Friday, October 25, 2013

෴ දේදුන්න වාගේ ෴

~ Dedunna wage payanna aye ~
   
‍දේදුන්න වාගේ පායන්න ආයේ
පායන්න ආයෙ කිව්වා
ඈ එන්නෙ නෑනේ පායන්නෙ නෑනේ
දේදුන්නෙ පාට හෙව්වා.... //

ඈ එක්ක උන්නු කාලේ ආදරෙන් තුරුල් වුනා
දේදුන්නේ පාට ප්‍රේම ලෝකයේම ගෑවුනා
ඒ ප්‍රේම ගීතයේ ඔබයි මමයි සිනාසුනා
මේ පාට හීනයේ ඔබයි මගේ සුරංගනා

දේදුන්න වගේ…....

දෑස් වලින් විද්ද හීය මේ හිතේම නැවතිලා
මා ආදරේට කීව ගීත ඈට නෑසෙනා
මේ පෙම් පතුම් දන්න අහස පොළොව යාවුනා
දේදුන්න කෝ ඔයා කියන්න කෝ සුරංගනා

දේදුන්න වගේ…....

.
ගායනය - දුෂ්‍යන්ත් වීරමන්

No comments:

Post a Comment