිත කීවොත්.. ඔබ වෙන් වෙනවා ද..
හැර යන්නට හිත කීවොත්.. මා හැර යනවා ද..
තනි වෙන්නට හිත කීවොත්.. තනිකර යනවා ද..
යලි ඒන්නට හිත කීවොත්.. ඔබ යලි එනවා ද..

ජීවිතේ පැතු ආදරේ..
සොයා දුන්නු නුඹ ආදරි..
මා හදේ ඇතිරුවා..
ආදරේ පාට යාවෙවී... //

පමා වී නෑ වගේ දරා ගමු ආදරේ..
මේ දුක් ආදරේ නාමයෙන්..
අපේ ආදරේ නාමයෙන්..

සෙනෙහසේ නවාතැනේ..
ලැගුම් දුන්නු මගෙ පෙම්බරි..
ආයෙනම් රිදවන්නෙ නෑ..
බලා ගනිමි මගෙ පණ වගේ... //

දුරස් වී නෑ වගේ දරා ගමු ආදරි
මේ දුක් ආදරේ නාමයෙන්..
අපේ ආදරේ නාමයෙන්..

වෙන්වෙන්නට හිත කීවොත්......

.
Artist - Jude Rogans

෴ යමන් බණ්ඩො වෙසක් බලන්න ෴

~ Yaman bando wesak balanna ~

යමන් බණ්ඩො වෙසක් බලන්න
ගනින් බර බාගේ බඳින්න
පාර දිගේ එළි බල බල
මහ පාරේ හරි කලබල‍
යමන් බණ්ඩො වෙසක් බලන්න... //

කොළඹ නගරෙ මගෙ බණ්ඩෝ..
බජාර් එකේ මම සැන්ඩෝ
බින් කුන්ඩෝ කුරු කුන්ඩෝ..
රජ්ජුරුවෝ මම බණ්ඩෝ..
ඒ බණ්ඩෝ යමන් පුතෝ..
කොළඹ වෙසක් බලපන්ඩෝ..
සුදු බණ්ඩෝ කළු බණ්ඩෝ..
කොළඹ ගෑණු ලස්සනදෝ

යමන් බණ්ඩො....

බණ්ඩා කොන්ඩෙ බැඳලා ජයට..
නැමි පනාව ගහලා උසට
සුයිට් රෙද්ද ඇඳලා බණ්ඩා..
අන්න බණ්ඩා යනවා කොළඹ
ඩබල් ඩෙකර් යනවා පාරේ..
අයින් වෙයන් ඇයි යෝධියෙ
මාරු වුනොත් මගෙ මැණිකේ..
මන් මැරෙනවා කොළඹ නගරේ

යමන් බණ්ඩෝ... ///

.
Artist -  Desmond De Silva

Monday, November 4, 2013

෴ යන්න දෙන්න මට ෴

~ Yanna denna mata ~

යන්න දෙන්න මට ඈතට ඈතට
එන්න එපා නුඹ මෑතට..
නුඹ ඇවිදින් කළඹපු හිත
හදා ගත්තෙ හරි අමාරුවෙන්..
මං හදා ගත්තෙ හරි අමාරුවෙන්..
හ්ම්..හ්ම්....හ්ම්ම්ම්....

මා අභියස... කැරකි කැරකි...
මා අභියස කැරකි කැරකි
සිතුවිලි වල පැටලි පැටලි
බලාපොරොත්තුවෙ මල් පුබුදා...
යන්න ඔනෙනම් නෑවිත් ඉන්න ඇයි බැරී...
ඇයි බැරී.....

රැල්ළ ඇවිත්... වෙර‍ළ සොයා...
රැල්ළ ඇවිත් වෙරළ සොයා
යළි දියඹට ඇදෙන නියා..
නුඹත් මගේ හදවත ක‍ළඹා....
ඉන්බ්‍න වගේ ඇවිදින් නුඹ යන්න යන හැටී...
යන හැටී.......

යන්න දෙන්න මට ඈතට ඈතට..
එන්පා නුඹ මෑතට...
නුඹ ඇවිදින්.. කළබපු හිත..
හදා ගත්තෙ හරි අමාරුවෙන්...
මං හදා ගත්තෙ හරි අමාරුවෙන්...
හ්ම්..හ්ම්....හ්ම්ම්ම්....

නුඹ ඇවිදින් කළඹපු හිත
හදා ගත්තෙ හරි අමාරුවෙන්.....
මං හදා ගත්තෙ හරි අමාරුවෙන්
හ්ම්..හ්ම්....හ්ම්ම්ම්....
නුඹ ඇවිදින්.......

.
Artist - Sewwandi Ranatunge

෴ සුදු පිච්ච මල් ෴

~ Sudu pichcha mal ~

සුදු පිච්ච මල් හිනා පේලි වැහි වස්සන
සොඳුරු වදකාරී ආදරේ ඉල්ලන
සුදු පිච්ච මල් හිනා පේලි වැහි වස්සන
සොඳුරු වදකාරී ලු මං ආදරේ ඉල්ලන

ඔබේ සුන්දර සිත මට සොරකම් කරන්න ආසයි
ඒ වරදට මට ඔබගේ වෙන්නත් ආසයි... //

ලලල්ලා ලලල්ලා ලාලා... //

සුදු සඳ එලියට ඇහැරෙයි කොඳ මල්
රෑ පුරා... හා හා
ඔබේ නෙතු කැල්මට නොපිපෙද පෙම් මල්
සිත පුරා... හ්ම් හ්ම්

මේ ආල වන්ත කම්....
ඉවසන්නේ... කොහොමද මං...

නිල් දිය කළඹන සුළඟක් වාගේ
නිදිවරා... හා හා
හදවත පුබුදන රහසක් කියමුද
රෑ පුරා... හ්ම් හ්ම්

මේ ආල වන්ත කම්....
ඉවසන්නේ... කොහොමද මං...

සුදු පිච්ච මල් හිනා...........

.
ගායනයා - තීක්ෂණ අනුරාධ සමගින් සෙව්වන්දි රනතුංග

෴ කඳුලු බිඳක් මා වෙනුවෙන් ෴

~ Kandulu bindak ma wenuwen ~

කඳුලු බිඳක් මා වෙනුවෙන්..
නොසැලෙන්නයි ඔබේ ඇසින්..
ආදරයේ අනුකම්පා..
අයදින්නට එපා මගෙන්... //

කුළුඳුල් සෙනෙහස ඔබගේ..
පුද කලදා එකම සිතින්..
ඔබ දෙගුරුන් නොපැතූ මා..
ලොව තනි වේ නම්...

කඳුලු බිඳක්.....

එක මඟ යනමුත් කිසිදා..
හමු නොවෙනා දෙදෙනෙකු නම්..
තනිවෙන්නම් සැමදා මා..
ඔබ සැනසේ නම්...

කඳුලු බිඳක්..... //

.
ගායනය - රූකාන්ත ගුණතිලක