Thursday, October 24, 2013

෴ නොදැක ඉන්න බෑ ෴

~ Nodaka inna ba ~

නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී
නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරේ
නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ

නොදැක ඉන්න බෑ මටනම් මගේ ආදරී

පැහැදුල් කතා මතකේ වෙලා
දෙනුවන් තෙමා පියමන් කලා
පෙර පෑ සිනා පාවී ගියා මා හැරදමා
සිහිවේනවා ඔබ කී කතා මුළු රෑ පුරා
මතකේ දරා හිඳිමී සදා..
මතකේ දරා හිඳිමී සදා..

මිහිදුම් වලා සළුවෙන් වෙලා
පැතුමන් දරා රකිමී සදා
පෙර පෑ සිනා පූජාකලා අදුරේ තියා
සගවා දමා මේ වේදනා යලි එනතුරා
දිවියේ පුරා හිඳිමී බලා..
දිවියේ පුරා හිඳිමී බලා..

නොදැක ඉන්න බෑ......

.
ගායනය - රුවන් හෙට්ටිආරච්චි

No comments:

Post a Comment