Sunday, August 31, 2014

෴ සරෝජා - මා තොටින් එන උතුරු හුළඟේ ෴

 ~ Maa thotin ena uthuru hulange~

මා තොටින් එන උතුරු හුළඟේ
ගිණි සිඹින මඩු පල්ලියේ
දෑස් අග මුතු කඳුලු හංගන
සරෝජා මගෙ දෝණියේ
වෙඩි හඬට පොඩි අකුරු ඇදවෙයි
මක් කරන්නනද පැංචියේ
ගුරුතුමී මා සිසුවියයි නුඹ
ඒත් අපි එක පංතියේ...

කරවටේ අත දමා හිනැහුනු
කෝ නුඹේ පොඩි යාළුවන්
දයාවක් නැති ලෝකයක් දැක
උන් ගිහින් පැන මායිමෙන්
තාත්තා හීනෙන් ඇවිත් අත වනන
තුරු කඳවුරු දොරින්
කාටවත් නැති දුවේ කවුරුන්
නුඹ රකීවිද සෙනෙහසින්...

මන්දිරේ දොර නුඹව කැඳවයි
බේබිලා හඬනා හඬින්
මායිමේ වැට හඬගසයි හෙට
අවි දරා රකිනා ලෙසින්
දමා ගොදුරට කෙලෙස යන්නද
ඒත් යන්නට වෙයි ඉතිං
වරක් දැක සිත නිවාගන්නට
දුවේ ඩින්ගක් හිනැහියන්...




ගායනය - දීපිකා ප්‍රියදර්ශනී

Wednesday, June 25, 2014

෴ චොකලට් කෑල්ල මගෙ ෴

~ Choclate kalla mage ~

එක දෙක මොණර කාසි පර්ස් එකට එන්නෙ
දැන් පුල් අාතල් එකේනෙ මම හිඳින්නෙ
වැරදුනා යම් තැනක මට දැන් හැඟෙන්නෙ
කෙල්ලට දන් දීලා රිම් එකෙන් උන්නෙ //

චොකලට් කෑල්ල මගෙ සූකිරි බට්ටියා මගෙ
ඔයාව නොලැබුණොත් අනෙ පනිනවා ලෝකාන්තෙ
ඉස්සර කිව්වාට අනෙ ආයෙත් නෑ කියන්න‍ෙ
ඉස්සර කිව්වාට අනෙ ආයෙත් නෑ කියන්න‍ෙ

පංතිත් කට් කරලා ඉන්නෙ ඇය බලන්න
කරුමෙට සෙට්වුනා මගෙ වත හිඳෙන්න
තිබුණට බූට් සොමිය මේ හඳ පිරෙන්න
දැන් දුක නෑ ඉතුරු වෙනවා හැම සතේම

චොකලට් කෑල්ල මගෙ...

වදයක් නෑ රෑට නෑ මල් කඩන්නෙ
ඉස්සර මෙන් නෑ ඩබල් ටිකට් ගන්නෙ
වියදම දැන් නෑ මචං ඩබල් වෙන්නෙ
බූට් එකක් නමුදු ආතල් එකක්නෙ //

චොකලට් කෑල්ල මගෙ...

Artist - SJS

Monday, May 26, 2014

෴ මගෙ ඇස් වලින් ෴

~ Mage as walin ~

මගෙ ඇස් වලින් වැටෙනා කඳුලක් ඔබට සතුටක් නම්
හිනැහෙන්න මගෙ මේ නෙත් යුගල දෙස බලාගෙන තවකල්
ඔබ මා වෙතින් සමුගෙන ගිහින් අදට සිව් වසරක්
මතුදාක හරි යලි මුණගැහෙන තුරු බලා හිඳිනෙමි මං

ඔබ වෙතට පැමිණෙන්න අවසර නැතත්
එක හිතක උතුරන්න සෙනෙහස ඇතත්
පිළිගන්න බෑ ඔබ මා රැවටුව තරම්
කවදාක හමුවෙයිද අපි ආයෙමත්

මගෙ ඇස් වලින්......

දුක හිතුන හැමවිටම ඔබ සිහිවුනත්
ඔබ නැතිව මට ඉන්න බැරි බව දැනත්
අදහන්න බෑ හැරදා ඔබ ගිය දුරත්
කවදාක හමුවේද අපි ආයෙමත්

මගෙ ඇස් වලින්.......

.
ගායනය - දසුන් මධුෂාන්

Saturday, April 19, 2014

෴ කොහේ හරි ඉඳන් ෴

 ~ Kohe hari indan ~

කොහේ හරි ඉඳන් බලාගෙන ඇති
හිතේ කකියන ආදරය ගැන..
මගෙන් වෙන්වු මගේ රන් කඳ
මටත් නොපෙනෙන ලෙසින් හිඳ
තරුවක්ව මා පායනා විට
තරුවක්ව මා පායනා විට
කොහේ හරි ඉඳන් බලාගෙන ඇති
හිතේ කකියනා ආදරේ ගැන..

නුඹේ කඳුලැල් මගේ කඳුලැල්
බොහෝ කල් ගෙන රිදවනා විට.. //
හදාගන්නට ලතවෙනා තැන
ආදරය මට අසරණයිද
හදින් හඬවමින් මුමුණනා මේ
ගීය ඔබමය..

කොහේ හරි ඉඳන් බලාගෙන ඇති
හිතේ කකියන ආදරය ගැන...

නුඹේ හසරැල් මගේ හසරැල්
මුහුදු රැල්ලක ඉකිබිඳින සඳ.. //
වාවගන්නට හිත හයිය නෑ මට
පියවෙලා ඇස් සදහටම නුඹේ
ඈත අහසේ හඬනා රහසේ
තනි තරුව මම..

කොහේ හරි ඉඳන් බලාගෙන ඇති
හිතේ කකියන ආදරය ගැන..
මගෙන් වෙන්වු මගේ රන් කඳ
මටත් නොපෙනෙන ලෙසින් හිඳ
තරුවක්ව මා පායනා විට
තරුවක්ව මා පායනා විට
.

ගායනය - මලික් පෙරේරා

Monday, April 7, 2014

෴ මගෙ සුරතෙ දිව්රා ෴

~ Mage surathe diwra ~

මගෙ සුරතෙ දිව්රා ම‍ගෙම හිස සිඹලා
ඔබම මගෙ කීවා ලොවම සුභ පැතුවා
ආදරේ සිතුවමක් දෝ කඳුලකින් අඳිනා
ජීවිතේ මට නොතේරේ තේරුමක් තියෙනා..

සිත්බැන්ඳ නෙත් කැල්ම සඳ කින්නරි
කොයි යන්නෙ සැඟවී ඔයා
ඔය දෑස දැකගන්න උන්නේ බලා
ආදරය පාවී ගියා...

මගෙ සුරතෙ දිව්රා....

සිත්බින්ඳ නෙත් කැල්ම රණ හන්සනී
ඇයි යන්නෙ ලතැවුල් මවා
ඔබෙ දෑත රැකගන්න නැතිදෝ වරම්
ආදරය වියැකී ගියා..

මගෙ සුරතෙ දිව්රා....



ගායනය - රකිත වෙලන්ගොඩ

Friday, March 7, 2014

෴ ඔබ ලග නෑ ආදරේ ෴

~ Oba laga na adare ~

ඔබ ලග නෑ ආදරේ.. මා සොයනා ආදරේ..
හඳුනන්නේ නෑ ඔබ සැබෑ ආදරේ..
ඇතිතෙක් මගෙ ජීවිතේ..
ඔබටයි මං ආදරේ..
ඔබ දන්නෙ නෑ මගේ ආදරේ..

තනිකම දැනුනා මගේ ජීවිතේ..
සිහිනෙන් පෙනුනා ඔබව තුන්යමේ..
සියොලඟ සැලුනා සිහිවෙලා මෙසේ..
කවදා හදුනාවිදෝ මගේ ආදරේ..

ඔබ ලග නෑ ආදරේ....

ඔබ ලඟ නැතිදා ගෙවන ජීවිතේ..
අරුතක් නම් නෑ නොලැබ ආදරේ..
හදවත රිදුනා කඳුළු ජීවිතේ..
හැරදා ඔබ යාවීදෝ නොදී ආදරේ..

ඔබ ලග නෑ ආදරේ....


ගායනය - රෝස් අලගියවන්න

Monday, March 3, 2014

෴ සිළුමිණ සෑය වදිම් ෴

~ Silumina saya wandim ~

සිළුමිණ සෑය වදිම් රම්‍ය තව්තිසා භවනේ
පතමින ශාන්ත අමා සුන්දර සම්පත් නිවනේ
ගලනා මිණි කද සේ නිල් සිසිල් ජලෙන් හොබනා
ලංකාර වූ අනොමා ගංගා තිරෙ දී එදිනා

සිරිමත් සිරි සිදුහත් කපාලා තමන් හිසකේ
මම මතු බුදු වේ නම් රැදේවයි සිතා ගුවනේ
අහසේ දැමුව ලෙසා සක් රජුන් මහත් තෙදිනා
රැගෙනා සන්තොසිනේ රම්‍ය තව්තිසා භවනේ

සිළුමිණ සෑය සදා කේසදා නිදන් කරලා
සෑමා අමුදගෙනා තුන් නිවන් පතා වදිනේ
සිළුමිණ සෑය වදිම් රම්‍ය තව්තිසා භවනේ
පතමින ශාන්ත අමා සුන්දර සම්පත් නිවනේ

Artist: Ahamad Mohideen,
නව ගායනය - සමීතා මුදුන්කොටුව 

Wednesday, February 26, 2014

෴ සඳ පිණි දිය ෴

~ Sanda pinidiya gala helena ~

සඳ පිණි දිය ගලා හැලෙන පාළු හිතෙන හැන්දෑවක
හෙමින් හෙමින් මටත් හොරෙන් නුඹව හිතට දැනුනා
සිහින ගෙනෙන රාත්‍රියක සන්සුන් නැති හිතට එබෙන
නුපුරුදු සිහිනයක් වගේ නුඹව හිතට දැනුනා..
නුඹව හිතට දැනුනා..

කඳුලු කතා අමතක වී පෙම්වත් වු සිතුවිලි ලඟ
ලියවෙන හැම කවි පදයම නුඹේ නමට ගෙතුනා
සසරේ මං හැමදාකම නුඹේ ලඟට වී..
නුඹේ ලඟට වී..

ලෙන්ගතු ඔය නෙතු පාමුල පැතුමක් වී සදාකල්ම
නුඹේ නමින් මිය ඇදෙන්න මගේ හිතට හිතුනා
සසරේ මං හැමදාකම නුඹේ ලඟට වී..
නුඹේ ලඟට වී..

.
ගායනය - රදීශ වැන්දබෝනා

Saturday, February 22, 2014

෴ කඳුලැල් උහුලන් ෴

~ Kandulal uhulan ~

කඳුලැල් උහුලන් හිත ගැල්වූ වේදනා
විඳිමී රහසින් පෙර මතකයේ එල්ලිලා
ඔබ මෙන් තවකෙකු හා යන්නට හිත නැති නිසා
තනිවී විඳිමී ආදරයේ වේදනා

කෙටි කලකදී මේ හිතට වී පෙම් හැඟුම් අවුලුවා
රහසේ සැඟවී ඈතටම වී නෙත හොයයි කෝ කියා
නොසිතු මොහොතේ ගියත් මා හඬවලා
නැවත එනකම් බලා ඉන්නම් සදා

හඬා වැලපී දවස ගෙවමී පැතු හීනෙට වෙලා
හුස්ම වැටෙනා තුරා හිඳිමී තවත් හිතකට නොයා
නොසිතු මොහොතේ ගියත් මා හඬවලා
නැවත එනකම් බලා ඉන්නම් සදා

කඳුලැල් උහුලන් හිත ගැල් වූ වේදනා
විඳිමී රහසින් පෙර මතකයේ එල්ලිලා
ඔබ මෙන් තවකෙකු හා යන්නට හිත නැති නිසා
තනිවී විඳිමී ආදරයේ වේදනා...


.
ගායනය - ජූඩ් රොගන්ස්

Sunday, February 16, 2014

෴ මේ හිත රහසින් කීවා ෴


~ Me hitha rahasin keewa ~

මේ හිත රහසෙන් කීවා නුඹමයි ඕනා..
සසරේ සරනා හැම වාරේ නුඹමයි ඕනා...

මේ හිත රහසෙන් කීවා නුඹමයි ඕනා..
සසරේ සරනා හැම වාරේ නුඹමයි ඕනා...

සියදහසක් තරුනෙතු පීරා
සෙව්වේ ඔය රුවමයි සැමදා
මගේ නෙතු නොපියා
හද උණුහුම සුසුමක දවටා
මගෙ පපුවේ ගුලිවී හිදිනා
ඔය රුව අද මගෙම වෙලා (ඕ.. ඕ.. ඕ..)

මේ හිත රහසෙන් කීවා නුඹමයි ඕනා..
සසරේ සරනා හැම වාරේ නුඹමයි ඕනා...

නුඹේ ඔය නෙතේ එළියෙන් මා හිනැහුනේ.. (ඕ.. ඕ.. ඕ..)
හිතේ හැම අතේ රුව ඇඳිලා නුඹ මගේ..
මේ හද ගැහෙනා හැම වාරේ නුඹමයි ඕනා..
නෙතු ගැටෙනා හැමවාරේ නුඹමයි ඕනා..

හීන පිරුණු ජීවිතේ..
ගීතයයි ආදරේ..
නුඹ නැතිව මං කෙසේදෝ..
ඒ ගී ගයන්නෙ..
හැම විට නුඹ සිහිවුනේ..
නුඹ මගේ ජීවිතේ..
මියැදුනොත් පෙර අයෙකුගේ..
කවදාක හෝ නුඹේ..

නුඹගේ තුරුලයි මම පැතුවේ..
හැරයන්නට නෑ හිත කීවේ..
දිවිතුරා සැමදා...
කඳුලේ සුසුමේ ලැබඋන්නෙ..
සිනහව නුඹ හින්ඳයි මැවුනේ..
නුඹ හිඳිනා අද මා..  (ඕ.. ඕ.. ඕ..)
මේ හිත හැසුවා නුඹ සොයනා
කවුරුදු ඕනා
උපදින සසරේ හැම වාරේ නුඹමයි ඕනා

මේ හිත රහසෙන් කීවා නුඹමයි ඕනා.....  
 .

ගායනය - දිනේෂ් තරංග / ශානිකා මධුමාලි


෴ මගේ හිතේ ෴

~ Mage Hithe ~

ඔබ සොයාලා කකියනා නෙතේ ඉවසුමක් නැතුවා
හද හඬාලා වැළපෙනා දිනේ ඔබ යලිත් දැනුනා
ආයේ නොඑන්න මා ගියත් පාළුවේ දමා
මාගේ සිනා පාවුනා ඈත ගියදා එදා
මගේ හිතේ ඔයා කෙරේ යලි ආදරේ පිරිලා
ඔබේ නෙතේ තියා හැඬු වේදනා දැකලා

හෙමිහිට මාගේ නෙතුළඟ කඳුලැලි රූරාලා
හැමතැන වාගේ ඔබේ රුව මැවි මැවි පායාලා
වෙන්වුනත් මේ වාසනාවෙන් මා දුකක් දීලා
ඉන්න බෑනේ පාලුවෙන් නම් සෝ තැවුල් ඉවසා
මගේ හිතේ ඔයා කෙරේ යලි ආදරේ පිරිලා
ඔබේ නෙතේ තියා හැඬු වේදනා දැකලා

ඉඳහිට ආයේ හමුවෙලා දොඩමලු වී මා හා
ඉමු පෙර වාගේ සැනසිලා මදකට ලං වීලා
කවුරුවත් නෑ මේ තරම් නම් ආදරේ දීලා
යන්නේ නෑ මං හීනෙකින්වත් තාරුකා සොයලා
මගේ හිතේ ඔයා කෙරේ යලි ආදරේ පිරිලා
ඔබේ නෙතේ තියා හැඬු වේදනා දැකලා

ගායනය - ශෙහාන් කෞශල්‍ය

Sunday, February 9, 2014

෴ චකිතය ෴

~ Chakithaya ~

සේයාවක්වත් හද තුල මා නොවන ලෙසේ
මායවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ
සේයාවක්වත් හද තුල මා නොවන ලෙසේ
මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ

චකිතය වත් නැතිද නැවතුවේ...
මතකය කෙලෙසදො මියැදුනේ...

හද දැවුනා කඳුලේ ගිලුනා
නෙතු නිවුනා අඳුරේ එතුනා..
නිවුනා ලොකේ දැවුනා
ඔබ නිමැවූ සිහිනේ බිඳුනා..

කඳුලැල්ලක් වත් නෙත තුල මා නොරැදෙන සේ
මගෙ ලොව ගිනි දැවෙනා යලි නොනිවෙන සේ
කඳුලැල්ලක් වත් නෙත තුල මා නොරැදෙන සේ
මගෙ ලොව ගිනි දැවෙනා යලි නොනිවෙන සේ

චකිතයවත් නැතිද නැවතුවේ...
මතකය කෙලෙසදො මියදුනේ...

හද දැවුනා කඳුලේ ගිලුනා
නෙතු නිවුනා අඳුරේ එතුනා
නිවුනා ලොකේ දැවුනා
ඔබ නිමැවූ සිහිනේ බිඳුනා...

නිමේශයක් විය අපේ ලෝකේ
සමනලයින් සේ පියම්බුවත් ඒදා
චපල හැගුම් ඔබෙ මා දැවූයේ
මායාවේ නෑ මා යලි බැඳෙන්නෑ
මායාවේ නෑ මා යලි බැඳෙන්නෑ

හද දැවුනා කඳුලේ ගිලුනා
නෙතු නිවුනා අඳුරේ එතුනා
නිවුනා ලොකේ දැවුනා
ඔබ නිමැවූ සිහිනේ බිඳුනා... //
 
ඔබ නිමවූ සිහිනේ බිදුනා...

Nemesis Artist