Thursday, October 31, 2013

෴ මීවිත පිරුණා ෴

~ Meevitha piruna ~

මීවිත පිරුණා මැදියම් රෑ
ඔබ නැති පාළුව දැනුනා ඉවසුම් නෑ..

නෙතු ලඟ සීතල මැවුනා
කඳුලක් තාලෙට හැලුනා
මා හද හැඬුවා ඔබ දන්නෑ.... //

සියොලඟ තෙමුනා තුරුලට වී
සඳ ගිනි ගත්තා උණුසුම් වී
මතකට පමණයි ඈ මියැදී
මේ තනි යහනේ මා තනි වී..

නෙතු ලඟ සීතල මැවුනා
කඳුලක් තාලෙට හැලුනා
මා හද හැඬුවා ඔබ දන්නෑ.... //

මීවිත පිරුණා.....

වාවනු බෑ හිත නිනි ගද්දී
මට උණුසුම විතරයි ඔබ ඉද්දී
සුදු පාටින් ඇයි ඔබ සැරසී
ඔය නිල්නෙතු නිහඬයි අද දියවී..

නෙතු ලඟ සීතල මැවුනා
කඳුලක් තාලෙට හැලුනා
මා හද හැඬුවා ඔබ දන්නෑ.... //

මීවිත පිරුණා.....

.
ගායනය - දිනේශ් අබේවික්‍රම

෴ සරා සඳේ ෴

~ Sara snade ~

සරා සඳේ සිනා සේලේ ගිලිහී වැටිලා
වලා තලේ ඔබේ දෑසේ සිනහා මැවිලා
තනිවි අඳුරේ සුසුමේ වෙලිලා...

වැතිරි සීත මීදුම් යායේ
හදේ වේදනා...//
හඬා වැටේ එදා ඇසු ඔබේ ගීතිකා

සරා සඳේ....

සැඟවී ඈත මේ හැම යායේ
කොහේ පාවෙලා...//
මිලාන වී ගියාද ඒ සිනා වාසනා

සරා සඳේ.....


ගායනය - එච් . ආර් . ජෝතිපාල

Wednesday, October 30, 2013

෴ හවසට පායා ෴

~ Hawasata paya ~

හවසට පායා අරුණේ සැඟවෙන
සඳ නැතුවට මට කමක් නැතේ
උදයට පායා හවසට බැස යන
සඳවතියක් මගෙ ලොවේ ඇතේ... //

රැයක දී ඇය මා අසල නැතේ
හවසක එන්නත් වරම් නැතේ... //
ඇගෙ නොලැබීම ද මගෙ නොලැබීම ද
තවමත් මට වැටහිලා නැතේ....

හවසට පායා......

සුළු මොහොතකි මුළු දවසින් ඒ
ඇය ඇසුරේ මා පසු වෙන්නේ... //
ඒ සීමාවෙන් ඉවත පනින්නට
මනසට පමණක් වරම් ඇතේ

හවසට පායා......//


ගායනය - ග්‍රේෂන් ආනන්ද

෴ මට ඔයා මගෙ පණ වගේ ෴

~ Mata oya mage pana wage ~

මට ඔයා මගෙ පණ වගේ
ලඟ නැතත් මගෙ ලඟ වගේ
හිත පුරා රැඳි සෙනෙහසින්
ඔබ මවෙත පිදු දේ ආදරේ... //

ඔයා මගෙ පණ වගෙලු
මට දරාගන්න බැරි ඒකලු
හිනා වෙන්නෙ සඳ වාගෙලු
මට බලා ඉන්න බැරි එකලු
සඳ හොරා ගත්තෙ රෑකලු
මට හිතාගන්න බරි වෙන්නලු
මට නිදාගන්න බැරි ඒකලු

මට ඔයා මගෙ.....

ඔයාවමයි මට ඕනෙලු
මට කියාගන්න බැරි ඒකලු
ඔයාටමයි මං  ආසලු
මට ඔයා නැතුව බැරි ඒකලු
අපි හිනාවුනේ එක පාරලු
රෑ හීනෙන් පේන්නේ මාවලු
මං ඒ හීනේ හරි ලස්සනයිලු

මට ඔයා මගෙ.....

මට හොරා මගෙ ලඟට එයි
අත අරන් මට තුරුලු වෙයි
හිත පුරා රැඳි සෙනෙහසින්
ඔබ මවෙත පිදු දේ ආදරේ..

මට ඔයා මගෙ.....

.
ගායනය - දිලුම් සහ සමීර

Tuesday, October 29, 2013

෴ පෙම් ලොව දුක්ගිනි ෴

~ Pem lowa duk gini ~

පෙම් ලොව දුක්ගිනි මා හට ඈ දීලා..
මා සිත හඬවා ඈ අද සැනසීලා..
ආදර හැඟුමන් මා හට පෙන්නාලා..
ආදර හැඟුමන් මා සිත ඇති කරලා..

මුළු හදින්ම ඈ හට මා පෙම් කලේ..
වෙන හදකට නෑ මං ආදරේ කලේ මේ ලෝකේ..
ඇයිදෝ ඈ මට මෙලෙසින් පිටුපෑවේ..

සුන්දර පෙම්ලොවේ ඈ සසලයි දෝ..
යෞවන පෙම්වතුන් මුලා කරයි දෝ..
යෞවන පෙම්වතුන් මුලා කරයි දෝ..
මා මෙන් ඈ හට තවකෙකු රැවටේදෝ..

මගේ හඬින්ම ඈ ගැන පෙම් ගී ගයා..
මගේ අතින්ම ඈ ගැන පෙම් ගී ලියු පෙම් ලෝකේ..
ඈ සැනසුවා මතකයි අද වාගේ..

පෙම් ලොව දුක්ගිනි....


ගායනය - අතුල ශ්‍රී ගමගේ

෴ විකසිත වත කමලේ ෴

~ Wikasitha wathakamale ~

විකසිත වත කමලේ
නෙත් බඹරුන් පැටලේ
බැල්මට නෙතු සඟලේ
සිත සිතුවිලි සසලේ..

ලදුනේ මා දකිනා
සිහිනේ හද සැලුනා...

විකසිත වත කමලේ...

ඈත නීල අහසේ
පාට දේදුණු දහසක්‌ පායාලා
මාගෙ ජීවිතේ සැණකෙලියක්‌ වාගේ
ඒ ආදරේ...

විකසිත වත කමලේ...

දෑස සිහින රේඛා
කීවේ නෑසු රහසක්‌ කොඳුරාලා
මාගෙ ජීවිතේ මල් උයනක්‌ වාගේ
ඒ ආදරේ..

විකසිත වත කමලේ...

ලදුනේ මා දකිනා
සිහිනේ හද සැලුනා...

විකසිත වත කමලේ...


ගායනය :- සනත් නන්දසිරි

෴ අප හමුවීම වෙන්වීම ෴

  ~ Apa hamuweema wenweema ~

අප හමුවීම වෙන්වීම දෝ ආදරේ
මට රිදවන්නෙපා ආයේ සංසාරයේ
මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ
මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන්...  //

පෙම්වන්තියේ මා හැඬුවා දරා
ප්‍රේමේ නමින් වේදනා
ඒ සිත යාමේ සැමරුම් කියා
ලියවේවි මගෙ චේතනා... //

අප හමුවීම….

රන් තාරකාවෝ දිලුණා එදා
ගෙනදී නැවුම් කල්පනා
මේ ආදරේ නාමයෙන් වේදනා
මතුදා ගෙනේ ප්‍රාර්ථනා... //

අප හමුවීම…. //

.
ගායනය - නාමල් උඩුගම

෴ දිගු දෑස දුටුවාම ෴

~ Digu desa Dutuwama ~

දිගු දෑස දුටුවාම හැ‍ඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද
බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ
මට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙරවාගේ... //

රෑ දිවා හිත පුරා ඇවිලිලා මේ ගින්න
තරු පවා හඬනවා ‍ඔබට නෑ තේරෙන්නේ
හිතට හිත හිමි නැතිද අහනවා හිත මාගේ
ම‍ට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙර වාගේ...

දිගු දෑස දුටුවාම.......

පෙර එදා හමුවෙලා වෙලුනු හැටි මුදු පහසේ
පෙනෙනවා දකිනවා නිහඩ රෑ දුර අහසේ
දුරම මිස ලඟ නැතිද අහනවා නෙතු මාගේ
කවදාද ඔබ එන්නේ නැතුවාද හමුවන්නේ...

දිගු දෑස දුටුවාම.......


ගායනය - රොමේෂ් සුගතපාල

෴ ස්වප්නා තේමා ගීතය ෴

~ Swapna Theme Song ~

ස්වප්නා... ස්වප්නා...

දුහුල් මාරුතේ වෙලි මා ගතේ..
පෑතුම් මොදු විලා සෑදෑ යාමයේ..
හෑගුම් මාවතේ තුරුල්වි හදේ..
මවා ගත්ත ලෝකේ හෑබෑවි මගේ..
ස්වප්නයක් වගේ..
ස්වප්නයක්ද මේ..
දෝරේ යයි ආදරේ..

ස්වප්නා..... ////

ඉටි රුපේ හෑඩ නෑනේ කවදාවත් ඔබ වගේ..
සුදු මුනේ පෙම වෑහේ හෑමදාමත් මගේ වාරේ..
හිත් දේකක් ලන් වෙලා කල්පයක් වගේ..
රත්තරන් ආදරයේ..
ස්වප්නයක් වගේ..
ස්වප්නයක්ද මේ...
දෝරේ යයි ආදරේ

ස්වප්නා..... ////

සඳ පානේ තරු පාරේ ඈවිදින්න යන් එක රෑනේ
නොසිතු සේ දුක ශෝකේ හිමි වුවත් සන්සාරේ
ඈත්තමයි ඔබ මගේ ජිවිතේ වගේ
පාලු නෑ මේ දිවියේ..
හෝ.. ස්වප්නයක් වගේ..
ස්වප්නයක්ද මේ...
දෝරේ යයි ආදරේ..

ස්වප්නා..... ////
ස්වප්නා..... ////


ගායනය - දසුන් මධුෂාන් සහ ශානිකා මධුමාලි

෴ මේ දිගන්තයේ ෴

~ Me diganthaye mal wasanthaye ~

මේ දිගන්තයේ.. මල් වසන්තයේ..
ඈ නිසංසලේ.. මා නිසංසලේ..
නිල් ගුවන් ගැඹේ.. පායනා සදේ..
දන්නවාද ඒ.. පෙම් කතන්දරේ..

සිත නෑ කියන්නේ නෑ.. ගත බෑ කියන්නේ නෑ..
ඇය හාදු දෙන්නේ නෑ.. ඈට තේරෙන්නෑ..
සිතුවැල් රැඳෙන්නේ නෑ.. නෙතුවැල් බැඳෙනනේ නෑ..
පැතුමන් නෙලන්නේ නෑ.. ඈය ආදරේ දෙන්නෑ...

මේඝ මාරුතේ.. රෑට සීතලේ..
යොවුන් හැගුම් මගේ.. තැලී පෙලේ ගතේ..

සිත නෑ කියන්නේ නෑ.. ගත බෑ කියන්නේ නෑ..
ඇය හාදු දෙන්නේ නෑ.. ඈට තේරෙන්නෑ..
සිතුවැල් රැඳෙන්නේ නෑ.. නෙතුවැල් බැඳෙනනේ නෑ..
පැතුමන් නෙලන්න නෑ.. ඈය ආදරේ දෙන්නෑ...

සිත නෑ කියන්නෑ.. ගත බෑ කියන්නෑ..
ඇය හාදු දෙන්නෑ.. ඈට තේරෙන්නෑ..
නෙතුවැල් රැඳෙන්නෑ..  සිතුවැල් බැඳෙන්නෑ..
පැතුමන් නෙලන්න නෑ.. ඈය ආදරේ දෙන්නෑ...

ලදුනේ අනුකම්පා.. නැතිලෝ සිතිලා..
සිත නෑ කියන්නෑ.. ගත බෑ කියන්නෑ..
ඇය හාදු දෙන්නේ නෑ.. ඈට තේරෙන්නෑ..
ඇය මාව දන්නෑ.. මගේ ස්නේහේ දන්නේ නෑ..
කොදුරා කියන්න නෑ දුර ඈත ඉන්නේ ඈ...

ඔබ මට ගෙන දෙන වේදනා..
යලි යලි පාරයි වේදනා චේතනා...
මා දුක් කඳුලේ නෑවෙනා..
වසන්තයේ රෑ.........


(හාදු දෙන්නෙ නෑ) ඈට තේරෙන්නෑ..

ඔබ ගැන සිතමින් රෑ දිවා..
වසන්තයේ මල් පීදිලා...
ඉවත බලාගෙන ඇයි ඔයා...

හා හා හා හා...

මට ඔබ නැති ලොව එපා..
මා සනසනු රෑ දිවා...
මට ඔබ නැති ලොව එපා...

මට ඔබ නැති ලොව එපා..
හා හා හා හා...

රෑ දිවා රෑ දිවා රෑ....

නෙතු වැල් මැලවී.
සිතු මල් වැලපී..
හසකැන් මියැදී..
හද සෝ ගෙනදී... //

.
ගායනය - රූකාන්ත ගුණතිලක

෴ සලා දෙනෙත් යුග ෴

~ Sala deneth Yuga ~

සලා දෙනෙත් යුග ඉගි කර හොරෙන් බලා
සිනා සුනා මට ඔබ ගැන හැගුම් පොවා
කොහේ ගියේ ඔබ මගේ සිත තලා පෙලා
සදාතනයි කියු අපමණ පෙමක් දවා

එදා පෙමින් ඉගි කලේ ඔබයි
සදා දුකින් තනි වුනේ මගේ ලොවයි
අදත් මගේ සිත ඔබට හැගුම් බරයි
දුකින් වුනත් සිත තවමත් ඔබ සොයයි

සලා දෙනෙත් යුග.........

පුරා සදක් ලෙස පෙනේවි දැයි
බලාන ඉන්නවා ඔබ නොපෙනෙයි දුකයි
බිගුන් අරන් ගියේ මගේ මලයි
දුකින් වුනත් සිත තවමත් ඔබ පතයි

සලා දෙනෙත් යුග.........


ගායනය - නිශාන්ත ප්‍රදීප්

෴ පිපුණු මලක හැඩ ෴

~ Pipuna malaka hada ~

පිපුණු මලක හැඩ දෑස සලා
සිතුම් විහඟ කැල වසඟ කලා
මඟතොට රැදි නෙත් දහක් වසා
මතකද අපනෙත් කතාකලා...

කවුරුද ඔබ මා ඉන්නේ කොතැනා
නොම විමසා පෙම ඉඟිමැරුවා
සොඳුරු වසන්තෙක මොහොතක සුවපා
වෙන්වූවා අප සුසුම් දරා...

පිපුණු මලක හැඩ......

මතකේ මැවෙනා පෙර රූ ඡායා
හමුවේදෝ යලි සිත සනහා
ඔබෙ නමටයි මා පාරමි පුරනා
ඇසේවිදෝ මේ ගී මාලා...

පිපුණු මලක හැඩ......


ගායනය - ශාලිත අබේවික්‍රම

෴ ආදරේ රන් බිඟුන් ෴

~ Adare ran bigun ~

ආදරේ රන් බිඟුන් නැසූ
බාදුරා මල ඔබයි ලදේ
ආදරේ රන් බිඟුන් නැසූ
කපුරු මල ‍ඔබ තමයි ලදේ... //

ගලන ගඟුලක් ලෙසින් දුටු
ඔබයි මිරිගුව මුවන් නැසූ... //
රසය ඇතිකර පනත් නැසූ
ඔබයි පැණි බිද විසක් මුසූ...

ආදරේ රන් බිඟුන්... //

රුදුරු ලෙස කැළබිලා හැමූ
සුළඟ ඔබ වෙයි පහන් නිවූ... //
ලෙවන් කීවත් ලදේ සෙනේ
‍සුපුන් සඳ ඔබ තමයි මගේ...

ආදරේ රන් බිඟුන්...//


ගායනය - මර්වින් පෙරේරා

Sunday, October 27, 2013

෴ ලියූ කවිපද දහක් ෴

~ Liyu kavipadha dahak athare ~

ලියූ කවි පද දහක් අතරේ
ලියා ගන්නට බැරිව ලතැවුන
එකම එක දිග පුංචි කවියක්
තවම ලියනවා මං //

නුඹෙ සුවඳ රැදි පපුව ගැඹුරේ
කියා ගන්නට බැරිව සැනහුනු
එකම එක දිග පුංචි පැතුමක්
තවම පතනවා මං //

උණුසුමක් රැඳි පළල් උරයක
වෙලී සැතපී නිදන යුගයක
නුඹෙ සුසුමක් සමග මියැදී
යන්න තිබුනා නම්..
මගෙ දෙනෙත්පෙති තෙමා රිදවන
කදුළු නැ එහෙනම්...

සදවතක රැදි සදළු තලයක
තරු කැටක් වී රැදුනු දවසක
ලතෙක් සෙනෙහස නුඹේ සිත ලඟ
රැදී නොතිබුනි නම්..
මගෙ දරදඬු පිරිමි සිත යට
කඳුළු නැහැ එහෙනම්...

ලියූ කවි පද.......
නුඹෙ සුවඳ රැදි.......

ගායනය - ක්‍රීෂාන්ත එරන්දක
“අනුත්තරා“ තේමා ගීතය

෴ චන්ද්‍රයන් පිදූ ෴

~ Chandrayan Pidu ~

‍සිහිනෙන් වූවත් නෑ මා දුටුවේ..
මාගේ දිවියේ... අන්ධකාරේ...
ඔබගෙන් පෙර නෑ මා කිසිදා හිරු අග බැලුවේ
නෑ මා කිසිදා හිරු අග බැලුවේ
පැතුමන් අඳුරේ සිරවූයේ
ඔබගේ සෙනෙහෙන් ආදරයේ අර්ථය ලැබුවේ
කඳුළැල් දිය දහරා නෙතඟින් නොකැඩී ගලා ගියේ
මා තනිවී
සිසිලෙන් මුවා වූ වස‍න්තේ උදාවූ ලෙසේ

චන්ද්‍රයන් පිදූ කිරණක් සඟවාලා හොරෙන්
වර්ණවත් කලේ මාගේ සිහිනේ ඔබේ නමින්
වැගුරු ඒ කඳුළැල් බිඳු වියැකි සෙමෙන්
ඔබ ගැන ආ සෙනෙහස මුදු පවනේ රැඳි සිසලක් ලෙසින්
සිසලක් ලෙසින්.. සිසලක් ලෙසින්
ඔබ මා හද පුබුදු කලේ

වසන්තයයි මා ගේ දෙතොලේ
සිහිවන්නේ ඔබෙ මුව හමුවේ
කැළඹීලා සැමදා ඔබගේ කැළුමන් අතරේ
අප නෙත් ගැටෙනා මොහොතේ ඔබ මා සතුවෙයි ර‍හසේ හැඟේ
සිතේ නිසංසලේ
රඟදෙයි ඔබ දෙසනා වදනන් යහනේ තනි වී

චන්ද්‍රයන් පිදූ කිරණක් සඟවාලා හොරෙන්
වර්ණවත් කලේ මාගේ සිහිනේ ඔබේ නමින්
වැගුරු ඒ කඳුළැල් බිඳු වියැකි සෙමෙන්
ඔබ ගැන ආ සෙනෙහස මුදු පවනේ රැඳි සිසලක් ලෙසින්
සිසලක් ලෙසින්.. සිසලක් ලෙසින්
ඔබ මා හද පුබුදු කලේ...... //

.
Artist - Daddy

෴ වැටහෙන්නෑ ෴

෴ Vatahenna ෴

හද සැලුනා.. නෙතු හැඬුනා..
ඔබ ගැන දැන ගත් විට මා සිතුවිලි හැඬුවා..
ආදරෙ දෙම්දෝ...
ඔහු මෙන් යලි හඬවම් දෝ..
වැටහෙන්නෑ... 
ළදේ වැටහෙන්නෑ...
වැටහෙන්නෑ...
මා හට තේරෙන්නනෑ ...

දුරකථනින් මා ඔබ ලං වූයේ..
නොසිතු ලෙසේ ඔබ මා හද රජ වූයේ..
ඔබ හමු වූ දා හැඟුමන් අවදි වුනේ..
මා සිත ඇසුවේ මෙය දැයි ආදරේ..

මා අසරණයි..
දැන් මා සිත ඔබ ලඟයි..
සිත ඔබ හට දෙම්දෝ..
ගොළු වී මම ඉන්දෝ..

වැටහෙන්නෑ.. 
ළදේ වැටහෙන්නෑ..
වැටහෙන්නෑ...
මා හට තේරෙන්නෑ.....  //

හිරු මෙන් ඇවිදින් ඔබෙ ලොව එළිය කලේ..
එදින රැයේ ඔහු ඔබ හා තුරැළු වුනේ..
සුරතල් බිළිදෙකු දෙහදේ උණුසුම ලැබුවේ..
ඔබ තනිකර දා එදා ඔහු පියවර තැබුවේ...

ඔබ අසරණයි..
ඔහු දැන් ඈ ලඟයි..
ඔහු ගැන තැවෙනවාදෝ..
මා ගැන තැවෙනවදෝ..
මට ආදරෙ දෙයිදෝ..
එය සඟවා ගනිදෝ...

වැටහෙන්නෑ..
ළදේ වැටහෙන්නෑ..
වැටහෙන්නෑ...
මේ ආදරෙ තේරෙන් නෑ.... //

.
Artist -  Frequency

෴ මතු පෙම් පුරන ෴

~ Mathu pem purana ~

මතු පෙම් පුරන නෙතු කැල්මන් සලන
ඉඟි සිත්තම් කරන ලෙසිනා
නිසසල නිල් විලක මුදු පියුමක් විලස
හදවත් සුව දෙනා....

ලං ලං වේද වෙන් වෙන් වේද පෙම් සිත් පෑරිලා
සංසාරේම අත්වේද පෙම් සිත් පෑහිලා....
අප සිත් දවන හදගැස්මන් හැදින
දුර යන්නයි පැතුම් පෙමිනා
ලද හිස් කමට දුක කැන්දන් හොවන
පෙම කවුරුන් හඳුනනා....

නෙතු කඳුලු බිඳක සුසම් විමසනා
මුදු කොපුල් සිබින සියුම් හැගුමිනා
සිත බිඳක් නිවන වදන් පතමිනා
අති උතුම් පෙමක පැතුම් පිබිදෙනා....

මතු පෙම් පුරන.........

කඳු මුදුන් පිසින පවන් විලසිනා
හද හැඟුම් වලද පැතුම් ගැවසෙනා
තරු නෙතක් මවන දසුන් සුවදෙනා
සිත පෙම්න් වෙලෙන තරම් නොදනිනා...

මතු පෙම් පුරන..........

හද සොයමි සොඳුරු නවාතැනක්
අපට පෑහෙනා.... //


ගියනය - බාචි සුසාන් සමගින් ඉන්දිකා උපමාලි

෴ රෑ සිහිනෙන් ෴

~ Raa Sihinen ~

රෑ සිහිනෙන්.. ඔබ ලඟ මා සැනසෙනවා..
මා සැබැවින්.. ඔබ ගැන සිත ලතැවෙනවා... //

මේ බැදුණු සෙනේ..
කෙදිනද මා පවසන්නේ..
ආදරිය කියා..
කෙලසද මා අමතන්නේ..
අපේ ලොවේ කෙදිනද අප තනි වන්නේ..

රෑ සිහිනෙන්........

ඈ සනසවමින් මේ ගී වැල් ගයමි මෙමා..
මේ මිහිරි ලොවේ..
සැනසුම් මා ලැබගන්නම්..
කුමරියනේ..
කිමද මා ගැන නොසිතන්නේ..

රෑ සිහිනෙන්........ //


මුල් ගායනය - නාමල් උඩුගම
නව ගායනය - ශිහාන් මිහිරංග

෴ ඔබ මගේ වෙලා෴

~ Oba mage wela ~

ඔබ මගේ වෙලා..
මගෙ ළඟට වෙලා..
නිවාඩු පාඩුවේ කියන්න..
ආදරේ කියා..
සඳ මඬල වෙලා..
තරු ළඟට වෙලා..
කියාදෙන්න ආදරේ කියා..//

මල් පිහාටුවක් නෙළලා..
නිල් වරල සරසලා..
හිත පුරාම ආදරේ අරන්..
කියාදෙන්න ජීවිතේ තරම්..//

ඔබ මගේ වෙලා.......

තුනු විලම මලින් සනසා..
මල් විලම කලඹලා..
ඔබ එනවද ජීවිතේ අරන්..
කියාදෙන්න ආදරේ තරම්..//

ඔබ මගේ වෙලා.......


ගායනය - මංගල සමගින් කුෂාණි

෴ ඔබ පිපුනා ෴

~ Oba pipuna ~

ඔබ පිපුනා මගේ නෙත් රිදෙන මානේ..
ඔබ සැලුනා මගේ සුසුම් වැල් ගානේ..
ඔබ දිලුනා නිල් තරු වැරූ අහසේ..
ඔබ රැඳුනා මගේ සොඳුරු සිහිනේ..
ඔබ පිපුනා.....

ආදරේ මං මේ දකින සිහිනෙට..
හතර වට මල් පිපෙන මේ සිහිනෙට..
නෙලා ඒ මල් සිඹින මේ සිහිනෙට..
මටම මා රැවටෙනා  සිහිනෙට..
ඔබ පිපුනා....

ඇසෙන්නේ මේ ඔබ මුමුණනා වදනයි..
දැනෙන්නේ මේ ඔබ එවූ මද පවනයි..
වෙලෙන්නේ මා වටා ඔබේ මුදු දෑතයි..
සැලෙන්නේ සිත අවදිවේ යයි බියටයි..

ඔබ පිපුනා මගේ නෙත් රිදෙන මානේ..
ඔබ සැලුනා මගේ සුසුම් වැල් ගානේ..
ඔබ දිලුනා නිල් තරු වැරූ අහසේ..
ඔබ රැඳුනා මගේ සොඳුරු සිහිනේ..
ඔබ පිපුනා.....

.
ගායනය – කසුන් කල්හාර ජයවර්ධන

෴ මට හීනයක් වෙලා ෴

~ Mata Heenayak wela ~

මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ
සිත තාම දන්නේ නැ මං ඇයිද පෙම්කලේ
සඳ රාජිනි නුඹයි මගේ හද මංදිරේ
සදා වෙනස් නොවේ මගේ ආදරේ... //

රෑ දොලොස් පැයේ ඔබේ නෙතු මා ලඟයි ප්‍රියේ
චංචලයි වගේ ඔබේ හිත කොයිද පා වුනේ... //

අදහන්න බෑ කඳුලක්ද ආදරේ
නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ

තරුකා වියන් ගොතාලා මගේ අම්ඹරේ
ඇයිද හැංගුනේ හෙලා මා අන්ධකාරයේ... //

අදහන්න බෑ කඳුලක්ද ආදරේ
නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ

මට හීනයක් වෙලා ආදරේ
සිත තාම දන්නේ නැ මා ඇයිද පෙම්කලේ
සඳ රාජිනි ඔබයි මගේ හද මංදිරේ
සදා වෙනස් නොවේ මගේ ආදරේ

මට හීනයක් වෙලා........

.
ගායනය - දමිත් අසංක

෴ ලොවම නිදන රාත්‍රීයේ ෴

~ Lowama nidana rathriye ~

ලොවම නිදන රාත්‍රීයේ
මා නොනිදන මේ රැයේ
සිහින ගෙනාවේ
සිහින ගෙනාවේ.... //

ඔබ මා හමුවී එදා
වෙන් නොවනා ලෙස කියා... //
අප හදවත් එකට බැඳී
එලෙස ඉමු කියා....

ලොවම නිදන......

මා අඳුරේ සඟවලා
ඔබ ඔහු සමගින් ගියා... //
නැතිවද කුමරියේ ඔබට
මා මතක් වෙලා....

ලොවම නිදන..... //

.
ගායනය - නාමල් උඩුගම

෴ පිවිතුරුය පළමු පෙම ෴


~ piwithuruya paluma pema ~

පිවිතුරුය.. පළමු පෙම..
බිහිසුණුය.. බිඳුණු දින..
ලෙන්ගතුය.. සුවඳ ඔබ.. සුදු හාමිනේ..
තනිකඩය.. තවම මම... //

වස්සාන කාලයක හිත දවා..
අකුණු සැර නෙත් කෙවෙනි බොඳ කළා..
මල් යාය බඹර ගී හඬ තලා..
කැකුළු පෙම මල් නටුව හැර ගියා..

පිවිතුරුය පළමු පෙම......

කප්තුරට යදම් බැඳි තටු සලා..
සක්මනට නුහුරු සිත තනි කළා..
අවර ගිර තරු වැටින් ගිලිහිලා..
සුභ නැකත රන් හුයක පැටලුනා..

පිවිතුරුය පළමු පෙම......


ගායනය - කරුණාරත්න දිවුල්ගනේ

෴ රාත්‍රියේ පිපෙන්නම් ෴

~ Rathriye pipennam ~

රාත්‍රියේ පිපෙන්නම්..
තරු ඇසක් වසා..
තුරුලේ නිදන්නම්..
සිහිනයක් වෙලා..
සිහිනයක් වෙලා..
රාත්‍රියේ පිපෙන්නම්... //

සද සළුව ලිහේ නම්
සුළං රැල් හමා... //
හාදුවක් තියන්නම්..
ආදරෙයි කියා..
ආදරෙයි කියා..

රාත්‍රියේ පිපෙන්නම්......

දෙතොල් මත රැදෙන්නම්
අමා මී පොවා... //
ආදරේ දොවන්නම්..
පපුතුරේ හොවා..
පපුතුරේ හොවා..

රාත්‍රියේ පිපෙන්නම්......


ගායනය - කෙෂාන් ශෂින්ද්‍ර
පද රචනය - උපුල් ශාන්ත සන්නස්ගල

Saturday, October 26, 2013

෴ වෙරළු ගෙඩි පැහෙන ෴

~ Weralu Gedi Pehena ~

වෙරළු ගෙඩි පැහෙන කාලේ..
නුඹ බැන්ද ආලේ.. පුන් සඳ වගේ බැබලුනා..
රට දෙල් වැටෙන කාලේ.. දුක දීලා ආයේ..
මගෙ ලෝකෙ කලුවර උනා..

වෙරළු ගෙඩි පැහෙන කාලේ..
නුඹ බැන්ද ආලේ.. පුන් සඳ වගේ බැබලුනා..
රට දෙල් වැටෙන කාලේ.. දුක දීලා ආයේ..
මගෙ ලෝකෙ කලුවර උනා..

මා දූවෙ ගං ඉවුර ඇයි බොර වෙලා
නුඹේ පය නැතුව හැඩ පාර දුක්බර වෙලා
මා දූවෙ ගං ඉවුර ඇයි බොර වෙලා
නුඹේ පය නැතුව හැඩ පාර අසරණ වෙලා
ගඟ අයිනෙ අපි දෙන්නා කරමින් කතා
මැව් හීන උහුලන්න බැරි දැන් තමා

වෙරළු ගෙඩි පැහෙන කාලේ..
නුඹ බැන්ද ආලේ.. පුන් සඳ වගේ බැබලුනා..
රට දෙල් වැටෙන කාලේ.. දුක දීලා ආයේ..
මගෙ ලෝකෙ කලුවර උනා..

වැලි කූඩ ගොඩ දැම්මෙ නුබ ගැන හිතා
දුක් වින්දෙ සතුටින්නෙ නුඹ මගෙ නිසා
වැලි කූඩ ගොඩ දැම්මෙ නුබ ගැන හිතා
දුක් වින්දෙ සතුටින්නෙ නුඹ මගෙ නිසා
හැමදාම කෙම්මුරට දෙවියන් පුදා
ඉල්ලන්නෙ නුඹ දෙන්න මං තනි වුනා

වෙරළු ගෙඩි පැහෙන කාලේ..
නුඹ බැන්ද ආලේ.. පුන් සද වගේ දිලිසුණා..
රට දෙල් වැටෙන කාලේ.. දුක දීල ආයේ..
මගෙ ලෝකෙ කලුවර උනා..

වෙරළු ගෙඩි පැහෙන කාලේ..
නුඹ බැන්ද ආලේ.. පුන් සද වගේ බැබලුණා..
රට දෙල් වැටෙන කාලේ.. දුක දීල ආයේ..
මගෙ ලෝකෙ කලුවර උනා..
මගෙ ලෝකෙ කලුවර උනා..
මගෙ ලෝකෙ කලුවර උනා..


ගායනය - චාමර රණවක

෴ දුන්නු වේදනා ෴

~ Dunnu wedana ~

දුන්නු වේදනා, මේ නෙතින් උතුරලා..
මතක රැස්වෙලා හිත අයාලේ ගියා..
හිතෙන්නේම නෑ ඔබ මගේ නොවේ කියා..
ජීවිතේම දැන් මාගේ හීනයක් වෙලා..

කෙටි කාලයකින් හමුවී.. මගේ ජීවිතයට පැමිණි..
ලස්සනම සිහිනෙකි ඔයා.. ලස්සනම සිහිනෙකි ඔයා..

මේ සීත වස්සානේ.. පාළුව ගලන්නේ..
තනිකමයි හදවත සරන්නේ..
මේ අන්ධ හිත් මානේ.. මතකය තැවෙන්නේ..
සෝ සංකා හිරිහැර කරන්නේ..

කෙටි කාලයකින් හමුවී.. මගේ ජීවිතයට පැමිණි..
ලස්සනම සිහිනෙකි ඔයා.. ලස්සනම සිහිනෙකි ඔයා..

සඳ නේන රැ යාමේ.. සසලව හිඳින්නේ..
කළුවරයි දසතින් හමන්නේ..
වැටෙන හුස්මක් ගානේ.. ඔබවමයි සිහිවන්නේ..
ඔබ කොහේදෝ හිඳින්නේ..

කෙටි කාලයකින් හමුවී.. මගේ ජීවිතයට පැමිණි..
ලස්සනම සිහිනෙකි ඔයා.. ලස්සනම සිහිනෙකි ඔයා..

දුන්නු වේදනා, මේ නෙතින් උතුරලා..
මතක රැස්වෙලා හිත අයාලේ ගියා..
හිතෙන්නේම නෑ ඔබ මගේ නොවේ කියා..
ජීවිතේම දැන් මාගේ හීනයක් වෙලා..

කෙටි කාලයකින් හමුවී.. මගේ ජීවිතයට පැමිණි..
ලස්සනම සිහිනෙකි ඔයා.. ලස්සනම සිහිනෙකි ඔයා...


ගායනය - නිරෝෂා විරාජනී

෴ ඔය සුසුම් පවන් වැදී ෴

~ Oya susum pawan wadee ~

ඔය සුසුම් පවන් වැදී
නෙතු පියන් සැලේ රිදී... //
ඔබ ගොළුයි සිතත් නිදි
ඔබව තාම මටද හිමි //

මිරිඟුවක් සොයා ගිහින්
හිත ගිලන් උනා තමයි... //
හිමි නැතැත් ඔයා ඉතින්
මම තවත් ඔබේ ළඟයි //

ඔය සුසුම් පවන්......

ඔය හිතින් පිදූ පෙමින්
ඇත දහස් ගනන් පැතුම්... //
ඔබ ගියත් මගේ ළඟින්
මගේ හිතත් යන්න අරන් //

ඔය සුසුම් පවන්...... //

.
ගායනය - චාමර වීරසිංහ

෴ මා ආදරියේ ෴

~ Ma adariye ~

මා ආදරියේ.. මගෙ ආදරියේ..
නුඹ.. කවුරුන්ද.. සුකුමාල සුන්දරියේ..
සඳ රාජිනියේ.. සඳ රාජිනියේ..
නුඔ.. කවුරුන්ද.. කවුරුන්ද ආදරියේ..

නීල ඔබෙ දෑසේ බැල්මෙන් සැනසීලා..
කෝමල මදහාස හසරැල් සිහිවීලා..
සිහින දකිමින් සැනසෙන්නේ තනිවීලා..
කවුද ඔබ කවුද සුර අගන ලීලා //

නොසිතු විලස මා දෙනෙතේ පොපියාලා..
නුදුටූ අයුරින් ඔබ යනවද සැඟවීලා..
ලොවම ගෙනවිත් මගේ සුරතේ නවතාලා..
කවුද ඔබ කවුද දෙව්දුවක ලීලා //

මා ආදරියේ….

.
ගායනය - තීක්ෂණ අනුරාධ

෴ සඳකඩ පහනක කැටයම් ඔපලා ෴

~ Sandakada pahanaka ketayam opala ~

සඳකඩ පහනක කැටයම් ඔපලා..
පාවෙන දේදුනු ලැගුම් ගනී..
කැලතුනු රසයක පැන ආ බුබුලක්..
අකුරු වැලක් දෙහදක ලියවෙයි..
යුගයෙන් යුගයට නොමියෙන දහනක..
දිවියක පදනම මතුවෙද්දී..
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා..
සියුමැලි කැකුලක් මැලවෙද්දී..
සියුමැලි කැකුලක් මැලවෙද්දී..

දහසක් පෙති මත රහසක් කොඳුරා..
තුඩින් තුඩට ගෙනයන බිංදූ..
ගව්වක් ඉහලට ගොනුකොට රඳවා..
පොපියන දෙතොලක් එහි කැන්දූ..
අහසක් ගුගුරා කළුවක් වපුරා..
ඒ හා මුහුවුනු වැහි බිංදූ..
ඈ ගෙන යද්දී නටබුන් අතරේක..
තවකෙක් ඈ වෙත හද රැන්දූ..
තවකෙක් ඈ වෙත හද රැන්දූ..

සඳකඩ පහනක.........

හදවිල ඉපැදුනු කැකුලක් නොකලෙක..
නටුවෙන් ගලවා දුරක යවා..
මිහිලිය තෙත්කොට ගිලිහුන කඳුලක්..
සත්සමුදුරකට මුහුව ගියා..
ඔබට උරුම වූ රිදුනු තැවුනු හද..
එක්ටම් මැදුරක කවුලු අරා..
රුවන් විමානේ පියඹා එනතුරු..
පොපියන හදවත සිටියි බලා..
පොපියන හදවත සිටියි බලා..
සිටියි බලා....


ගායනය - සුනිල් එදිරිසිංහ

෴ ඇයි කලේ ෴

~ Ay kale ~

කතා කලත් අපි රෑ වෙනකන් කිසි වැඩක් නෑ,
අතහැරියත් ඔබ මගේ අතින් මට දැනුනේ නෑ,
විලවුන් තවරා ඔබ ලංවූවත් මට සුවඳ නෑ,
මිතුරියන් අතරේ මා ගැන කීවට මම තරහ නෑ.

ඇයි කලේ මුළු හදින්ම ඔබ මට ආදරේ..
නැතිදෝ ඔබ මා ගැන දන්නේ..
මං නෑ කලේ කිසි දිනකදි ඔබ හට ආදරේ..
නැතිදෝ ඔබ හට එය වැටහුනේ..
ඇයි කලේ මුළු හදින්ම ඔබ මට ආදරේ..
නැතිදෝ ඔබ මා ගැන දන්නේ..
මං නෑ කලේ කිසි දිනකදි ඔබ හට ආදරේ..
නැතිදෝ ඔබ හට එය වැටහුනේ..

ඔය ඇස් රතු වෙන තුරු ඔබ හැඬුවට මට දුකක් නෑ..
මට රවමින් ඔබ බැනපු වදන් මට ඇහුනෙ නෑ..
මගෙ මිතුරන් හා ඔබ හාද වුනත් මට කමක් නෑ..
ඒ මොනව වුනත් ඔබ දුන් හැම දේ යලි දෙන්නේ නෑ..

ඇයි කලේ මුළු හදින්ම ඔබ මට ආදරේ..
නැතිදෝ ඔබ මා ගැන දන්නේ..
මං නෑ කලේ කිසි දිනකදි ඔබ හට ආදරේ..
නැතිදෝ ඔබ හට එය වැටහුනේ..
ඇයි කලේ මුළු හදින්ම ඔබ මට ආදරේ..
නැතිදෝ ඔබ මා ගැන දන්නේ..
මං නෑ කලේ කිසි දිනකදි ඔබ හට ආදරේ..
නැතිදෝ ඔබ හට එය වැටහුනේ..

නැතිදෝ.. වැටහුනේ..
නැතිදෝ ඔබ හට එය වැටහුනේ...


Artist - Daddy

෴ දවසක් දා හැන්දෑවක ෴

~ Dawasak da handewaka ~

දවසක් දා.. හැන්දෑවක..
පොතක් බලන්නට සිතුනා..
හිතුවෙත් නෑ.. ඒ ජාමෙට..
ඔබව මතක්.. වෙයි කියලා..

ඈ මගේ ගතේ හැඟුමන් පෙලා..
ඈ මගේ සිතේ සක්මන් කලා..
මා දිහා බලා සුසුමන් සලා..
ආදරෙයි කියා නොකියා ගියා..
කියා පොතේ ලියවී තිබුනා..

රේණු රේණු මල් මිටේ රේණු..
ඈට පෙම් කරන්න මට බෑ ලූ..
රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑ ලූ..
රොන් පීරී සැලෙන්න මල් රේණූ..

සද වත දෝ.. මා දුටුවේ..
ඔබෙ ගත දෝ.. මා දුටුවේ..
සිතුවම් දෝ.. මා දුටුවේ..
හැබහින් දෝ.. ඔබ දුටුවේ..

ඈ මගේ ගතේ හැඟුමන් පෙලා..
ඈ මගේ සිතේ සක්මන් කලා..
මා දිහා බලා සුසුමන් සලා..
ආදරෙයි කියා නොකියා ගියා..
කියා පොතේ ලියවී තිබුනා..

රේණු රේණු මල් මිටේ රේණු..
ඈට පෙම් කරන්න මට බෑ ලූ..
රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑ ලූ..
රොන් පීරී සැලෙන්න මල් රේණූ... //

රොන් පීරී සැලෙන්න මල් රේණූ...
ඈට පෙම් කරන්න මට බෑ ලූ...


ගායනය - රූකාන්ත ගුණතිලක

෴ ඔබ ඉන්නේ කොහෙද කියා ෴

~ Oba inne koheda kiya ~

ඔබ ඉන්නේ කොහෙද කියා
මම සොයනව ලෝකෙ පුරා
ඔබ දවසක ලැ‍බෙන තුරා
යනවා ආදරේ සොයා

සිත සැනසුම.. දෙන්න සදා..
තනිකම නොදැනෙන්න කියා..
මහ බඹු මට මැව්ව එයා..
හමුවෙනතුරු ඉන්නේ බලා..

ඔබ ඉන්නේ......

ලස්සන ලොකයේ.. මට හිමි ආදරේ..
සොයමී ජීවිතේ.. පාළු මකා..
මල් මල් මාවතේ.. ආදර රන් ලදේ..
ඔබ ලැබෙනා තුරා.. මා ඉන්නම්..

දුර ඈතද ඉන්නේ ඔයා..
මේ ලගමද ඉන්නේ බලා..
මා ගයනා ගීය අසා..
ඔබ එයිදෝ මාව සොයා..

ඔබ ඉන්නේ......

ලස්සන ලොකයේ........ //

.
ගායනය - දුෂාන් ජයතිලක

෴ දෑස තෙමිලා හීන පෙගුනා ෴

Desa themila heena peguna ~

( දෑස තෙමිලා හීන පෙගුනා ඔබට තිබු ආදරය හින්දා, හිත ද හැදුනා දුකද දැනෙනා වෙනතකට ආදරය නැ නැ නැ වෙනතකට ජීවිතය දුන්නා )

දෑස තෙමිලා හීන පෙගුනා ඔබට තිබු ආදරය හින්දා..
ඔබම පතලා සිතැගි ගලපා ආදරේ ටජ්මහලක් බැන්දා..
සුවඳ හමනා සුළඟකට මා ඔබෙන් ලද සියල්ල දන් දුන්නා
හිත ද හැදුනා දුකද දැනෙනා වෙනතකට ජීවිතය දුන්නා

දෑස තෙමිලා හීන පෙගුනා ඔබට තිබු ආදරය හින්දා..

ගිනි දැල්වු ආදරේ.. උණුසුමෙන් ඈත් නොවේ..
අමතක කළත් මෙසේ.. මතකේ හෙටත් තියේ..
විදගන්න බෑ ලදේ.. පලිගන්න නම් නොවේ..
එහෙනම් වෙනස් වුනේ.. දෛවයයි වෙන් කලේ..

ජීවිත පොතේ ඇයි පිටු වෙන් කලේ..
ඔබෙ ආදරේ වෙනුවෙන් ලදේ..
සැමරුම් තබා ඇයි පිටු පා ගියේ..
අදහන්න බෑ සත්තයි ප්‍රියේ..

දෑස තෙමිලා හීන පෙගුනා ඔබට තිබු ආදරය හින්දා..
හිත ද හැදුනා දුකද දැනෙනා වෙනතකට ජීවිතය දුන්නා..

දෑස තෙමිලා හීන පෙගුනා ඔබට තිබු ආදරය හින්දා..


Artist - Iraj & Infaas Ft Devashri

෴ ඉවසයිද මන්දා ෴

~ Iwasaida manda ~

ඉවසයිද මන්දා මා දුන් රිදුම්...
වෙන්වීලා ආ දා වෙනතක් බලන්...
උන්නාට මා රහසේ තුරුලක හෙමින්...
මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්...

තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්...
තව කදුළු නැනේ දෙනෙතේ ඉතින්...
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්...
මට මාද නැතිවුනා සත්තයි හෙමින්...

ගොළුවෙච්ච තරු දෑසේ කඳුලැල් උනන්නේ...
දරාගන්න බෑනේ මතකේ විලාපේ...
ආදරේ ඔබෙන් තරම් ලැබුනෙ නැ කාගෙන්වත්..
රැකගන්න බැරි වුනේ සංසාර ආදරේ..

ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්...
මට මා ද නැතිවුනා සත්තයි හෙමින්..

මේ පාළු දුක් සිහිනේ අතර මංවෙලා බොහොසේ...
අයේ ගන්න බෑ ඒ සෙනෙහස ඔබේ...
ජීවිතය වැටුනු තරම් නැගිටගන්න බෑ... ආයේ..
මැරී මැරී උපදී මේ සංසාර ආදරේ...

උන්නාට මා රහසේ තුරුලක හෙමින්...
මට ඉන්න බෑ..නේ මතකෙට හොරෙන්...

ඉවසයිද මන්දා මා දුන් රිදුම්..
වෙන්වීලා ආ දා වෙනතක් බලන්..
උන්නාට මා රහසේ තුරුලක හෙමින්..
මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්...

තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්...
තව කදුළු නැනේ දෙනෙතේ ඉතින්...
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්...
මට මාද නැතිවුනා සත්තයි හෙමින්...


ගායනය - අතුල අධිකාරි සමඟින් සමිතා මුදුන්කොටුව

෴ සිහිනයට තරම් ෴

~ Sihinayata tharam ~

සිහිනයට තරම් තටු නෑ මට නම්
පියඹන්න අරන් නුඹ අහසේ...
ආදරය තරම් සියුමැලි මනරම්
සිහිනයක් තියේවිද ලෝකේ...

කඳු හිස් මුදුන් කර තරු ලකුණු වැටෙනා අතර
සිත නුඹම සොයා වලා බැම්මෙන් ඉගිල යයි
ලොව නිදනා අතර...
සයුරක් වී වැතිර නුඹ සරලි නගනා අතර
කිරි සිනා ගඟක් මියුරු ලෝකෙන් අරන් එයි
ඉන්නවාද ඇහැර...

සිහිනයට තරම්........

කඳුලක් ළඟට දුර තව දුරස් කලේ නුඹය
වැහි ඇල්ලක් වගේ සොඳුරු සිහිලක් ගෙනා මට
ජීවිතයේ කතර...
සෙනෙහස් සිහිනවල් හැම සෑබෑ කෙරූ සසර
නුඹ සඳ කිරණක් කුමුදු යායක් පුබුදු කර
මා හද කළ සුවඳ...

සිහිනයට තරම්........

.
ගායනය - කසුන් කල්හාර / ප්‍රතිභා ප්‍රභා

෴ ප්‍රේමයේ විල්තෙරේ ෴

~ Premaye wilthere ~

ප්‍රේමයේ විල්තෙරේ..
යෞවනේ මල් වනේ..
ඇසෙන මේ ගී මියුරු රාවේ..
සිතක ආරාධනා..
ප්‍රේමයේ විල්තෙරේ..

සුසුදු හසකැන් සලා..
දෑස පෙරුමන් පුරා..
පාළුවේ තනි වෙලා..
කාටදෝ ඉඟිකළා..

ප්‍රේමයේ විල්තෙරේ....

සීත පවනැල් ගලා..
නීල තුරු මල් සලා..
ආදරේ පිබිදිලා..
ලෝකයම හිනැහිලා..

ප්‍රේමයේ විල්තෙරේ....

.
ගායනය - මාලනී බුලත්සිංහල

෴ හදාගන්න මේ හිත මාගේ ෴

~ Hadaganna me hitha mage ~

හදාගන්න මේ හිත මාගේ.. හිනාවෙන්න මා රවටා..
දමායන්න දෝ ලංවූයේ.. කියාදෙන්න වරද සොයා..
එදාදුන්න ආදර ලෝකේ.. හදේ ගැස්ම දෝර ගලා..
හමා යන්න මාරුත ගින්නේ.. සදාකල්ම අතැර දමා...

ඔය තුරුලේ මෘදු දෙතොලේ
සුව යහනේ හාදු තියා..
නෙතු නොනිදා ඔබම සිතා
සැනසුනදා නැ ආයේ එන්නේ... //

මේ දෑසේ ඔබ හා මා උන් කාලේ සිහිවූවා..
පායා ආ තරු සිඳුනා සංතාපේ මා වෙලුනා..
නෑ මා නම් හැඬවූයේ සංසාරෙ රිදවූයේ..
ජීවිතයේ සැනසූ ඒ ආදරයේ අරුමෙද මේ...

නෑ මා නම් හැඬවූයේ සංසාරෙ රිදවූයේ..
ජීවිතයේ සැනසූ ඒ ආදරයේ අරුමෙද මේ...

ඔය තුරුලේ මෘදු දෙතොලේ
සුව යහනේ හාදුතියා..
නෙතු නොනිදා ඔබම සිතා
සැනසුනදා නැ ආයේ එන්නේ... //

.
ගායනය - සෙන්ටිග්‍රේඩ්ස් (Centigradz)

෴ සරා සිහින ෴

~ Sara sihina ~

සරා සිහින රහසේ දිවුරා කියා.. සිතේ කදුලු පහසේ මැවුණා සිනා..
කොහේ ඇවිද හෝ මා.. හද සිතුවිලි විල කළඹා..
හැරදා මා ඔබ ගිය දා.. උන් තැන තාමත් රැදිලා..
සරා සිහින රහසේ දිවුරා කියා....

සිත කඳුලැල්ලේ තවරා.. කළුවර රසකර වින්දා..
සද සෙවනැල්ලක හැංගී.. මගේ ඇස් තනිකර තෙමුණා..
එසේ කදුළු ගැලූ ඒ හීනේ - තවමත් ඔබයි ආදරේ..

සරා සිහින රහසේ..........

තනි හදකින් හඬ දෙදරා.. හරි ආදරයක් හින්දා..
යළි කවදාවත් නොවෙනා.. මහ සාගරයක හැඬුවා..
එසේ කදුළු ගැලූ ඒ හීනේ.. තවමත් ඔබයි ආදරේ..

සරා සිහින රහසේ..........

.
ගායනය - භාතිය / සන්තුශ්

෴ පෙනෙන නොපෙනෙන දුරක ඉඳන් ෴

~ penena nopenena duraka indan ~

පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්..
නුඹ ඇවිත් හිත ලඟට හොරෙන්..
ආවාට නොකියාම ජීවිතෙන්..
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්..

දකින හිමිවන හීනේ නුඹ කොතැන හිටියා..
මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුනා..
හඬන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුනා..
ඇත්තමයි නුඹ අහසක් වගේමයි හිතුනා..

නුහුරු නුපුරුදු හීන අරන්..
ලඟට ඇවිදින් තුරුළු වෙමින්..
ආවාට නොකියාම ජීවිතෙන්..
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්..

මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇදුනා..
රංචු ගැහෙනා රෑනේ තනිකමක් දැනුනා..
ඇසිල්ලක දුටු හීනෙන් හිත හුඟක් රිදුනා..
අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රැඳුනා..

පෙනෙන නොපෙනෙන...

.
ගායනය - ආත්මා ලියනගේ

෴ ඉකිගසා හඬන අතීතයක ෴

~ Ikigasa handana atheethayaka ~

ඉකිගසා හඬන අතීතයක
කඳුළු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා...

හීනෙන් හිනැහී තුන්යම මා රවටා..
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා..
නින්දෙන් ඇහැරී කළුවරේම යලි සොයනා..
මට මගේ නොවන.. මගේම ආදරයක් තිබුණා..
මගේම ආදරයක් තිබුණා..

රිදුමක් වගේ කිසිදා සුව නොවෙනා..
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා..
මුහුණනු බැරිතැන උණු කඳුළුම වගුරුවනා..
මට මගේ නොවන.. මගේම ආදරයක් තිබුණා..
මගේම ආදරයක් තිබුණා..//

.
ගායනය  -  අමරසිරි පීරිස්

෴ නදී ගංගා තරණයේ ෴


~ Nadee ganga tharanaye ~

නදී ගංගා තරණයේ..
සැරිසරා සැඩ මාරුතේ..
ඉන්ද්‍රකීලයක් සේ..
නොසැලී මා යන මාවතේ..
සිංහ ලෝකයේ..
සිංහ ලෝකයේ..

සුළං රැල්ලේ දැවටිලා..
මන්ද මාරුතයේ..
සොයා යන්නෙමි..

ගලා එන මන්දාකිණි..
හඹා යමි හමු වෙන තුරා..
ජීවිතේ උතුම් පැතුමන් හා..
නිරතුරුව අභිමානයෙන්..

මංමුලා නොවේ කිසිදා..
ජවය මා සතු වේ..
දිරිය ගන්නෙමි..

ගලා යන දහසක් නදී..
බලා සිටී මා එන තුරා..
නිරතුරුව අභිමානයෙන්..

නදී ගංගා තරණයේ..
සැරිසරා සැඩ මාරුතේ..
ඉන්ද්‍රකීලයක් සේ..
නොසැලී මා යන මාවතේ..
සිංහ ලෝකයේ..
සිංහ ලෝකයේ.... //


ගායනය - චිත්‍රාල් සෝමපාල

෴ ඔයාට සීතලද ෴

~ Oyata Seethalada ~

ඔයාට සීතලද.. හිම වැටෙනවද.. සිංහල අමතකද..
නිදිමත නෑ වගෙද.. කෑම අමුතුයිද.. මාවත් අමතකද..

ලංකාවට ආවම අත් දෙක අල්ලන් යමු අපි ට්‍රින්කොමලී
ඇති වෙනකම් ඔයාට හදලා දෙන්නම් කන්නට සැර ජාති
යාල ට ගිහිල්ල තුරුලු වෙලා අපි බලමුද කැලේ අලි
ගිනි රස්නෙට ඔයාට ඉන්නම බැරිනම් යමු අපි නුවර එලි

ඔයාට පාලුයිද.. තනිකම දැනෙනවද.. මාව නැතුවම බෑ වගෙද..
එන්නට හිතෙනවද.. ආයෙත් බෑ වගෙද.. කට්ට කාගෙන ඉන්නවද..

ලංකාවට ආවම අත් දෙක අල්ලන් යමු අපි ට්‍රින්කොමලී
ඇති වෙනකම් ඔයාට හදලා දෙන්නම් කන්නට සැර ජාති
යාල ට ගිහිල්ල තුරුලු වෙලා අපි බලමුද කැලේ අලි
ගිනි රස්නෙට ඔයාට ඉන්නම බැරිනම් යමු අපි නුවර එලි

හිත වැනෙනවද.. එක තැන නෑ වගෙද.. ලස්සන කොල්ලෝ ඉන්නවද..
ඉන්නේ තනියෙන්ද.. කවුරුත් නෑ නේද.. තාම වෙනසක් නෑ නේද..

පිටරට ගියාට මටනම් ඔයාව අමතක වුනෙනම් නෑ
ඇල් වතුරත් මං නිවලා මිසක් නම් කිසිදින බිව්වේ නෑ
ෆේස්බුක් එකේ කෙල්ලොත් එක්කලා මම නම් චැට් කලෙ නෑ
අනෙ ඇහැක් ඇරලා මම කෙල්ලෝ දිහා නම් කිසිදින බැලුවේ නෑ

ලංකාවට ආවම අත් දෙක අල්ලන් යමු අපි ට්‍රින්කොමලී
ඇති වෙනකම් ඔයාට හදලා දෙන්නම් කන්නට කොත්තු රොටී
යාල ට ගිහිල්ල තුරුලු වෙලා අපි බලමුද කැලේ අලි
ගිනි රස්නෙට ඔයාට ඉන්නම බැරිනම් යමු අපි නුවර එලි

.
ගායනය - දුෂාන් ජයතිලක

෴ මා ආදරෙයි ෴

~ Ma adarei mulu lowatath wada ~

මා ආදරෙයි මුළු ලොවටත් වඩා
මා කාටවත් නෑ එලෙසින් කියා
සැබැවින් මේ වගේ... //

මට ලැබුණා මුල් ආදරේ
දුරකථනෙන් ඇමතූ වෙලේ
ඔබ හඳුණාගත් ඒ දිනේ
සේයා මැවේ මතකේ තියේ
මගෙ ආදරේ
නොහැඟේවිදෝ..

මා ආදරෙයි.......

හසරැල් නැගුනා මා සිතේ
සෙවනැල්ලක් සේ ජීවිතේ
ඔබ ආ දා මල් මාවතේ
සේයා මැවේ මතකේ තියේ
මගෙ ආදරේ
නොදැනේවිදෝ..

මා ආදරෙයි....... //


ගායනය - රාජු බණ්ඩාර

Friday, October 25, 2013

෴ මගෙ හීනයෙ ලඟ ඉන්නට ෴

~ Mage heenaye langa innata ~

මගෙ හීනයෙ ලඟ ඉන්නට..
ඔබ තවමත් නැතිවාදෝ..
සිත් මානයෙ දැවටෙන්නට..
මගෙ උණුහුම මදිවේදෝ..
ආදරේ මට නම්.. ඇයි විරහ සරදම්..
ජීවිතේ මම නම්.. ඇයි කඳුළු මෙතරම්..

නෙතු මුතු කැට වැටෙන තරම්..
හිත මත ‍දඟ කෙරුව තරම්..
උණුහුම හිත හැදුව තරම්..
රැවටුනු හැටි මා මෙතරම්..

හිත හඩන තරම්..
ඔබ දන්නවනම්..
තව කඳුළු දිදී...රිදවන්න..
මා දැවෙන තරම්.. ඔබ දන්නෑ....

මගෙ හීනයේ........

නොමියෙන මල් මතක පෙති..
එක එක බිඳ දැමුව හැටි..
නෙතු අග තෙත රැඳුනු නිති..
මගෙ වරදම වෙන්න ඇති..

උණු සිනහ සිතින්..
ඔබ ඉන්නවනම්..
තව කඳුළු කතා...පවසන්න..
මේ කදඳුළු මගේ.. දැන් දුක නෑ.....

මගෙ හීනයේ........

.
ගායනය : උදය ශ්‍රී වික්‍රමසිංහ

෴ මගෙ හීනයෙ ලඟ ඉන්නට ෴

~ Mage heenaye langa innata ~

මගෙ හීනයෙ ලඟ ඉන්නට..
ඔබ තවමත් නැතිවාදෝ..
සිත් මානයෙ දැවටෙන්නට..
මගෙ උණුහුම මදිවේදෝ..
ආදරේ මට නම්.. ඇයි විරහ සරදම්..
ජීවිතේ මම නම්.. ඇයි කඳුළු මෙතරම්..

නෙතු මුතු කැට වැටෙන තරම්..
හිත මත ‍දඟ කෙරුව තරම්..
උණුහුම හිත හැදුව තරම්..
රැවටුනු හැටි මා මෙතරම්..

හිත හඩන තරම්..
ඔබ දන්නවනම්..
තව කඳුළු දිදී...රිදවන්න..
මා දැවෙන තරම්.. ඔබ දන්නෑ....

මගෙ හීනයේ........

නොමියෙන මල් මතක පෙති..
එක එක බිඳ දැමුව හැටි..
නෙතු අග තෙත රැඳුනු නිති..
මගෙ වරදම වෙන්න ඇති..

උණු සිනහ සිතින්..
ඔබ ඉන්නවනම්..
තව කඳුළු කතා...පවසන්න..
මේ කදඳුළු මගේ.. දැන් දුක නෑ.....

මගෙ හීනයේ........

.
ගායනය : උදය ශ්‍රී වික්‍රමසිංහ

෴ දේදුන්න වාගේ ෴

~ Dedunna wage payanna aye ~
   
‍දේදුන්න වාගේ පායන්න ආයේ
පායන්න ආයෙ කිව්වා
ඈ එන්නෙ නෑනේ පායන්නෙ නෑනේ
දේදුන්නෙ පාට හෙව්වා.... //

ඈ එක්ක උන්නු කාලේ ආදරෙන් තුරුල් වුනා
දේදුන්නේ පාට ප්‍රේම ලෝකයේම ගෑවුනා
ඒ ප්‍රේම ගීතයේ ඔබයි මමයි සිනාසුනා
මේ පාට හීනයේ ඔබයි මගේ සුරංගනා

දේදුන්න වගේ…....

දෑස් වලින් විද්ද හීය මේ හිතේම නැවතිලා
මා ආදරේට කීව ගීත ඈට නෑසෙනා
මේ පෙම් පතුම් දන්න අහස පොළොව යාවුනා
දේදුන්න කෝ ඔයා කියන්න කෝ සුරංගනා

දේදුන්න වගේ…....

.
ගායනය - දුෂ්‍යන්ත් වීරමන්

෴ ඔබ තරම් පෙම් කල කිසිවෙක් ෴

~ Oba tharam pem kala kisiwek ~

ඔබ තරම් පෙම් කල කිසිවෙක්
නැති තරම් මේ ලෝකයෙ කොහෙවත්
ඔබට මන් ආදරේ බව මෙතරම් වැටහුනේ
ඔබ වෙන් වී ගිය දා....
ඔය නෙතු හැඬවූ තරම්..
ඔබ පෙම් කෙරූ තරම්..
අදහන්නත් බෑ කොහේ තිබුනාදෝ
මේ තරම් ආදරේ...
මේ තරම් ආදරේ...

රැය පුරා.. ඉකි ගසා.. රතට හැරි දෙනුවන් පුරා..
මල් සිනා.. මැවෙනවා.. ගිලන් වී හද පාරවා..
ආයෙත් ඔබ මට හිමිවේ නම්.. ආත්මයෙන් ඔබ අදහන්නම්...
තවකෙකු හට හිත දී ඇත්නම්.. සුභ පතලා ඈතට වෙන්නම්...

තනිවෙලා.. මා ලොවේ.. හිරු නොනගින මේ වසන්තේ..
දිවිතුරා.. විඳවමි.. අහිමි කරන් මගේ ආදරේ..
ආයෙත් ඔබ මට හිමිවේ නම්.. ආත්මයෙන් ඔබ අදහන්නම්...
තවකෙකු හට හිත දී ඇත්නම්.. සුභ පතලා ඈතට වෙන්නම්...

ඔබ තරම්.........

.
ගායනය - තීක්ෂණ අනුරාධ

෴ ඉරි තැලුනු වලා ෴

~ Iri thalunu wala ~

ඉරි තැලුනු වලා.. උඩු වියන් යටින්..
මුදු තාර ඇතිරිල්ලේ..
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ...
සිව් දෙසින් හඹා එන මොටෝ රත රඟ
සෙනග රවටමින්...

වටපිටේ.. සීරුවට..
විදුලි ඇස් සිනා සේවී..
නොරැවටී යන්න යමු..
කහ ඉරෙන් එතෙර වීලා..
කහ ඉරෙන් එතෙර වීලා...

ඉරි තැලුනු වලා........

රිය පිලේ කිරුළු හිමි..
රජ වරුන් අත වනාවී..
බිම බලන් යන්න යමු..
කහ ඉරත් රැලි වැටීලා..
කහ ඉරත් රැලි වැටීලා...

ඉරි තැලුනු වලා........

.
ගායනය - අමරසිරි පීරිස්

෴ වාසනා ලොවක් ෴

~ Wasana Lowak ~

වාසනා ලොවක් ගෙනාව දිව්ය ලෝකෙ ඉඳල ආව කෙල්ලේ..
සුරූපි කෙල්ලේ..
වාසනා ලොවක් ගෙනාව දිව්ය ලෝකෙ ඉඳල ආව කෙල්ලේ..
සුරූපි කෙල්ලේ..
වේදනා ලොවින් මෙ මාව ගලවගත්ත සුරූපි කෙල්ලේ..
සුරූපි කෙල්ලේ..

දුගී පැලක තරුණයෙක් අතේ.. රිදී මැණික් රත්තරන් නැතේ..
දුගී පැලක තරුණයෙක් අතේ.. (අතේ.. අතේ..)
රිදී මැණික් රත්තරන් නැතේ.. (yeah boy..)
මාළිගාව හැර දමාලා ආවෙ ඇයි කතේ.. ආවෙ ඇයි කතේ..

වාසනා ලොවක් ගෙනාව දිව්ය ලෝකෙ ඉඳල (ah ah ah..) ආව කෙල්ලේ..
සුරූපි කෙල්ලේ.. (yeah he hey eh..)

ලා ලල්ල ලල ලා.. ලා ලල්ල ලල ලා..

දෙමාපියන් මුදල් වතු පිටි.. (hooo oo oo)
එපා කියා පැලට ආ හැටි..
දෙමාපියන් මුදල් වතු පිටි.. (hi hi hi hi..)
එපා කියා පැලට ආ හැටි..

ලොවට පෙන්නුවානෙ නියම ආදරේ හැටි.. (oooooo uh) 
ආදරේ හැටි..
වාසනා ලොවක් ගෙනාව දිව්ය ලෝකෙ ඉඳල ආව කෙල්ලේ..
සුරූපි කෙල්ලේ..
වේදනා ලොවින් මෙ මාව ගලවගත්ත සුරූපි කෙල්ලේ..
සුරූපි කෙල්ලේ..

ලල්ල ලල්ල ලල්ල ලල්ල .. ලා ලා.. ලල් ලා..

රිදී ඉරයි වැහි වලාකුලේ.. පිපී සුවන්ද දෙන නෙලුම් මලේ..
රිදී ඉරයි වැහි වලාකුලේ..(hahaha)
පිපී සුවඳ දෙන නෙලුම් මලේ..
මගේ අන්ධකාර දිවිය ඔබයි එලි කලේ.. 
ඔබයි එලි කලේ..  (BNS..)

වාසනා ලොවක් ගෙනාව දිව්ය ලෝකෙ ඉඳල ආව කෙල්ලේ..
සුරූපි කෙල්ලේ.. (අහ් අහ්)
වේදනා ලොවින් මෙ මාව ගලවගත්ත මා සුරූපි කෙල්ලේ.. (ah ah)
සුරූපි කෙල්ලේ… (haha දුෂ්යන්ත්..)

වාසනා ලොවක් ගෙනාව දිව්ය ලෝකෙ ඉඳල ආව කෙල්ලේ.. (ah ah)
සුරූපි කෙල්ලේ..
දුෂ්යන්ත් BNS සරිගම Productions Presents (haha heheheh)
වාසනා ලොවක් ගෙනාව දිව්ය ලෝකෙ ඉඳල ආව කෙල්ලේ.. (ah ah)
සුරූපි කෙල්ලේ..


ගායනය - දුෂ්‍යන්ත් වීරමන්

෴ ඔබ ඇපල් මලක් ෴

~ Oba apple malak wage ~

ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමුවූ....
පායන්න දෑස මානේ උණුහුමට ගින්දරී..
ගෙනියන්න මාගෙ ගවේ මේ හිතම සුන්දරී..
දිගු දෑසේ බැල්ම ඔබගේ ඇයි සොදුරු ඔය හැටී....
ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමුවූ....

ඇස් පියෙන් අදී කෑලි කැපෙන රලු රාත්‍රියේ..
කීරි ‍ගැහෙන සිත අනුහස අයදී ප්‍රේම‍යේ..
එය පමණක් ශේෂය වී නම් පුර්වාත්මයේ..
ඔබ ගැවසෙන මා සිත අවිනීතයි..
අවනත නැති නෙතටද අවිවේකයි..
හුදකලාව අවනඩුවක් ගෑණු ළමයෝ....

ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමුවූ...

ඉටි රූපෙ අපූරුව විදින්න මං හරි ආසයි..
පින්තූරේ වගේ ඔබ හිනැහෙන කොට මට ලෝභයි..
අහිතක් හිතන්නෙ නැති නම් මං හරි ආදරෙයි..
කියාගන්න බැරි කමින් හිත බරයි..
ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි..
හුදකලාව අවනඩුවක් ගැණු ළමයෝ...

ඔබ ඇපල් මලක් වාගේ...........

.
ගායනය - අමරසිරි පීරිස්

෴ හින්සා කරන්නේ වෙන්වී ගිහින් ෴

~ Hinsa karanne wenwee gihin ~

හින්සා කරන්නේ වෙන්වී ගිහින්
මාගේ අතින් වූ වරදක් කියන්..
හැංගී වසන්තේ මාගේ ලොවින්
කඳුලක් නැගෙන්නේ නෙතටත් හොරෙන්..

බොඳ වීලා.. පැතු සේයා.. රිදවාලා.. සිත පාරා..
සැගවී ගියාට රිදවා ගියාට සැමදා ඔයාම ඕනා
සසරේ පුරාම මතකේ තියාන සෙනෙහේ මවන්න ඕනා...//
හින්සා කරන්නේ වෙන්වී ගිහින්
මාගේ අතින් වූ වරදක් කියන්..

මැවී පේන හීන ගානේ ඉගියෙන් කෝළ පෑවා
ලයේ ගෑවි ගෑවි වාගේ සිතුවම් වීලා ආවා.....//
සිතුවම් වීලා ආවා....

හින්සා කරන්නේ.......

රැඳී පාව යාවි ඈතේ රැඳුනත් මාව දාලා
ඔබේ දෑස සිහිව ආයේ හැගුමන් රෑන පාරා...//
හැගුමන් රෑන පාරා....

හින්සා කරන්නේ.......

බොඳ වීලා.. පැතු සේයා.. රිදවාලා.. සිත පාරා..
සැගවී ගියාට රිදවා ගියාට සැමදා ඔයාම ඕනා
සසරේ පුරාම මතකේ තියාන සෙනෙහේ මවන්න ඕනා...//




හින්සා කරන්නේ වෙන්වී ගිහින්
මාගේ අතින් වූ වරදක් කියන්..

.
ගායනය - කවීෂ කවිරාජ්

෴ රහසේ හඬනා අප හැඟුම් ෴

 ~ Rahase handana apa hangum ~

රහසේ හඬනා අප හැඟුම්
ලොව නෑ දන්නේ අප පැතුම්
ලා සඳු පායනා රැයේ
පිණි සේ තරු සේ
තනි වී තැවෙනා පෙම් සුසුම්

හිරිමල් වයසේ සෙනෙහෙන් බැඳී එදා
මතකේ නොමියේ ඔබ මා සිතින් සදා
ආදරයේ රස මියුරු වේදනා

රහසේ හඬනා අප හැඟුම්...

සඳ රෑ සිහිනේ සෙවණැල්ල සේ වෙලී  
ඉමු අපි සොඳුරේ සුපුරුදු ලෙසින් බැඳී
ආදරයේ රස මියුරු වේදනා

රහසේ හඬනා අප හැඟුම්...

රහසේ හඬනා අප හැඟුම්
ලොව නෑ දන්නේ අප පැතුම්... //


ගායනය - නීලා වික්‍රමසිංහ / ක්ලැරන්ස් විජේවර්ධන

෴ පායා ඇයි හි‍නැහෙන්නේ ෴

~ Paya ay hinahenne ~

පායා ඇයි හි‍නැහෙන්නේ
නිල් ගුවනේ තරු රාශි..
ඇතිවී නැති වී නම් ඇගෙ මුහුණේ
නිල්වන් දෙනෙතේ කාන්ති...
පායා ඇයි හි‍නැහෙන්නේ..

ඇගෙ වත මට නොපෙනේ නම්
පුන්සද ඇයි හිනැහෙන්නේ... //

නැති දා ඇගෙ ගී රාවේ..
කොවුලනි ඇයි ගී ගැයුවේ..
කොවුලනි ඇයි ගී ගැයුවේ..

වනයේ පිපි මල් ගොමුවේ
සමනලයිනි ඇයි නැටුවේ..
ඇති වී නැති වී නම් ඇගෙ මුහුණේ
නිල් වන් දෙනෙතේ කාන්ති..
පායා ඇයි හිනැහෙන්නේ..

ඇගෙ දිමුතු දසන් නොපෙනී
මට මොකටද මුතු පන්තී... //

ඇගෙ කඳුලැලි නැති විටදී..
ඕනැ නැ දියමන්තී..
ඕනැ නැ දියමන්තී..

පායා ඇයි හි‍නැහෙන්නේ
නිල් ගුවනේ තරු රාශි..
ඇතිවී නැති වී නම් ඇගෙ මුහුණේ..
නිල්වන් දෙනෙතේ කාන්ති...
පායා ඇයි හි‍නැහෙන්නේ..

.
ගායනය -  එච්.ආර්. ජෝතිපාල

෴ හිත හදාගන්න බෑ ෴

~ Hitha hadaganna ba ~

හිත හදාගන්න බෑ.. ඔබෙන් ලද දුක දරා ගන්න බෑ..
ඔබ මගේ වෙන්නෙ නෑ.. ඉතින් යලි අපි අපේ වෙන්නෙ නෑ..
මා හැර හිතකට පෙම් කරලා.. ආදරෙ හැර දමලා..
මා සදා හඩනවා.. මාරුතේ දුක දරා..
හිත හදාගන්න බැ.. ඔබෙන් ලද දුක දරා ගන්න බෑ..

ආදරය වී.. ජීවිතය දී.. මාගෙ ලග උන්නු වේලේ..
කීව හැම දේ.. තාම සිහිවේ.. පාළුවුනු ලෝකෙ මාගේ..
හීන කදුලින් තෙමා.. ඈත සැගවී ඔයා..
මාව අදුරේ හෙලා දෑස ලඟ අද නෑ මාගේ..
මා සදා හඬනවා.. මාරුතේ දුක දරා..

හීන වියැකී.. දෑස නොපෙනී.. කාටදෝ ඔබව හිමිවී..
මාව තනිවී.. දෑස බොදවී.. කාට පවසම්ද මේ දේ..
ජීවිතය පාවෙලා.. ආදරය නෑ කියා..
මාව හැරදා සදා.. ඈත යනවද මේ යාමේ..
මා සදා හඬනවා.. මාරුතේ දුක දරා....

හිත හදාගන්න බෑ.......

.
ගායනය : චාමික සිරිමාන්න

෴ ඔබ දුටු ඒ මුල් දිනේ෴

~ Oba dutu e mul dine ~

ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැමදේ
තවමත් මගෙ මතකයෙහි රැඳේ
නෙත් යුග මා දෙස යොමා
මගෙ මියුලැසියේ...
කුමක් කියන්නටද සැරසුනේ...

කාගේ කවුරුද කොතැනක සිටිනවද ඔයා
කෙලෙසද මා එය දැනගන්නේ...
කවදා කොයිබදි යලි හමු වේවිදැයි කියා
පැනයකි මා සිත පාරන්නේ...

කැටිකොට ගුවනට මුසු කොට මගේ රස හැගුම්
ඔබ වෙත ගීයකින් එවන්නම්...
මතු දිනයක මගෙ දෙනෙතට ඔබ හමුවේ නම්
එදින නැවත මා හිනැහෙන්නම්...

ඔබ දුටු ඒ මුල් දිනේ........

.
ගායනය - සුනිල් පෙරේරා

෴ සුන්දරයි ඔබ ෴

~ Sundarai oba ~

සුන්දරයි ඔබ නිහඬ බැල්මෙන් මදෙස බැලුවාම
ඔබට ලං වී ලඟින් ඉන්නම් ඉතින් හැමදාම
පෙම්බරයි මගෙ හැඟුම් ඔබ ගැන නිතර සිතුවාම
ඔබම විතරයි මම පතන්නේ සසරෙ හැමදාම

ඔබව මට හරි දුර තමයි
නමුදු මගෙ සිත ඔබ ලඟයි
සොයා එන්නට මට හිතයි
සුළඟ ඔබ ගැන තතු කියයි
සුළඟ ඔබ ගැන තතු කියයි

සුන්දරයි ඔබ.....

ඔබව සිහි වී සිත හඬයි
කඳුළු නෙතු අග ඉකි ගසයි
සිතේ සිතුවිලි ඔබ ගැනයි
ඔබට මම හරි ආදරෙයි
ඔබට මම හරි ආදරෙයි

සුන්දරයි ඔබ..... 

ගායනය - සතිශ් පෙරේරා

෴ සඟවන්න එපා හසරැල් ෴

 ~ Sangawanna epa hasaral ~

සඟවන්න එපා හසරැල්
දල්වන්න එපා ගිනිදැල්
ඔබම කෙරේ සිත බැදුනු දිනේ සිට
මගෙම හැඟේ ඔබ නම්... //

සඳ එළිය වගේ ඇවිදින්
හද නොපැතු දිනක රහසින්
බැස නොයන් මසිත් අහසින්
අත පොවනු නොහැකි දුරකින්

සඟවන්න එපා.....

සිලිසිලිය පවා සුළඟින්
තනි මැකුවෙ ඔබේ සුවඳින්
මේ දිවිය අතර මගකින්
මග නතර නොකොට හිනැහෙන්

සඟවන්න එපා.....

.
ගායනය: කරුණාරත්න දිවුල්ගනේ

෴ දුක වැඩි තරමට ෴

~ Duka wadi tharamata ~

දුක වැඩි තරමට කදුළු හෙලන්නට
නෙත තවමත් විවර වෙලා
කවදාවත් හිමිනොවනට
ඔබ මාගෙන් ඈත් වෙලා
හැඬවෙන නෙතගට තරවටු කෙරුවට
කදුලැල් නැ නතර වෙලා
හැමදාමත් රිදවන්නට
ඔබ ගියෙ ඇයි ඈත්වෙලා

වෙනසක් නැහැ මගෙ සිහිනේ
තාමත් මල් පිබිදෙන්නේ
රැවටුනු මේ හිත මාගේ
තනිවුනු බව නෑ දන්නේ
මුළු යහන පුරා විදි සුවද පවා නැත
දුක විතරක් ඉතිරිවෙලා

දුක වැඩි තරමට..... //

කඳුලක් කඳුලක් ගානේ
ඔය රුවමයි සිහිවෙන්නේ
මට නොලැබුනු ඔබෙ සෙනෙහේ
වෙනෙකුගෙ බව නෑ දැනුනේ
ජීවිතය පුරා පැතු පැතුම් මකා ඔබ
දුක විතරක් උරුම කලා...

දුක වැඩි තරමට.....


ගායනය : නොයෙල් රාජ්

෴ ලඟ නැති බව දැනෙනවා ෴

~ Langa nathi bawa danenawa ~

ලඟ නැති බව දැනෙනවා
එනමුත් හද අහනවා
ඔබ ඒවිදෝ කවදා හෝ...
ඔබ මගෙමයි හැඟෙනවා
ආදරේ තව රැඳෙනවා
ඔබ ඒවිදෝ කවදා හෝ...

හුදකලාව මේ සිත හඬවනවා
සැමදා ජීවිතයේ තනි වේදැයි සිතෙනවා
ඔබගෙන් ලද උණුසුම මට දැනෙනවා
තනිකම මාගේ ඉගිලි යනවා

ලඟ නැති බව දැනෙනවා
එනමුත් හද අහනවා
ඔබ ඒවිදෝ කවදා හෝ...
ඔබ මගෙමයි හැඟෙනවා
ආදරේ තව රැඳෙනවා
ඔබ ඒවිදෝ කවදා හෝ...

නෙතු පියාන මා ඔබෙ රුව මවනවා
හීනෙන් ඇවිත් මා දෑස සිබිනවා
ඔබගේ සුසුම් මට තව දැනෙනවා
ඔබ දන්නෙ නෑ ආදරේ ගලනවා...

ලඟ නැති බව.....

.
ගායනය -භාතිය / සන්තුශ්

෴ සීත අරණේ ෴

~ Seetha Arane ~

සීත අරණේ සුපුල් නාමල
සුවඳ ගැල්වූ ජීවිතේ..
සීත හිම ගිර සීත නොදැනේ
දැනේ උණුසුම ආදරේ... //

ලතාවක් සේ වෙලී සියොලඟ
පතමි රැකවරණය ඔබෙන්... //
සදා දෝතින් මලක් සේ ඔබ
වැළඳ ගන්නෙමි හදවතින්..
හදවතින්..

වළාවක් සේ අයාලේ ගිය
සිතට නිවහන ඔබ ලඟයි... //
මහා කතරක ගෙවූ තනි මග
නිමා කල ඉම ඔබ නෙතයි..
ඔබ නෙතයි..

සීත අරණේ.....


ගායනය - මිල්ටන් මල්ලවාර්ච්චි සමගින් මාලිනී බුලත්සිංහල

෴ සිතේ සුසුම් නිවනා ගායනා ෴

~ Sithe susum niwana gayana ~

සිතේ සුසුම් නිවනා ගායනා
ඔබෙ සවන් සොයා සැණෙකින් පාවෙනා
මැදියම් රැයේ රැඟුමන් රඟා
මතක ලෝකේ වේදනා අමතක කළා.... //

නැවුම් ගීයක් සිතට එන්නේ
රස විඳින්නයි අප ගයන්නේ
අසිරි ලෝකේ සුරපුරක් වේ
මතක ලෝකේ දුක් නිමාවේ

සිතේ සුසුම් නිවනා......

යොවුන් විය නෑ නිති රැඳෙන්නේ
නොසිතු විලසින් ඉගිල යන්නේ
දිමුතු පහනක් සේ උදාවේ
අඳුරුවී එය නිවී යන්නේ

සිතේ සුසුම් නිවනා......


ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන

෴ ඈ නීල වරල පිරලා ෴

~ Eaa nila warala peerala ~

ඈ නීල වරල පිරලා
ඈ යන ගමන හැඩවෙලා
ගම්මානේ මිහිරියාව
ගමම එළි කලා
පුන් සද රැස්‌ කැලුම් හෙලා
ඈ සුර දෙවොලියක්‌ වෙලා
කුසුම් නටයි පවන් සල සලා

සුරංගනාවි සුරංගනාවි
සුපෙම් බරාවි
ගම්බද විලාසිතාවි... //

වසන්ත සමය ලංවෙලා
කෝකිල නදින් මත්වේලා
සිසිල් සුළන් යාවි පාවේලා
දඟ උකුලුල් උකුල සල සලා
ඈ යන්නේ මග හිනහිලා
නිල් නෙත් යුග මහද මත් කලා... //

ඈ නීල වරල පිරලා......

හැඩ වැඩ ගමන ලලිත වේ
ඔබ මුලු ගමට මැණික වේ
සිනහ මුවින් හදක්‌ සැනසුවේ
සාමය සතුට රැදි ලොවේ
කුමරිය ඔබ සිතේ මැවේ
නොබලා හදවත දුකින් තැවේ...
ලස්‌සන මල් කුමාරියේ
ගම එළිකල මනාලියේ
ඔබ දුටු මගේ හද පිනා ගියේ
සුර ලොකේ සුරගනාවියේ
මගේ හද දිනු දයාවියේ
සිරිදෙව්දුව ඔබ ප්‍රියාවියේ...

ඈ නීල වරල පිරලා.....

පුන්සද වන් මනාලියේ
සම්පත ඔබ ප්‍රියාවියේ
සමන් සුගන්දය හමා ගියේ
මගේ හද වන්දනාලියේ
යනවද මන්දමාලියේ
ඔයා ලගයි මං දයාවියේ...

ඈ නීල වරල පිරලා.....


ගායනය - ධනපාල උඩවත්ත

෴ සුදු ඇඳුමින් සැරි ෴

~ Sudu andumin sari ~

සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ
අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ
තනිවන විට මා සමගින්
ඉඟිකර අදි මදි කරමින්
තනිවෙමු සොදුරිය අපි සැනසිල්ලේ

රන් තරු වටකර පායන සඳ ඇදි
සෙවනැලි සිතුවම් රෑ
සිහිනෙන් ඔබ එන විට මා පිබිදෙන්නෑ
අඩවන්වූ දෙනෙතින් ඔබ බැලුකල
මගෙ සිත ඉවසුම් නෑ
කුමරියෙ ඇයි ඔබ තනියම සුසුමන් පෑ
කුමරියෙ ඔබ අද මා ලඟ නෑ

සුදු ඇඳුමින් සැරි.........

ගංතෙර ළග බට පඳුරෙහි
සිරි සිරි හඩ මට සිහිලැල් පෑ
කුළුදුල් ආදර හැඟුමන් විසිරෙන්නෑ
පාසල් යන ඔබ මාවෙත සිහිවන විට
මට ඉවසුම් නෑ
මගෙ සිත තනිවම දොඩවයි සමගින් ඈ
කුමරිය ඔබ අද මා ලඟ නෑ

සුදු ඇඳුමින් සැරි......... //


ගායනය - ජය ශ්‍රී

෴ සුසුමට සුසුමක් මුහුවණ උණුහුම ඔබමය ෴

~ Susumata susumak muhuwana unuhuma obamaya ~

කොදමල් ඇතිරු සද යහනාවේ සතපා සනසන්නම්..
ඔබේ සිත මද සිහිලෙන් නිවුනාවේ..
සිහිනය හඬමින් දේ තිබුණාවේ මතකේ නැලවෙන්නම්..
ඔබේ හඬ විතරක් මට ඇහුණාවේ...

නිහඬතාවේ වයන්නේ සංගිතේ....////

සුසුමට සුසුමක් මුහුවණ උණුහුම ඔබමය....////

තුරු වියනට.. පිණි කැට වැටෙනා විට..
ඒ හඬ කවියකි නිසංසලේ...
දිය කදුරක පොඩි පෙණ නැගෙනා විට..
සංධ්වණියකි පෙම් ප්‍රගීතයේ..

නිහඬතාවේ වයන්නේ සංගිතේ.....//

සුසුමට සුසුමක් මුහුවණ උණුහුම ඔබමය....////

අපටම වෙන්වුණු මේ නිදි නැති රෑ...
බවුන් වඩනවා හෙමින් සැරේ...
කිසිදා නොසිදෙන ආදර උල්පත..
ගලා හැදෙන හැටි හදෙන් හදේ..

නිහඩතාවේ වයන්නේ සංගිතේ....//

සුසුමට සුසුමක් මුහුවණ උණුහුම ඔබමය....////


ගායනය - සංඛ දිනෙත් සමගින් උරේෂා රවිහාරී

෴ රනින් මාල ෴

~ Ranin mala ~

රනින් මාල මගේ ඇඹේනියගෙ ගෙලට නෑ
රහට හැදෙන රස මසවුළු ඇගේ කුසට නෑ
කරදිය රැළි උඩින් දමන මග සලකුණු නෑ
අපට කරදිය රැළි උඩින් දමන මග සලකුණු නෑ

ඔරු කඳ ලත වෙනවා මැදැළ හිනැහෙනවා
අඳුරේ පිට වෙනවා යලි උදයේ එනවා... //
රළු කරදිය වැල් වෙලා එළොවක සිහිනේ බලා
ඝණ අඳුරේ අප සැමදා වෙලීලා..

රනින් මාල මගේ ඇඹේනියගෙ ගෙලට නෑ
රහට හැදෙන රස මසවුළු ඇගේ කුසට නෑ

නෙත නිදි වැරුම අපේ දහදිය කඳුළු අපේ
මසුරන් මසුන් අපේ තඹ කාසියට කැපේ... //
රළු කරදිය රැල් වෙලා එළොවක සිහිනේ බලා
ඝණ අඳුරේ අප සැමදා වෙලීලා

රනින් මාල.........

කරදිය රැළි උඩින් දමන මග සලකුණු නෑ.... ////


ගායනය - ග්‍රේෂන් ආනන්ද

෴ වෙන් වී දැන් යන්න ඉතින් ෴

~ Wenwee dan yanna ithin ~

වෙන් වී දැන් යන්න ඉතින්
වෙන් වී යන්නම ඕනේ නම්..
කීරි ගැසී හඬන සුසුම්
ඉවසුම් නෑ මේ පපුවට දැන්
මා වෙනුවෙන් මැව්ව සෙනේ
රහසේම කාටද පුදා..
වෙන් වී දැන් යන්න ඉතින්
වෙන් වී යන්නම ඕනේ නම්..

මගේ සිහිනේ ඉඩ ඉල්ලා..
පෙරදා ඔබමයි පියමැන්නේ..
පෙම් අහසේ වෙලී ඉදලා
කෙලෙසද මා අද හැරයන්නේ..
සෙනෙහසින් පෙර එදා.. මගේ වෙලා උන් ඔයා..
අද මෙසේ වෙන්වෙලා.. මා දමා යයි ඔයා..

පෙම් සිහිනේ.. දුක රන්දා..
ගියාට කම් නෑ සතුට සොයා..
මගෙ සෙනෙහේ.. සිහිවේ නම්..
කවදා හෝ යලි එන්න සොයා..
සෙනෙහසින් පෙර එදා.. මගේ වෙලා උන් ඔයා..
අද මෙසේ වෙන්වෙලා.. මා දමා යයි ඔයා..

වෙන් වී දැන් යන්න ඉතින්.....


 ගායනය - චාමික සිරිමාන්න

෴ ඔබට වරම් නැති මටද වරම් නැති ෴

~ Obata waram nathi matada waram nathi ~

ඔබට වරම් නැති මටද වරම් නැති
සෙනෙහස කොතැනද සැඟව ගියේ
ඉවත ගලා ගිය කඳුලක දියවී
ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ... //

ඔහුට පුදන්නට පූජාසනයේ
නොකිලිටි මල් පිපුනිද ලඳුනේ..
පෙති ගිලිහී ගිය පරසතු කුසුමක
සුවඳ කොහේ කොතැනද රැදුනේ...

ඔබට වරම් නැති.....

ආ මඟ වැරදී ඔහුද ඔබද මා
දෛවයේ තුන්මංසල හමුවී..
බලා හිඳිනු මිස හඬාවැටෙන්නට
කඳුලක් නැ දෙනුවන පිපුනේ...

ඔබට වරම් නැති.....

.
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ

෴ මේ ඇස්‌ දිහා බලන් ෴

~ Me as diha balan ~

මේ ඇස්‌ දිහා බලන්..
දැන්වත් කියන්න මගෙ රත්තරන්..
ඔබ මගේද මා ඔබේද.. අපි අපේද කියලා..
දැන්වත් කියන්න මගෙ රත්තරන්...

පැහැදූ නුවන් දල්වා.. මා දෙසට පා කරලා..
හද ගැස්‌ම මග නවතා.. දෙහදක්‌ ගොළු උනා..
ඔබෙ සෙනෙහෙ.. මග රැදූනෙ.. ඇයි සංසාරයේ..
මේ භවයෙ.. මා වෙනුවෙන්.. ඔබ මැව්වේ..
දැන්වත් කියන්න මගෙ රත්තරන්...

මේ ඇස්‌ දිහා බලන්....

කදුලැල් නෙතින් පළවා.. පැතුමන් සිතේ තනි බින්දා..
සිල්ගත්තු සිත සගවා.. ඔබෙ දැත වෙත අත පැවා..
ඔබෙ සෙනෙහෙ.. මග රැදුනේ.. ඇයි සංසාරයේ....
මේ භවයෙ.. මා වෙනුවෙන්.. ඔබ මැව්වේ....
දැන්වත් කියන්න මගෙ රත්තරන්...

මේ ඇස්‌ දිහා බලන්....


ගායනය - ශිහාන් මිහිරංග

෴ සුවඳ මට දී ෴

~ Suwanda mata dee ~

සුවඳ මට දී.. පාට තැවරූ..
මල අරන් පිටවී..
මා.. රැවටුවා මලවි..
ඒ මලත් මැලවී..
ආදරේ මල.. ආයෙමත් පරවී..
සුවද මට දී...

කුරුලු ගීතය වී..
පෙම් ස්වරය මට ඇසුනි..
කුරුලු ස්වර ගොළුවී..
මිහිමතේ.. තුරු කඩා වැටුනි..

සුවඳ මට දී…...

ගඟට නාදය වී..
ඔබ ගලනවා ඇසුනි..
සයුර නොම හමුවී..
අතරමග සිටිනවා දුටුමී..

සුවඳ මට දී…...


ගායනය - චන්දන ලියනආරච්චි

෴ මාස්ටර් සර් ෴

~ Master sir mage himithana mata denna ~

පනම් අටෙන් මට වැඩිකර දුන්න..
හැකි වුනත් බත් මිටක් දරුවට කවන්න..
මාස්ටර් සර් මට හිමි තැන දෙනවාදෝ..
අනේ සර් අනුකම්පා නොසිතේදෝ..

අප අතරේ කඹ ඇදිල්ලේ තරගෙ මේ..
නිම වෙන්නට.. කල් ගත වෙයිදෝ..
අනේ සර්.. අපි මිතුරන් වෙයිදෝ..
එදා දවස උදා වේවිදෝ..
එදා දවස උදා වේවිදෝ..

මට මතක් වෙනවා සුද්දා තැලූ පෙලූ හැටි..
අපි කතා කලේ පණ ගැහි ගැහි දණින් වැටී..
මාස්ටර් සර් මගෙ හිමි තැන මට දෙන්න..
අනේ සර් කරුණාවෙන් සලකන්න..

අප අතරේ කඹ ඇදිල්ලේ තරගෙ මේ..
නිම වෙන්නට.. කල් ගත වෙයිදෝ..
අනේ සර්.. අපි මිතුරන් වෙයිදෝ..
එදා දවස උදා වේවිදෝ..

අප අතරේ කඹ ඇදිල්ලේ තරගෙ මේ..
නිම වෙන්නට.. කල් ගත වෙයිදෝ..
අනේ සර්.. අපි මිතුරන් වෙයිදෝ..
එදා දවස උදා වේවිදෝ..

එදා දවස උදාවේවිදෝ....//


මුල් ගායනය - නෙවිල් ප්‍රනාන්දු
පද - කරුණාරත්න අබේසේකර
තනු - නිමල් මෙන්ඩිස්

෴ අල්මාරියේ කණ්නාඩියේ ෴

~ Almariye kannadiye issaraha indagena ~


අල්මාරියේ.. කණ්නාඩියේ.. ඉස්සරහා ඉඳගෙන..
මින්නේරියේ.. වැව් කණ්ඩියේ.. ආදරේ කරගෙන..
වැලිවේරියේ.. ලංගම රියේ.. උඹ ලඟින් ඉඳගෙන..
ඇයි කොමලියේ.. සමුගෙන ගියේ.. කාමරේ තනියම..

අල්මාරියේ.. කණ්නාඩියේ.. ඉස්සරහා ඉඳගෙන..
මින්නේරියේ.. වැව් කණ්ඩියේ.. ආදරේ කරගෙන..
වැලිවේරියේ.. ලංගම රියේ.. උඹ ලඟින් ඉඳගෙන..
ඇයි කොමලියේ.. මා හැරගියේ.. කාමරේ තනියම..

ගවගාලේ.. ගේ මැද සාලේ.. හොරෙන් බලපු කාලේ..
කොලු කාලේ.. ආවාම රාලේ.. මම බඳිනවා කරකාරේ..
මගෙ බාලේ සිට පැතු ආලේ ලැබුණා පහුගිය කාලේ..
බොරු ශීලේ ඇගෙ නෑ ලීලේ අපරාදේ මුතු මාලේ..

අල්මාරියේ.. කණ්නාඩියේ.. ඉස්සරහා ඉඳගෙන..
මින්නේරියේ.. වැව් කණ්ඩියේ.. ආදරේ කරගෙන..
වැලිවේරියේ.. ලංගම රියේ.. උඹෙ ලඟින් ඉඳගෙන..
ඇයි කොමලියේ.. මා හැරගියේ.. කාමරේ තනියම..

මාමණ්ඩී.. බී.. රා මණ්ඩි.. ඌ.. පාලා මට චන්ඩී..
අයියණ්ඩි හට බ්‍රැන්ඩී දී.. පුරවා උගෙ බන්ඩී..
අක්කණ්ඩී දෙනවාද නංගී මට තියෙනවා කඩමණ්ඩී..
බෑනණ්ඩි වෙන්නද ඇන්ටී මට බනීද මාමණ්ඩී..

අල්මාරියේ.. කණ්නාඩියේ.. ඉස්සරහා ඉඳගෙන..
මින්නේරියේ.. වැව් කණ්ඩියේ.. ආදරේ කරගෙන..
වැලිවේරියේ.. ලංගම රියේ.. උඹ ලඟින් ඉඳගෙන..
ඇයි කොමලියේ.. සමුගෙන ගියේ.. කාමරේ තනියම..

අල්මාරියේ.. කණ්නාඩියේ.. ඉස්සරහා ඉඳගෙන..
මින්නේරියේ.. වැව් කණ්ඩියේ.. ආදරේ කරගෙන..
වැලිවේරියේ.. ලංගම රියේ.. උඹ ලඟින් ඉඳගෙන..
ඇයි කොමලියේ.. මා හැරගියේ.. කාමරේ තනියම..


ගායනය - චාමර රණවක

෴ නෙතට උළෙලක් ෴

~ Nethata ulelak wiya eda oba ~

නෙතට උළෙලක් විය එදා ඔබ
කඳුළු බිදුවක් වුව මෙදා..
මේ තරම් හිත පාරවන්නේ
මගෙන් වරදක් වුනිද මන්දා... //

ඔබෙන් තොර වූ ලෝකයක් ගැන
හිතන්නට වත් නොහැකි හින්දා
ඔබේ හිත වෙන අතක රන්දා
එපා දුක ගෙන එන්න කැන්දා...

නෙතට උළෙලක්...

ඔබේ රුව රසදුනක් වූවට
කමක් නැ මට තවත් ඇසකට...
නමුදු ඒ රුව තවත් කෙනෙකුට
අයිතිවෙනු බෑ දරාගන්නට...

නෙතට උළෙලක්...  //

.
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ

෴ අවසන් ලියුමයි ඔබට ලියන්නේ ෴

~ Awasan liyumai obata liyanne ~

අවසන් ලියුමයි ඔබට ලියන්නේ
විරහා කඳුළු රැඳි පෑනෙන්
කියවා හැඬුවත් මට නම් කම් නැ
මගෙ හිත අද තද නින්දේ
අවසන් ලියුමයි ඔබට ලියන්නේ

එයා පැලැන්දූ මංගල මුදුවේ
ආඩම්බරකම මම දුටිමී
ගෙල වට කරගෙන ළමැදේ ලගිනා
මංගල මාලය මම දුටිමී
අබරණ අන්දන රන්වන් ඉහිලු
සදාතනික ආදරය නොවේ
කියවා හැඬුවත් මට නම් කම් නැහැ
මගෙ හිත අද තද නින්දේ

අවසන් ලියුමයි ඔබට ලියන්නේ

පෑන තවත් දේ ලියන්න කීවත්
මොනවා ලියන්නද මීට වඩා
මේ ගැන අන් කිසිවෙකු නැහැ දන්නේ
වෙන දීගෙක ගිය ඔබට වඩා
අබරණ අන්දන රන්වන් ඉහිලු
සදාතනික ආදරය නොවේ
කියවා හැඬුවත් මට නම් කම් නැහැ
මගෙ හිත අද තද නින්දේ

අවසන් ලියුමයි........


ගායනය - සතිශ් පෙරේරා

෴ එක්වී නම් රිදවන්න එපා ෴

~ Ekwee nam ridawanna epa ~

එක්වී නම් රිදවන්න එපා
රිදවූවත් වෙන්වී යන්න එපා
ආදරේනම් හඬවන්න එපා
හැඬවූවත් ඔබෙ ආදරෙ අඩු කරලන්න එපා... //

එක් වූයේ අප වෙන් වී දෙතැනක ඉන්නටදෝ
ඔබ රිදවා මා හට සැනසී ඉන්නට හැකිදෝ
හිරු බැස ගොස් යලි උදයේ අයෙත් එන්නැතිදෝ
අපගේ වෙන් වීමත් බැස යන හිරු වාගේදෝ

එක්වී නම් රිදවන්න එපා.....

ආදරේ කලේ අපි හැඬූ කදඳුලින් ඉන්නටදෝ
ඔබ හඬනා විට මට සැනසී ඉන්නට හැකිදෝ
බඹරා ආයෙත් ඉබි මල මුකලිත වී යාදෝ
අපි හැඬුවට අපෙ ආදරෙ සේදීලා යාදෝ

එක්වී නම් රිදවන්න එපා.....


ගායනය - ප්‍රනීත් මධුෂන්ක

෴ බැස යන සඳ දෑසින් නවතාලන්නට බෑ ෴

~ Basayana sanda dasin nawathalannata ba ~

බැස යන සඳ දෑසින්.. නවතාලන්නට බෑ..
පරවෙන මල දෝතින්.. වලකාලන්නට බෑ..
ඔබ බැස යන සඳ නම්.. ඔබ පරවෙන මල නම්..
‍රැක ගනිමිද කෙලෙසින්... //

නන්නාදුනන දෙසින
ගිමනට සිසිල ‍රැගෙන
අවුදින් සිරුරේ දැවටී
පවනැල් රහසේ හැරයයි..

ඔබ ඒ සුළඟ වගේ නම්
රඳවාගන්නද කෙලෙසින්... //

බැස යන සඳ දෑසින්....

මන්දාකිණිය ගලන
නිසසල ‍රැයට මැවෙන
තරුමල් අඹරේ හිනැහී
මැදියම් අදුරේ සැඟවෙයි...

ඔබ ඒ අහස වගේ නම්
හඳුනා ගන්නද කෙලෙසින්... //

බැස යන සඳ දෑසින්.... //


ගායනය - නාමල් උඩුගම

෴ රන්වන් මල්දම්෴

~ Ranwan maldam gotha ma athin ~


රන්වන් මල්දම් සොද ගොතා මා අතින්
ගෙන නිල් වරලස හැඩ දමා සිතින්
මන්මත් කරදා මුදු සිනහ මල් සරින්
සැනහෙන්නම් සොඳුර නුඹ මතින්... //

ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ
සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ
මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ
මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ

තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින්
හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින්
හෙමිහිට ළමැද මත හුස්ම තබමින්
සෙනෙහෙස පතමි නුඹෙ දැහැනෙ රැඳෙමින්

තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින්
හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින්
යහනක සතපවම් සිහින දකිමින්
මියැදෙමි සඳක නුඹ පතමි ස්නේහෙන්

Now ma take you back to the year 94
I was pulling like a Ferrari the night before
I got up 4 to 5 6 in ma studio
We don’t wave 4 5’s just to rock the show
You don’t have to do drugs to be a rap star
Listen up you before trying being gangster
You want to know how I do it so lighter
I’ll score ma goals like Manchester United

ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ
සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ
මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ
මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ...


Artist/s - Centigradz

෴ හවසට පායා ෴

~ Hawasata paya ~

හවසට පායා අරුණේ සැඟවෙන
සඳ නැතුවට මට කමක් නැතේ
උදයට පායා හවසට බැස යන
සඳවතියක් මගෙ ලොවේ ඇතේ...//

රැයක දී ඇය මා අසල නැතේ
හවසක එන්නත් වරම් නැතේ...//
ඇගෙ නොලැබීම ද මගෙ නොලැබීම ද
තවමත් මට වැටහිලා නැතේ

හවසට පායා......

සුළු මොහොතකි මුළු දවසින් ඒ
ඇය ඇසුරේ මා පසු වෙන්නේ
ඒ සීමාවෙන් ඉවත පනින්නට
මනසට පමණක් වරම් ඇතේ

හවසට පායා...... //


ගායනය - ග්‍රේෂන් ආනන්ද

෴ අපි කවුරුද ෴

~ Api kaweuruda - Wayo ~

සී සී කඩ විසිරුණු සිතිවිලි
දිය බුබුලේ නලියන පෙණ කැටි වාගේ.. නැතිවැ..
හුදකලාවෙ තනිවී සිටියම..
සිහින ආකරේ කට වැටුනා වගේ.. නිමක් නෑ..

මොහොතින් මොහොතට ගෙවෙනා කාලය..
දැනෙනවා කාටත් එක විදියට..
ගිනියම් ඉර.. සඳ සිසිලස..
අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද..
ගී ඇති ලොව.. සිතුවම් කල..
අතරේ අහනව බලනවා මේ අපි කවුරුද..

ඉර බැස යන ගොම්මන් යාමේ..
තරු එක දෙක දිලිසෙන කළු ආකාසේ.. හෝ..
ගලා හැලෙන රිද්මේ නැහැවී...
ඇදි යන්නෙ ඈතින් ඈතට පාවී.. සුළඟ සේ..

මොහොතින් මොහොතට ගෙවෙනා කාලය..
දැනෙනවා කාටත් එක විදියට..
ගිනියම් ඉර.. සඳ සිසිලස..
අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද..
ගී ඇති ලොව.. සිතුවම් කල..
අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද..

ගිනියම් ඉර.. සඳ සිසිලස..
අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද..
ගී ඇති ලොව.. සිතුවම් කල..
අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද..


ගායනය : WAYO (සංගීත් විජේසූරිය)

෴ ඔබට නොහැක ෴

~ මල්දෙවැට තේමා ගීතය ~
~ Obata nohaka ~

ඔබට නොහැක මගෙ සෙවනට එන්නට
මටද නොහැක මල් විමන් තනන්නට...
නමුදු සොඳුරේ මෙ සුවිසල් අහස යට
අපෙ සුසුමන් හමුවෙලා මුමුණනු ඇත...

අතගිලි නොබැදෙන සිත බැදි සෙනෙහස
සසර පුරා ලග ඉන්න ඇති...
ඒ අත් බවයෙත් මේ වාගෙම අපි
හමු වි වෙන් වි යන්න ඇති...

හමු වි වෙන් වෙමු සසර පුරුද්දට
එකම සඳේ සඳ එළිය දකින කොට...
ඉසුරුමුණිය පෙම් යුවල නොවෙ අප
හිනහෙමු කඳුලැලි සගවා හිත යට...

.
ගායනය - ඉෂාන් ලන්ත්‍රා (සෙන්ටිග්‍රේඩ්ස්)

෴ සිහින නෙළුම් මල් ෴

~ Sihina nelum mal ~

සිහින නෙළුම් මල් පොකුණු පුරා
මගෙ පුතුගෙ කිරි සිහිනේ සුවඳ කලා
මගෙ ලොවම ඒ සිහිනෙන් පහන් වෙලා
කිරි සුවඳ දේ මුවගේ පවන් සලා

බලා ඉඳින්නම් මා දිව රෑ පුතේ
මගෙ පුතු දිනෙන් දිනේ ලොකු වෙන්නකෝ
සුළැඟිල්ල පටලා හෙට යං පුතේ
ඇවිදින්නට මා හා මිදුලේ වටේ

අම්මා කියූ නාමේ ම‍ට දුන් පුතේ
රාජිණියකි දැන් මා පුතුගේ පිනින්
හැම මව්වරුන් සේ අම්මා නුඹේ
සතුටින් හිඳිමි පිහිනා පුතුගේ නමින්

පුතු දකින උදයේ හැමදාම දැන්
නව දවසකි මට නම් දෙන වාසනා
හිරු සඳු දවල් රෑ මට පායනා
පුතු මිස වෙනින් කව්දෝ සුරතල් පුතේ

සිහින නෙළුම් මල් පොකුණු පුරා
මගෙ පුතුගෙ කිරි සිහිනේ සුවඳ කලා
මගෙ ලොවම ඒ සිහිනෙන් පහන් වෙලා
කිරි සුවඳ දේ මුවගේ පවන් සලා



ගායනය - මරිසසෙල් ගුණතිලක

෴ ඔබෙ නමට පුදමී සදා ෴

~ Obe namata pudami sada ~

ඔය ඇස් දිහා පෙම යාවෙලා
ගෙතු කාරණා හද දිවුරුවා
සිත තෝරනා ඔබ පෙම් සිනා
ලැබෙනා තුරා මා යදිනවා
හැඟුමන් පායලා සිතුමන් වෑහිලා
එනමුත් නොහැඟෙදෝ ආදරේ
ඉතිරෙන ආදරේ ඔය හදෙ නැවතිලා
මට සිත දේදො පැතු කුමරියේ

මාගේ දෛවේ පිදුවේ උරුමේ ඔබ වේදැයි
සිත කීවේ දුටු මුල් දිනේ
පැටලුම් ලිහලා විසඳුම් සොයලා
සිත ළඟ පෑහී කියනු ඔබ කවුදෝ කියා
ඔබ නිසා නෙතු ඇහැරීලා අඳුරේ පවා
තනිකඩද සිත අසනවා
ඔබ හද හිමි වුනත් ඔබ අහිමී වුනත්
මගෙ පපු තුරුලේ සැනසුම ඔබයි
ගැයෙනා තනුවේ පදවැල් ඔබමයි සදා
එය ඔබෙ නමට පුදමී සදා

ඔය ඇස් දිහා පෙම යාවෙලා
ගෙතු කාරණා හද දිවුරුවා
හැඟුමන් පායලා සිතුමන් වෑහිලා
එනමුත් නොහැඟෙදෝ ආදරේ

ඇසෙනා මානේ ඔබ අද වේ නම්
ඇතිනම් හර්දේ ප්‍රේමේ නොපිරූ ඉඩක්
මාගේ හර්දේ මෙතරම් ආලේ උතුරා යන්නේ
නොපිරූ තැන් පුරවන්නමයි
ඔබ නිසා තැනු ගීතේ අසා නුඹගේ
මැවු සිහිනෙ පිබිදෙයිද මං
ඔබ හද හිමි වුනත් ඔබ අහිමී වුනත්
මගෙ පපු තුරුලේ සැනසුම ඔබයි
ගැයෙනා තනුවේ පදවැල් ඔබමයි සදා
එය ඔබෙ නමට පුදමී සදා..
තනුවේ පදවැල් ඔබමයි සදා
එය ඔබෙ නමට පුදමී සදා..


ගායනය - ප්‍රදීප් රංගන

෴ හැමදාම හඬන සිත ෴

~ Hamadama handana sitha ~

හැමදාම හඬන සිත හදන්න ඔබ ලඟ නෑනේ..
කවුරුවත් එපා ඔබ හැරුනම දුක දැනුනාවේ..
ඉස්සර වගෙ හීනෙන්වත් දැන් එන්නෑනේ..
මට විතරද දුක දෙන්නේ මං දන්නැනේ..

සඳ මඬලට උපමා කර  කවි ලියු කාලේ...
කාගෙත් දුක දැනෙනා හිතක් ඔබ සතු වූයේ..
කදුළු ගලා ඔබ අද මට හිනැහෙනවානේ..
ඔබවම සිත පතනා කරුණ මං දන්නැනේ...

හැමදාම හඬන සිත....

නෙතු තෙමුනා මගෙ මතකෙට ඔබ එන ගානේ..
තාම හිතේ ඔබ හැරුනම කවුරුත් නෑනේ..
අද නැති මුත් ලඟ සිටි දා සිත හැදුවානේ..
හිත මේ තරමට අසරණ ඔබ හින්දානේ..

හැමදාම හඬන සිත....


ගායනය - රොමේෂ් සුගතපාල

Thursday, October 24, 2013

෴ නොදැක ඉන්න බෑ ෴

~ Nodaka inna ba ~

නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී
නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරේ
නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ

නොදැක ඉන්න බෑ මටනම් මගේ ආදරී

පැහැදුල් කතා මතකේ වෙලා
දෙනුවන් තෙමා පියමන් කලා
පෙර පෑ සිනා පාවී ගියා මා හැරදමා
සිහිවේනවා ඔබ කී කතා මුළු රෑ පුරා
මතකේ දරා හිඳිමී සදා..
මතකේ දරා හිඳිමී සදා..

මිහිදුම් වලා සළුවෙන් වෙලා
පැතුමන් දරා රකිමී සදා
පෙර පෑ සිනා පූජාකලා අදුරේ තියා
සගවා දමා මේ වේදනා යලි එනතුරා
දිවියේ පුරා හිඳිමී බලා..
දිවියේ පුරා හිඳිමී බලා..

නොදැක ඉන්න බෑ......

.
ගායනය - රුවන් හෙට්ටිආරච්චි

෴ මතකේ හසරැල් ෴

~ Mathake hasaral ~

කියන්නට බැරි තරම්.. ඔබට අදරෙයි මං..
දරන්නට බැරි තරම්.. දුක වාවන්නට බෑ දැන්..
ඔබ ඇයි කුරිරු මේ තරම්..
සිතක් නැති කෙනෙක් මෙන්..
මා හෙලනා මේ සුසුම්.. ඔබට දැනෙනවා නම්..
මා සොයා යළි ඇවිත්.. සිපගන්නකෝ මා දෙතොල්..

මතකේ හසරැල් නැගෙන රැයේ..
දෙනෙතින් කඳුළැල් ගලා ගියේ..
ජීවිතයේ රස දැනෙන වියේ..
ඔබ මා හැරදා ඇයිද ගියේ..

ඔබ ඇයි අන් සතු වුනේ.. ඔබ ඇයි මා හැර ගියේ..
පූජනීයයි ආදරේ.. ඔබ එය නොදනී ප්‍රියේ..
දිවි ඇති තෙක් මේ භවේ.. ඔබට පමණයි ආදරේ..
මා හද පතුලේ ඔබේ.. රුව සදා ඇදී තිබේ..

සිතකින් නොව ඔබ දමා ගියේ..
ඔබ ගෙන සිහිවෙයි හැම මොහොතේ..
දුක පමණයි මට උරුම උනේ..
සමාවෙන්න කුමරාණනේ..

ඔබ හා මා යළි හමුවේ නම්..
ජීවිතයම ඔබ හට දෙන්නම්..
ඔබගේ සුසුමන් තුළ ගිලිහී..
ඔබගේ තුරුලේ මිය යන්නම්..

මතකේ හසරැල්..........//


ගායනය - දුෂ්‍යන්ත් වීරමන්

෴ පුන් පෝදා සඳ ෴

~ Pun pooda sanda ~ 

පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත්
මල් වට්ටියකට අරගන්නම්
ඔබ හැමදාමත් ඉල්ලන තරුමල්
එයට නෙළා පිළිගන්වන්නම්... //

දේදුන්නක් ඔබ මට ගෙන ආවොත්
විසිතුරු සළුවක් වියමි එයින්
පරසතු උයනේ සක්මන් කරනට
ඉන් සැරසී ඔබ හා එන්නම්..

පුන් පෝදා සඳ....

බිඟු තුඩු නොවැදුනු පියුම ගෙනාවොත්
මානස විල මත පිපුනු සැණින්
නැවුම් පෙමට කිම වෙහෙසෙනු පෙම්වත
යළි උපදිමි ඒ පියුමින් මං

පුන් පෝදා සඳ.... //


ගායනය - මාලනී බුලත්සිංහල

෴ සිත පරව ගියා ෴

~ Sitha parawa giya ~

සිත පරව ගියා
වත මිලින වුණා
කඳුළින් දෑස තෙමා
ඔබ හඳුනාගනු කෙලෙසේ... //

මොහොතක මා සිත පිනවයි..
යළි මා එලෙසින් රිදවයි..
මුසා බසින් මා රැවටී යාදෝ..
සිතු දේ.. නොම වේ.. පැතුම් මැවේ..

සිත පරව ගියා...

වසන්තයක් යළි ඒදෝ..
කතරක මා තනි වේදෝ..
මසිත සොරාගෙන වෙන් වී නොයන්න..
දුකෙහි.. සැපෙහි.. මා ඉන්නම්..

සිත පරව ගියා... //

ඔබ හඳුනාගනු කෙලෙසේ... //


ගායනය - චන්දන ලියනආරච්චි

෴ කැකිරි පැලෙන ටිකිරි සිනාවයි ෴

~ Kekiri palena tikiri hinawai ~


කැකිරි පැලෙන ටිකිරි සිනාවයි
ඇගේ ගමන බිමන නාරි ලතාවයි... //
කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කතාවයි
කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කතාවයි

ආදරෙන් බලන්න හිතෙනවා..
ආදරෙයි කියන්න හිතෙනවා..
කෝප වෙයි නොවෙයිද සිතෙනවා..
ඈ මා ළඟින්ම පාද තබනවා..
වාසනාව මෑත පෙනෙනවා..
රහසකින් රසින් ඇසෙනවා..
ආසාවෙන් දෑස වැහෙනවා..
රෝස මල් ලොවක් මැවෙනවා..
ඈ මා ළඟින් මා ළඟින් පාද තබනවා..
ඈ මා ළඟින් මා ළඟින් පාද තබනවා..

කැකිරි පැලෙන......

රන් තොරන් බඳින්න ඕනද..
පාවඩ එලන්න ඕනද..
හේවිසි වයන්න ඕනද..
ඔය දෙපා තබන්නේ එහෙමද..
මල් සරාට වැරදිලා වගේ..
මට පෙනෙන්නෙ වැරදිලා වගේ..
රුව තරම් සිත නොවෙයි අගේ..
ආදරේ එපා කියයි මගේ..
ඈ මා ළඟින් මා ළඟින් පාද තබනවා..
ඈ මා ළඟින් මා ළඟින් පාද තබනවා..

කැකිරි පැලෙන.......

.
ගායනය - එම්. එස්. ප්‍රනාන්දු

෴ සුකුරුත්තන් ෴

~ Sukuruththan moththe nathin ~

සුකුරුත්තන් මොත්තෙ නතින් පිස්සු පීකුදූ
අද සෙට් වෙන අපෙ සෙට් එකෙ බොක්ක පිරිසිදූ
එල කොර ෆන් මරිසි ටයර් කට්ට කා හැදූ
දැන ඇඩ්මිට් වී බලපන් පට්ට සැප සුදූ

ජෝගි නටන්නෙ හිටගෙන ආතල් ගන්නෙ
පිස්සු හැදෙන්නේ.. සද බැබලෙන්නේ..
අල වගේද ගෝව හොද්ද බොර වෙල යන්නේ
ෂේප් එකයි පාරයි නෑ කොකු දාගන්නේ

අම්ම ගහයි බැට් එක හංගපන් මුල්ලක
සුම්ම තමයි ඇහුනොත් දුර අපේ ‍ලල් එක
දැම්ම තමයි ඉල්ලන් කන උන්ට පල් එක
බඩුම තමයි වැදුනොත් කාමරේ බෙල් එක

ජෝගි නටන්නෙ.........

ඇඬෙනව තනි ඇහැට දැකල නටන නැටිල්ල
පට්ට මැක්ස කොර මියුසික් ලයින් කිරිල්ල
හෙන කොමිටල් බුවෙක් නටයි වගෙ කැරකිල්ල
ෆුල් හින්දුස්තාන් ඌට රජ සැලකිල්ල

ජෝගි නටන්නෙ.........

වරක නතින් වැල සම්තින් අතේ ඇදි ටැටූ
ගොජබි ඩයල් පොර ටෝකින් බැදගෙන පු‍ටු
සිංහ නාද බලු ඇක්ටින් නැතුව ඔහෙ හිටූ
අපි ඔ‍ටුවොද ඇබරෙන්නට කබ්බෙකුට බ‍ටු

ජෝගි නටන්නෙ..........

.
ගායනය - කේෂාන් ෂශින්ද්‍ර

Wednesday, October 23, 2013

෴ මගෙ ඔරු කඳත් දිරාලා ෴

~ Mage oru kandath dirala ~

මගෙ ඔරු කඳත් දිරාලා
කොල්ලෑවෙ ලණු කැඩීලා
ඒ නමුත් මහුදු යායුතු රැකගන්න ජීවිතේ...

ඔරු කඳත් දිරාලා
කොල්ලෑවෙ ලණු කැඩීලා
ඒ නමුත් මහුදු යායුතු රැකගන්න ජීවිතේ
මගෙ බිරිඳ නිදිවරන් සාදා
දුන් බතුත් අරන්
මහ සයුරට යන්නෙ හද පුරවාගෙ පැතුම්..

මා දියඹේ.. අගාදයේහි..
දරුවන් රකින්න ඈතට යනවා..
තෝරුන් හා ලොකු ලොකු මෝරුන්..
මා ඔරුව පුරා ගොඩට ගේනවා..

අව්ව සැරයි.. සුළන් වැඩියි..
සැඩ සුළඟින්  රුවල ඉරිලා යයි..
මහ සයුරේ රුල නැග ඒවී..
ජීවිතය මරණය අතර සටනකි..

ඔරු කඳත් දිරාලා....

වෙරළ දිගේ.. සුදු වැල්ලේ මා..
එන තුරු දරුවන් මග බලා සිටී..
වෙහෙස වෙලා.. දවස ගෙවලා..
මම දෙවි පිහිටෙන් ආපසු එන්නම්..

ඔරු කඳත් දිරාලා....

දෑත රිදෙයි ගත වෙහෙසෙයි
දහදිය මුහුණෙන් මුළුගත නැහැවෙයි
දරුවන් හා බිසිඳ සොයාලා...
මම දෙවි පිහිටෙන් ආපසු එන්නෙමි...

ඔරු කඳත් දිරාලා....

මා දියඹේ.. අගාදයේහි..
දරුවන් රකින්න ඈතට යනවා..
තෝරුන් හා ලොකු ලොකු මෝරුන්..
මා ඔරුව පුරා ගොඩට ගේනවා..

හෝ.. හෝ.. හෝ.. හෝ...

.
ගායනය - නලින් පෙරේරා (මේරියන්ස්)

෴ මගේ පුංචි රෝස මලේ ෴

~ Mage punchi rosa male ~

මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා

කළුවර රෑ සඳක් වගේ
අහසේ නුඹ ඉන්නවා නම්
ආසයි මම නොකී කවිය ඔබට කියන්න
තරහක් නෑ නුඹ බැසයන්න

මගේ පුංචි රෝස මලේ.....

මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරිසරනවා නම්
ආසයි මං කවුළු පියන් හැරල තියන්න
තරහක් නැහැ නෑවිත් ඉන්න

මගේ පුංචි රෝස මලේ.....

.
ගායනයා - අමරසිරි පීරිස්

෴ මත් මල් සේනා ෴

~ Math mal sena ~

මත් මල් සේනා පාවී පාවී.. දෑසේ දැවටේ මා..
සිත්තම් වීලා මා නෙත් මානේ.. සෙනෙහේ සුවසේමා..
ලා.. ඉරේ රන් ගැවිලා.. සදා ස්නේහයේ මල් වැහි වෑහුනා..

පිපි හාදු සුළගේ.. මුව ගාව ගැවසේ
දෙතොලේ ලැගුම් සොය සොයා...
සඳ රේනු යායේ මුදු සීත පෙනුනේ
ලං වෙන්න මයි නෙත් පියා...

උදාවේ..මා.. සැඳෑවේ..මුදා...
නෙක ස්වර්ණ රැස් රඟනා වැහිතීරේ...

ඕ...ඔබ ගාව සිහිනේ.. හිත හීන නෙළුවේ..
රෑ තුන් යමේ හිත් පුරා...
නොදොඩාම දෑසේ.. කවි ගීත මැවුනේ..
දෙතොලේ සුසුම් උතුරලා...

උදාවේ..මා.. සැදෑවේ..මුදා...
නෙක ස්වර්ණ රැස් රඟනා වැහිතීරේ...

.
ගායනය - කසුන් කල්හාර

෴ හිරු මැකී යයි නීල අහසේ ෴

~ Hiru makee yayi neela ahase ~

හිරු මැකී යයි නීල අහසේ..
හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ..
නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ..
ගිණි කඳු පුපුරා.. ලෝදිය ගලනා තරම්..
රිදුම් දෙයි.. ආදරේ...

නෙතු සලා හමුවෙලා
සුසුමකින් වෙන් වුනා... //

තුෂර පින්නේ.. පැතුම් ඕවිල්ලේ..
ඔබේ සෙනෙහේ ඔහු හදේ රැදුනේ..
එදා මතකය සිතේ අහුරා..
එදා මතකය සිතේ අහුරා..
කාටවත් නොපෙනී අඳුරේ..
ඉකිබිඳිමි රහසේ..

නෙතු සලා හමුවෙලා
සුසුම කින් වෙන් වුනා... //

සිනහ කඳුලේ.. දෙනෙත් දොවමින්..
දුටුව සිහිනේ.. නෙත් වැසුනු අඳුරේ..
සිනහ කඳුලේ.. දෙනෙත් දොවමින්..
දුටුව සිහිනේ.. නෙත් වැසුනු අඳුරේ.
ඈත මීදුම් අතර සඟවා..
ඈත මීදුම් අතර සඟවා..
යන්න ප්‍රිය ලඳුනේ
හද සුසුම් පවනේ

රැගෙන මා සුභ පැතුම්
හද තුටින් යනු මැනේ... //

හිරු මැකී යයි නීල අහසේ..
හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ..
නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ..
ගිණි කඳු පුපුරා.. ලෝදිය ගලනා තරම්..
රිදුම් දෙයි.. ආදරේ...

රැගෙන මා සුභ පැතුම්
හද තුටින් යනු මැනේ... ///


.
ගායනය - අමිල පෙරේරා

෴ හීනයක් වගේ ෴

~ Heenayak wage ~

තාමත් මුණ ගැහුනේ නැතත් ඇස්‌ දෙක ඔබේ
හිතට හිතක්‌ ළං වීලා කල්පයක්‌ වගේ
දැනෙන තරම් ළඟ නැති පාළුව අනන්තය වගේ
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක්‌ වගේ
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ

මේ පිරිමි රළු පපුවේ ගැස්මන් පවා
ඔය හිතට කා වැදිලා සිහිනෙන් පවා
දුරින් ඉන්න බෑ මටනම් එන්න පණ මගේ
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ

හිත් පොඩියේ තනි වෙච්ච පෙම් අදෝනා
පවසන්න හති ඇරලා තුරුලට වෙලා
දුරින් ඉන්න බෑ මට නම් එන්න පණ මගේ
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක්‌ වගේ

තාමත් මුණ ගැහුනේ නැතත්...

.
ගායනය : සුරේන්ද්‍ර පෙරේරා

෴ සීත මාරුතේ ෴

~ Seetha maruthe ~

සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන්
ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ
ඈත මීදුමේ දිදුලන පුන් සඳක් වගේ
එළියයි ඒ හැඟුම් හිතේ ඔබමයි ජීවිතේ මගේ

දෑලේ ගඟුලැල්ලක් සේ මා සීතයි හිත බෝමා
දෝරේ යයි සිතුවිලි සේනා ආදරයෙන් පෙඟිලා... //
ජීවිතයේ.. සතුටයි.. මා.. දුටුවේ..
සාගරයේ.. ගැඹුරයි.. ඒ.. හැඟුමේ..

සීත මාරුතේ....

යහනේ තනි යහනේ පේනා හීනෙන් ඉඟි පානා
රෑ තුන් යම ඔය ඇස් මානා මා මුසපත් කරනා... //
ආදරයේ.. මිහිරෙන්.. මා.. නිවුණේ..
ඒ ඇසුරේ.. අලුතින්.. මා.. ඉපිදේ..

සීත මාරුතේ....


ගායනය - රුවන් හෙට්ටිආරච්චි

෴ සිත මගෙ රිදුනා ෴

~ Sitha mage riduna ~

සිත මගෙ රිදුනා ඔබ හැර ගිය දා..
ඔබ මා හැර ගිය දා...
නෙතු මගෙ හැඬුවා මතකය ගෙන ආ..
ඔබෙ ආදරෙ සොයලා...
ඔබ මා නමින්.. ගෙන ආ පැතුම්..
බොදවී ගිහින්.. මේ සිත බිදී..
ඇයි හැරගියේ.. මගෙ ආදරේ...

ළඟ නැති ඔබෙ පෙම මතකෙට එනවා..
ඔබ යලි එයි සිතිලා...
සිත මගෙ රිදුනා ඔබ හැර ගිය දා..
මා තනිකර ගියදා...
නෙතු මගෙ හැඬුවා මතකය ගෙන ආ..
ඔබෙ ආදරෙ සොයලා...

ඔබේ සිතුම්.. ඔබේ හැඟුම්.. ලඟ මම..
හදේ මැවු.. ලොවේ තැනූ සිහිනය..
කොහේ ගියේ මෙසේ වෙන්වෙලා..
ආදරේ බිද දමා... //
ඔබ මා නමින්.. ගෙන ආ පැතුම්..
ඇයි හැරගියේ මගෙ ආදරේ...

සිත මගෙ රිදුනා ඔබ හැර ගිය දා..
ඔබ මා හැර ගිය දා...

මගේ වෙලා මගෙන් ඔයා ඉනුමැන..
ලඟින් මගේ සිතින් බැදී ඉනුමැන..
ඔබේ නමයි හදේ ගැහෙන්නේ..
ඔබට මා ආදරෙයි....//
ඔබ මා නමින්.. ගෙන ආ පැතුම්..
ඇයි හැරගියේ මගෙ ආදරේ...

සිත මගෙ රිදුනා.....


ගායනය : දමිත් අසංක

෴ චංචල වී හැඟුම් ෴

~ Chanchala wee hangum ~

චංචල වී.. හැඟුම්.. රැයක් ගානේ..
කඳුළැල්.. දෙනවාමයි.. හඳපානේ..
පායා දිය වී යන දේදුන්නේ..
දිය වී යනවා ඔය ආදරේ..
ඔබ ආ ලෙසටම ආයෙ..
වෙන්වෙන එක වෙනවාමයි..
මායාවක්මයි ආදරේ..
මායාවක්මයි ආදරේ..

චංචල හැඟුමක නිදිවරනා තුන්යාමේ..
කඳුලට ඇයි අඬගසන්නෙ හඳපානේ..
යස එළිමහනේ රස තියෙද්දි ආදරේ..
දේදුන්න කියන මායාවද ලුහුබැන්දේ..

ඔබ කී ලෙසටම ආයේ..
හමුවෙන එක වෙනවාමයි..
මායාවක්මයි ආදරේ..
මායාවක්මයි ආදරේ..

මිරිඟුවමද හැමදාම ඇස් බැන්දුම් කෙරුවේ
දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ... //

පැන සීමාවන් රස බලද්දි ආදරේ
පැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේ... //

ඔබ කී ලෙසටම ආයේ..
දුක නම් ළං වෙනවාමයි..
මායාවක්මයි ආදරේ..
මායාවක්මයි ආදරේ..

ක්ෂිතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේ
ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ... //

දුර ළඟ වාගේ සුව ලබද්දි ආදරේ
ලං වෙන්නෑමයි ක්ෂිතිජය එක් නොවෙනා සේ... //

ඔබ කී ලෙසටම ආයේ..
පාලුව නම් ළං වෙනවාමයි..
මායාවක්මයි ආදරේ..
මායාවක්මයි ආදරේ..

.
ගායනය - සංඛ දිනෙත්, මහේෂිකා

෴ බෝ මළුවේ මල් ෴

~ Boo maluwe mal ~

බෝ මළුවේ මල්.. සුවඳක පැටලී..
අම්මා පෙව් කිරි.. සුවඳ ගලා එන්නේ..
සුපුරුදු උණුහුමකට සිත ඈදී..
ගේ දොර සෙල්ලම්.. පිටිය මතක් වන්නේ..
දං බෝවිටියා කැලේ මැදින්..
එන්න හිතයි නුඹ ලඟට සැනින්...

එතෙර කරන්නම් සතර වරිගයම
සංසාරේ යන මේ ගමනේ..
චුට්ටක් සෙල්ලම් කරලා එන්නද
පුරුදු යහළුවන් හා සැනිනේ..
එහෙම ගියත් ඒ අය පොඩි සාධු
කියා කියන විට වැද වැටිලා..
කොහොම අම්මේ ඔට්ටු දුවන්නේ
වෙල් ඉපනැල්ලේ පැන නටලා...

බෝ මළුවේ මල්....

භවයෙන් භවයේ පෙරුම් පුරා මම
බවුන් වඩා උපදින වාරේ..
දිනයක මතුදා හතර වරිගයම
එතෙර කරන්නම් සංසාරේ..
ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලඟ
ඉන්නම් කිරි සුව‍‍ඳේ එතිලා..
කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත්... සසරින්... එතෙර වෙලා...

.
ගායනය - සනත් නන්දසිරි

෴ දේදුන්න සේදී ෴

~ Dedunna sedi ~

දේදුන්න සේදී.. වෑ නිල්ල උතුරා..
ලා දම් අහසින්.. වැස්සක් වැටුණා..
මනමාලි වී ඈ.. හද ගින්න අවුලා..
පිටගම් යනවා.. බොඳවී පෙනුණා..

බාලේ ඉඳලා හද බැඳි ආදරේ..
ගෙල රන් තාල නොබැඳී අවසන් උනේ..
කාලේ ගෙවිලා මං ගම ආ දිනේ..
ඈ කරකාර බැඳලා නොකියා ගියේ..

දේදුන්න සේදී.. වෑ නිල්ල උතුරා..
ලා දම් අහසින්.. වැස්සක් වැටුණා..

මාදං කැලෑවේ ළඳු ඕවිටේදී
බාලේ ඉඳන් කී කවි ගීතිකා
පාවී ගියාවේ.. සුළඟේ වෙළීලා..
ආලේ නමින් වූ.. හද ගී මකා..

නොසිතූ සේ...
ආදර මල්පෙති විසිරෙයි සිත වැළපේ..
සුහදේ...
නොපැතූ සේ...
යායුතු වේ මේ ඉරණම් ගමනේ..
කඳුලින් මෙසේ…

දේදුන්න සේදී...

ලා නීල වැල්ලේ වැව් තාවුලේදී..
දිවුරා හදින් ඈ බහ දුන් නිසා..
දෑසින් මහෝගේ උතුරා ගැලූ ඒ..
දොරේ ගැලූ දා බැඳි ආදරේ..

තනි වූ දා...
මවු පිය සෙනෙහසටයි හිස නැමුණේ..
රහසේ…
නොපැතූ දා...
මා හද දෙව්ලොව හැර යන්නම් මිහිරේ..
තරු ඇස් වැසේ...

දේදුන්න සේදී...

බාලේ ඉඳලා.. හද බැඳි ආදරේ..
ගෙල රන් තාල නොබැඳී.. අවසන් උනේ..
කාලේ ගෙවිලා.. මං ගම ආ දිනේ..
ඈ කරකාර බැඳලා.. නොකියා ගියේ..

දේදුන්න සේදී වෑ නිල්ල උතුරා..
ලා දම් අහසින් වැස්සක් වැටුණා..

.
ගායනය - භාතිය ජයකොඩි, සංතුෂ් වීරමන්, ආශා බොස්ලේ

෴ බඹර නාදේ ෴

~ Bambara nade ~

නිහඬ ගමනේ මේ තරම් දුර
ඇවිද අපි එක වාගේ...
මිහිරි මතකේ සැරිසරා ඔබ
නවාතැන් ගෙන දෑසේ..

බඹර නාදේ.. ඇසෙන මානේ..
රැදෙනු මාගේ.. සුවඳ වාගේ... //

ප්‍රාර්ථනා තවරා.. ආදරේ..
ඉන්න ඉඩදෙන්න තුරුලේ...
හිනැහෙනා කල්පනා..
ඔබ නිසයි ජීවිතේ...

ඇඟිලිතුඩු තදකර මගෙ නලලේ..
සිහින සියුමැලි නුඹෙ දෙතොලතරේ..
ගැඹුරු හද කැලඹුව ඔය කඳුලේ..
රහස නොහැඟේ මගෙම ලදුනේ...

දෑත් විදා ලමැදේ.. ආදරේ..
දෙන්න විදගන්න රිසිසේ..
නිමනොවේ කිසිදිනේ..
මේ පැතුම් මා හදේ...

ලබන හැම ආත්මයම ඔබගේ..
ලඟම ඉන්නයි මම නම් පැතුවේ..
පණට පණ දී මදිවි කතරේ..
නොයමි රහසේ රකිමි පණසේ..

නිහඬ ගමනේ මේ තරම් දුර
ඇවිද අපි එක වාගේ...
මිහිරි මතකේ සැරිසරා නුබ
නවාතැන් ගෙන දෑසේ..

බඹර නාදේ.. ඇසෙන මානේ..
රැදෙනු මාගේ.. සුවඳ වාගේ... //


ගායනය : බාචි සුසාන් සමඟින් ශානිකා මධුමාලි

෴ හිත දුර හන්දා ෴

~ Hitha Dura Handa ~

හිත දුර හන්ඳා.. නෙතු ලග හංඟා..
සිහින ගණින හින්දා..
තනිකම හංඟා.. ඈතක රන්දා..
මතක හිත ඇහින්දා..
අරුත කියන සෙනෙහේ..
නුඹම වේද මන්දා.... //

ඈත අතීතෙක අමතක සෙනෙහේ
හිතවත් කරනා..
සිහින පොතේ කවි දහසක් අතරේ
නුඹමයි හිදිනා.
නොමැකෙන සේ හදවතේ ඉන්න නුඹ
අළුතෙන් පතනා..

හිත දුර හන්දා....

අහස වගෙයි නුඹ සිතුවමක් දෝ
මතකෙට නැගෙනා..
හැඩවෙන ලඟ තනියට ඉන්නම්
නුඹමද කියනා..
ඉස්සර දවසක තහනම් හීනේ
ආයෙත් දකිනා..

හිත දුර හන්දා.... //

.
ගායනය : ආත්මා ලියනගේ

෴ තනිවෙන්නට මගෙ ලොවේ ෴

~ Thaniwennata mage lowe ~

තනිවෙන්නට මගේ ලොවේ
පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබේ
සුවඳ මා ලඟින්... //

සිව් වසරක පෙම් ගීතය
ගොළුවෙලා ගියාදෝ.. //
අළුත් ලොවක ඔබ සතුටින්
කිරුල පැළඳුවාදෝ..

මායාවකි ප්‍රේමය මා
හදවත රිදවූයේ.. //
සෝ ගීයකි දුක්බර වූ
සැනසුම කොහිවේදෝ..

තනිවෙන්නට....

.
ගායනය - වික්ටර් රත්නායක

෴ නිල් තරුවී ඔබ තරම් ෴

~ Nil tharuwee oba tharama ~

නිල් තරුවී.. ඔබ තරම්.. නෙත් කිරනින්.. මා දවා..
දෑත පැතු.. ළමැදේ හොවා.. හුයකින් වෙලා.. මා වෙලා..
නව අරුණෝදේ.. මට මැවුවා වු.. ඔබ ආදරයේ දෙව් දු තමා..

නිල් තරුවී.. ඔබ තරම්.. නෙත් කිරනින්.. මා දවා..
දෑත පැතු.. ළමැදේ හොවා.. හුයකින් වෙලා.. මා වෙලා...

‍යොවුන් උද්‍යානයෙදී.. ඇසෙන ප්‍රමාදයෙදී..
කදුලැලී නැගී පෙගී.. ඔබම සොයයි සිතැගී..
මල් වරුසවේ.. සිරි මැවුවා වු..
ඔබ ආදර්යෙ දෙව් දු නිසා...

නිල් තරුවී ඔබ තරම්....

මේ සිත ගිරි කුලකි මාරුතයද පරදී
සුසුමට සුසුම බන්ඳී ඔබටම ගැති සිතඟී
රස ප්‍රසාදේ මට මැවුවා වු
පරමාදරයේ දෙව් දු නිසා…

නිල් තරුවී ඔබ තරම්....

.
ගායනය - තාරක කරුණානායක

෴ ඔයා හුඟක් වෙනස්වෙලා ෴

~ Oya dihayi balan hitiye ~

ඔයා දිහයි බලන් හිටියේ ඇස් 
පිය නොහෙලා මෙතෙක් වෙලා
ලඟින් හිටියේ නැති ටික කාලෙට 
ඔයා හුඟාක් වෙනස්වෙලා..
අපේ හීන වලින් ඔයා.. 
ගියා කියා ඉවත් වෙලා..
සුසුම් හොරෙන් ලඟින් තියාගෙන.. 
සිටයේ මං තිගාස්සිලා.. 
ඔයත් ටිකක් වෙනස්වෙලා..

තනිවුණු කුසුමක තනිකම මැකුවෙත් ඔබ විතරක් හින්දා
දවසෙම හිනැහුණු හිත හැම රෑකම තනියෙන් ඉකිබින්දා
අකලට කඳුලින් නා කපනා වැහි වැස්සුවේ මං හින්දා
ගෙන යන්නම් කැන්දා.....

අපි වෙනුවෙන් අපි තනියම හිටි හැටි අපිවත් දැන් නෑ
ලොවට හොරෙන් කළ කී දේවල් කවුරුත් දන්නෑ
මගේ ලොවට ඔබ හැර වෙන සැළසුම් මට කිසිවක් නෑ
ආයෙත් අපි තනි වෙන්නෑ....

ඔයා දිහයි බලන් හිටියේ.....


ගායනය - දයාසිරි / ගයනි

෴ ප්‍රංශ යුවතියන් ෴

~ Idoraye nagara kone ~

ඉඩෝරයේ නගර කොනේ
අයිෆල් සීමාවේ.. ඔබව පෙනේ..
ප්‍රංශ යුවතියන්.. හදේ කොන අරන්..
ලිලී මල් සුළං.. මීඳුමෙන් වහන්..
මායාවී පායාවී පමාවී..
මායාවී පායාවී පමාවී..

ෆ්‍රැන්ක්‌ මිටි ගණන්.. යුරෝපයේ ඉඳන්..
හම්බ කරන මගේ කර පිටින්..
යන්න එනවනං.. ඇයිද නෙතු පියන්..
යන්න එනවනං.. ඇයිද නෙතු පියන්..
බලා නොඉන් තවත් කල් අරන්..

ඉඩෝරයේ....

රයින් ගඟ කොනින්.. පෙම් හසුන් අරන්..
යන්න එන්න මොකක්‌දෝ හෙයින්..
කියන නෙතු පියන්.. අහනවද ඉතින්..
කියන නෙතු පියන්.. අහනවද ඉතින්..
ශ්වේත වර්ණ කරළියේ ඉඳන්..

ඉඩෝරයේ.... //

.
ගායනය - අමල් පෙරේරා

Tuesday, October 22, 2013

෴ රණ බිම මැරුණේ සිංහලයකු නම් ෴

~ Rana bima merune sinhalayeku nam ~

රණ බිම මැරුණේ සිංහලයෙකු නම්
පපුවේ වෙඩි සලකුණු ඇත්තේ
සතුරාට ලය දී මිස මැරුණේ නෑ
ලේ පැල්ලම් නෑ පිට පැත්තේ.. //

මව් බිම ජයගනු බැරි නම් මරණය
දෙකින් එකකි මින් ජය ගත්තේ
මිහිකත සිපගෙන මිය ගිය ඇත්තොයි
සුරපුරයට කැඳවා ගන්නේ

රණ බිම මැරුණේ...

මල් යහනාවක් මත සුව මරණය
හෙල විරුවන් හට උරුම නැතේ
කිසිදා නොමියෙන මල් පූදිනවා
විරුවන් මළ රණ බිම මත්තේ

රණ බිම මැරුණේ... //


ගායනය -  චන්ද්‍රිකා සිරිවර්ධන

෴ ජීවිතේ විඳින්න ෴

~ Jeevithe windinna ~


[Verse 1:]
වරෙන් යන්න අපිත් එක්ක කන්න බොන්න හිනා වෙන්න..
බයිලා නැත්තම් හිපොප් කියන්නම් ඔලුවෙන් හිටගෙනම..
සතයක්වත් නැතුව නොමිලේ හොදට හිනාවෙන්න..
සල්ලි කියා තාම මල්ලි මරාගෙන රණ්ඩු කරාගෙන
ජීවත් වෙන අය ගැන ඇහුවා දැන ගත්තා කලකිරුණා..
බඩට ගැහුවේ කවුද..
ඔරවන්නේ මොකද..
චන්ඩි කියාගෙන.. ගැන්සි හදාගෙන.. සද්දේ දමාගෙන..
දත් නැතුව බත් කාපු අය දැකල දුක හිතුනා..
පරක්කු නෑ තවම.. හිත හදාගන්න බැරිද..
වරක් කිව්වා හොඳ සැපක් ඕනේ නම් බකන් නිලන් මොකද..

[Hook]
වරෙන් යන්න අපිත් එක්ක කන්න බොන්න හිනා වෙන්න..
බයිලා නැත්තම් හිපොප් කියන්නම් ඔලුවෙන් හිටගෙනම..
ඩෙනිම් ඇඳන් ජෙල් ගාගන්න..
සාක්කු වල මොනරු ගෙන්න..
yes පහයි NO තුනකුයි ඇති කෙල්ලෙක් දාගන්න

[Bridge]
ජීවත් වෙන්න ජීවය මෙන්න..
මෙන්න මෙන්න ජීවත් වෙන්න..
ජීවය දෙන්න..

[Verse 2]
කඳුළු පුරවාගෙන දවසෙම අඬන්නේ මොකටද..
බොක්කෙන්ම love කරලා බැඳලා බෙරගහල..
ලොවට පෙන්නාපු කෙල්ලෝ හලපු..
පොරවල් දැක්කා.. තැන්තැන් වල රජ වෙනවා..
වැරැද්ද කාගේද.. නීතිය අපි කාටත් එකද..
ජාති ජන්ම කුල බේද පටලවපු අපේම සමහරු
සුදු ඇඳුම ඇඳගෙන අසරණයට දඩුවම් කෙරුවා..
පරක්කු නෑ තවම.. අපිට වෙනස් වෙන්න බැරිද..
වරක් කිව්වා හොඳ සැපක් ඕනේ නම් බකන් නිලන් මොකද..

[Hook]
වරෙන් යන්න අපිත් එක්ක.. කන්න බොන්න හිනා වෙන්න..
බයිලා නැත්තම් හිපොප් කියන්නම් ඔලුවෙන් හිටගෙනම.. (කවුද කිව්වේ)
ඩෙනිම් ඇඳන් ජෙල් ගාගන්න..
සාක්කු වල මොනරු ගෙන්න..
yes පහයි NO තුනකුයි ඇති කෙල්ලෙක් දාගන්න..

[Bridge]
ජීවත් වෙන්න.. එන්න.. එන්න..
එන්න.. මගේ ඇත ගන්න..
විඳින්න.. ආදරේ ලබන්න.. ආදරේ කරන්න..
ඉතින් වරක් කිව්වා හොඳ සැපක් අරන් හෙට මැරිලා ගියත් මොකද..

[Hook]
වරෙන් යන්න අපිත් එක්ක.. බැරිනම් ගෙදරට වෙලා ඉන්න..
බැනුම් අහල මදි වගේ නම් ගෑනුන්ගෙන් ගුටි කන්න.. (කවුද කිව්වේ)
ඩෙනිම් ඇඳන් ජෙල් ගාගන්න..
සාක්කු වල මොනරු ගෙන්න..
yes පහයි NO තුනකුයි ඇති කෙල්ලෙක් දාගන්න..

[Outro]
ජීවත් වෙන්න ජීවය මෙන්න..
මෙන්න.. මෙන්න.. ජීවත් වෙන්න..
ජීවය දෙන්න..
කන්න බොන්න.. කන්න දෙන්න..
වරක් කිව්වා මෙන්න බැන්දා..
අපි මේකත් අහල පොඩි shot 1ක් දාගන්න..
වරෙන් යන්න අපිත් එක්ක..
වරෙන් යන්න අපිත් එක්ක..
යන්න ගන්න කන්න බොන්න එන්න හිනාවෙන්න..
ජීවත් වෙන්න..


ගායනය - Daddy සංගීත කණ්ඩායම

෴ සැඳෑ කළුවර කුර ගගා විත් ෴

~ Sanda kaluwara kura gagawith ~

සැඳෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත්වූ සඳ මගෙ සරා සඳ
තනිවෙලා මා තනිවෙලා..
 
වළාකුල කුදු නොමැති අහසේ
මලානික වුනු මගේ සිතුවිලි
ගල් ගැසී ඇත පාළු වී ඇත
අඳුර පමණක් රජ වෙලා..

සැඳෑ කළුවර....

ඔබේ ලෝකය මගේ ලෝකය
අතර ඇත්තේ රුයක් පමණයි
ගව් ගණන් දුර ජීවිතේ බර
මගේ හිස මත බර වෙලා..

සැඳෑ කළුවර....


ගායනය - නන්දා මාලනී


෴ නන්නාදුනන සිහිනය වෙලා ෴

~ Nannadunana sihinaya wela ~

නන්නාදුනන සිහිනය වෙලා..
තරු ඇස් කොනක හිත නැවතලා..
ආඩම්බර කතා.. ඉඟිපා කියා..
මගෙ තනි හිතට ඔච්චම් කලා..

මනමාලයි හිතේ පෙම් කතා..
මහමෙර උසට හැඟෙනා නිසා..
කවි හිත යට ලියා.. නෙත ලඟ හැංගිලා..
සින්නක්කරම මට හිමිවෙලා..

රෑක අහසට නැගලා..
දඟකාරි හිත අල්ලලා..
කෝල බැල්මක් හෙලලා..
මගෙ හීන ගෙත්තම් කලා..

වැසි වැසෙන කළුවර මකා..
නිල් අහසෙ සිත්තම් කලා..
ඔය හිත තාම මගෙ ලඟ නිසා..
හීන ඇත්තක් වෙලා..

නන්නාදුනන සිහිනය... //


ගායනය - රොමේෂ් සුගතපාල

෴ ආදරේට කියන කතා බොලඳ වුනාට ෴

~ Adareta kiyana katha bolanda wunata ~

ආදරේට කියන කතා බොලඳ වුනාට
සාගරේක ගැඹුර දැනෙයි නොවෙද ඔයාට... //

තටු සිඳිලා.. වැලපෙනවා..
සිත බැඳිලා.. හිනැහෙනවා..
මල් ඇතුරූ.. සුව යහනේ..
මල් අතුරා පවන් සැලු..
ආදරවන්තයින් පෙලූ..
බොලඳ කතා...

ආදරේට කියන කතා... //

මල් ගොමුවේ.. තුරු සෙවනේ..
හමුවෙනවා.. වෙන්වෙනවා..
උයන් කොනේ.. අවන් හලේ..
උයන් කොනේ හමුවෙනවා..
අවන්හලේ වෙන්වෙනවා..
බොලඳ කතා..

ආදරේට කියන කතා... //


ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන

෴ පුංචි ඇස් දෙක කදුළු පුරවන් ෴

~ Punchi as deka kandulu purawan ~

පුංචි ඇස් දෙක කදුළු පුරවන්
තවම මග බලනවා ඇති
ඒ වුණත් මට එන්න බැරි බව
ඔයා තවමත් දන්නැති
මැරෙන්නට මොහොතක් තියා හරි
ඔබ සොයා ගෙන එන්නෙමි
ඒකටත් ලොකු කාලයක් නැත
කොහොම හරි හිත රවටමි

ප්‍රේමයේ උත්තරීතර බව
පසක් කරගෙන හොඳටම
කාලයේ වැලිතලා යටවී
මියැදුණත් අපි සදහට
ආදරේ පෙම් කතා වලටත්
එකතුවී ඇත අප ගැන
හඞා වැටුණත් හඞන්නට බෑ
හිතන්නේ මම ඔබ ගැන

දහසකුත් බාධක තියාගෙන
ප්‍රේම කරනා ඔය හිත
දාලා යන්නේ කොහොම දැයි මට
ලියා දෙනවද මතකය
සැකය කියනා වචනෙ ගැනවත්
හිතෙන්නේ නෑ තව මට
නිදා වැටුණත් නින්ද යන්නෑ
හිතන්නේ මම ඔබ ගැන

පුංචි ඇස් දෙක.....

.
ගායනය - රොෂාන් ප්‍රනාන්දු

෴ ආදර සිතිවිලි ෴

~ Adara sithiwili sundara yeyi kee ~

ආදර සිතිවිලි සුන්දර යැයි කී..
මිහිරි වදන් අද කෝ..
අපටම වෙන් වුන ලොවක් ඇතැයි කී..
ආදරවන්තිය කෝ.. ආදර වන්තිය කෝ..

ඉඳහිට හමුවන ලවැලිතලාවල
පියසටහන් අද නෑ..
දිවි ඇතිතුරු මා ලඟ ඉන්නා බව
කීවත් ඇය අද නෑ..

ආදර සිතිවිලි....

සඳ නැග බැස ගිය බව පෙන්වන්නට
අහසේ සටහන් නෑ..
ඔබ මගෙ හිත රිදවු බව දන්නා
තවත් කෙනෙක් ලොව නෑ..

ආදර සිතිවිලි....


ගායනය - ගයාශාන් හේවාවිතාරන

Sunday, October 20, 2013

෴ සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ ෴

~ Sandarenu wehena me seetha rathriye ~

සඳරේණු වෑහෙනා.. මේ සීත රාත්‍රියේ..
ඔබ ඉන්න.. මාගේ ලඟින්..
හද පිරුණු වේදනා.. පිසදා සිනා සලා..
මට දෙන්න ආදරේ.. ඔබගේ හදින්..

සඳරේණු වෑහෙනා.. මේ සීත රාත්‍රියේ..
ඔබ ඉන්න.. මාගේ ලඟින්..

පියවී ලොවේ කිසිදා.. එක්වන්නෙ නෑ..
එනමුත් මගේ හදින්.. වෙන්වන්නෙ නෑ..
දෙතැන තනිවී සදා.. හෙලන සුසුමන් නිවා..
ඔබ ඉන්න මාගේ ලඟින්..

සඳරේණු වෑහෙනා.. මේ සීත රාත්‍රියේ..
ඔබ ඉන්න.. මාගේ ලඟින්..

තිබුණත් හදේ පැතුමන්.. ඉටුවන්නෙදෝ..
ඔබ ගැන පැතූ සිතින්.. වැලපෙන්නෙදෝ..
කඳුළු හසරැල් මවා.. මසිත ලතැවුල් නිවා..
ඔබ ඉන්න මාගේ ලඟින්..

සඳරේණු වෑහෙනා...

සඳරේණු වෑහෙනා.. මේ සීත රාත්‍රියේ..
ඔබ ඉන්න.. මාගේ ලඟින්..


ගායනය - ශිහාන් මිහිරංග

෴ මුතු කඳුලින් දෙනෙත පිරී ෴

~ Muthu kandulin denetha piri ~

මුතු කඳුලින් දෙනෙත පිරී සොඳුරු සැඳෑවේ..
මට පිටුපා ඉවත බලා සිටින වෙලාවේ.. //
පාට වලාවෙන් රන් අහස සිනාසේ..

අපට කියලා ඉඩක් කොහෙහේදෝ
නිදහස පිරි තැන් කොතැන තියේදෝ.. //
බොහෝ කලක් ගෙවී ගිහින් නොදුටු සිනාවේ
කොපුල් තෙමා ඉකිනොබිඳින් ලද නිමේෂයේ

මුතු කඳුලින්...

සුසුම් හෙලාලා පලක් තියේදෝ
කරදර සෝ දුක් මැකී ගියේදෝ.. //
අනාගතේ කෙසේ නගා ගමුද සිතාලා
සිනා සිසී යමු දුර මංපෙතක් සොයාලා..

මුතු කඳුලින්...


ගායනය -  අතුල ශ්‍රී ගමගේ

෴ නුඹ ලඟ මගේ ඉන්නවා වගේ ෴

~ Numba laga mage innawa wage ~

නුඹ ලඟ මගේ ඉන්නවා වගේ..
මට තව දැනේ ලඳුනේ සෙනෙහේ..
දුටු දා නුඹ නුඹෙ නෙතු ලඟ..
නැවතුනා මගේ හදවත නගේ..
රැඳුනා හදේ නුඹෙ සේයා..
රැඳුනා නෙතේ ඔබ ඡායා..
නොනිදා හිඳී නෙතු සිහිනෙන් පවා..

දුර හිඳ නුබ කෝලම් කලා..
නෙතගින් ඔබෙ හසරැල් නෙලා..
ඇවිදින් නුඹ හිතටත් හොරා..
උම්මාද කල හද නොපෙනීගියා..

නුඹ ලඟ මගේ ඉන්නවා වගේ..

මට තව දැනේ ලඳුනේ සෙනෙහේ..
දුටු දා නුඹ නුඹෙ නෙතු ලඟ..

නැවතුනා මගේ හදවත නගේ..
රැඳුනා හදේ නුඹෙ සේයා..
රැඳුනා නෙතේ ඔබ ඡායා..
නොනිදා හිඳී නෙතු සිහිනෙන් පවා..

නුඹ ලඟ මගේ ඉන්නවා වගේ..

මට තව දැනේ ලඳුනේ සෙනෙහේ..
දුටු දා නුඹ නුඹෙ නෙතු ලඟ..

නැවතුනා මගේ හදවත නගේ..


ගායනය - STEPPERZ

෴ අඳුරු අහසක රෑ කැටයම් ෴

~ Anduru ahasaka raa ketayam ~

අඳුරු අහසක රෑ කැටයම්.. සඳකි තනිකම් කල සිත්තම්..
ඔබට තවකෙක් පමණක් නම්.. මියෙමි සඳවත අද මා නම්..
නොනිමි කඳුලක පටලා හද.. අඳුර කිම සැඟවී දුර තෙර..
කිබඳ මහද ද ඔබ වූ සඳ.. කිමද ඉකිබිඳ හදවත අද..

නොපිපි කොඳ කුසුමකි ඉකිබිඳ.. මා පැතු සෙනේ...
මග නොදැන ඔබ යන මග දැක.. මිය යනු කෙසේ...
නිවිතක් නැතත් මා හඬවා.. ලතැවුල් රැයේ...
මේ ජීවිතේ ඔබ නැතිනම්.. හිම මෙනි දියේ...

අඳුරු අහසක රෑ කැටයම්.....

මුකුලිතව සිත වත නෙත රැදි.. කඳුලයි නෙතේ..
සිතක දුක දැක දැක ඔබ මෙන්.. වෙන්වී ගියේ..
නිවිතක් නැතත් මා හඬවා.. ලතැවුල් රැයේ...
මේ ජීවිතේ ඔබ නැතිනම්.. හිම මෙනි දියේ...

අඳුරු අහසක රෑ කැටයම්.....




ගායනය : රකිත වේලන්ගොඩ

෴ කඳුලු වලින් පෙම් හසුන ලියන්නට ෴

~ Kandulu walin pem hasuna liyannata ~

කඳුලු වලින් පෙම් හසුන ලියන්නට..
කඳුලු වලින් පෙම් හසුන ලියන්නට..
කඳුලු නැතේ මා ලඟ ලඳුනේ..
කඳුලු නැතේ මා ලඟ ලඳුනේ..
චපල සිතින් හැරදා දුර යන්නද..
චපල සිතින් හැරදා දුර යන්නද..
මෙමාට ලඳේ ආදරේ කලේ..
මෙමාට ලඳේ ආදරේ කලේ..
කඳුලු වලින් පෙම් හසුන ලියන්නට..

ඇස  කඳුලින්.. බරවී හැඬුවා..
ඒ කඳුලේ.. ඔබෙ රුව දුටුවා..
සිත දැවෙමින්.. මුළු රැය ගෙව්වා..
ඔබ නැති දා.. තනිකම දැනුනා..
මම ඔබට ආදරෙයි සැමදා..
කඳුලු වලින් පෙම් හසුන ලියන්නට..

ලොව මාගෙන්.. ඔබ ගැන ඇසුවා..
මුව ගොලුවී.. අසරණ වූවා..
කියූ වදන්.. අමතක කරදා..
ඇයිද ගියේ.. ඔබ මා හැරදා..
මම ඔබට ආදරෙයි හැමදා..

කඳුලු වලින් පෙම් හසුන ලියන්නට..
කඳුලු වලින් පෙම් හසුන ලියන්නට..
කඳුලු නැතේ මා ලඟ ලඳුනේ..
කඳුලු නැතේ මා ලඟ ලඳුනේ..
චපල සිතින් හැරදා දුර යන්නද..
චපල සිතින් හැරදා දුර යන්නද..
මෙමාට ලඳේ ආදරේ කලේ..
මෙමාට ලඳේ ආදරේ කලේ..
කඳුලු වලින් පෙම් හසුන ලියන්නට..


ගායනය - සතිශ් පෙරේරා

෴ ලියතඹරා මෘදු කුසුමකි ඈ ෴

~ Liya thambara mrudu kusumaki Aaa ~

ලියතඹරා.. මෘදු කුසුමකි ඈ..
තවුසන්ගේ.. දැහැනේ සම බිඳිනා..
නෑ ලෝකෙ.. ජීවේ ඇයයි..
නෑ ලෝකෙ.. ජීවේ ඇයයි.. //

මායාව.. මායාව.. ‍ලොව රවටනා..
සිහිනයකි.. සිහිනයකි.. අඳුරෙ පාවෙනා..
වීනාවේ තත් අතර මෘදු ස්වරෙ ඇයමයි..
මා හදට රස ගෙනෙන.. මදුවිත ඇයයි..

ලියතඹරා.. //

මිරිඟුවකි.. මිරිඟුවකි.. අප රවටනා..
දුර ඈත.. සිතිජයකි.. ඉම නොපෙනෙනා..
නිල් නයන.. බිගුකැලකි.. නෙත් සරය සුමුදුයි..
මගෙ ජීවෙ.. වැලි කතරෙ.. දිය බිඳ ඇයයි..

ලියතඹරා.. //


ගායනය - ආත්මා ලියනගේ

෴ සිනාසෙන්න බෑනේ ඔබේ සුවඳ නෑනේ ෴

~ Sinasenna bane obe suwanda nane ~

හැඟුම් මත් කලා ඒ නුරා දෑසෙ මායා
නැගූ මල් සිනා හද පුරා සුවඳ දීලා
ඉගිලී ගියාදෝ සයුරෙන් එහා
දුර යන්නෙ හැංගෙන්නෙ මගෙ හිත දවාලා

සිනාසෙන්න බෑනේ ඔබේ සුවඳ නෑනේ
කොහෙදෝ මා දමා ඉගිලුනේ.. //

නිල්වන් ගැබේහී සඳ හැංගුණා සේ
ඔබ එයිද ආයේ දෑස පේන මානයේ
මල පරෙවුණා සේ නොපිපේද ආයේ
හද රැන්දු සිහිනේ බොඳ වෙයිද මාගේ
හද විලම සනසන්න දුක මගෙ නිවාලා

සිනාසෙන්න බෑනේ ඔබේ සුවඳ නෑනේ
කොහෙදෝ මා දමා ඉගිලුනේ.. //

සංසාර හීනේ ඔබ නේද මාගේ
මේ පෙම් කතාවේ ගිනි ඇවිලිලානේ
හමුවන්න ආයේ පෙරුමන් පුරන්නේ
ගිනි දැවෙන ලෝකයේ මං තනි වෙලානේ
මුණ ගැහුන තැන තාම මම ඉන්නවා

සිනාසෙන්න බෑනේ ඔබේ සුවඳ නෑනේ
කොහෙදෝ මා දමා ඉගිලුනේ.. ///

සිනාසෙන්න බෑනේ..


ගායනය - රොමේෂ් සුගතපාල

෴ පියමැන්නේ - ජයශ්‍රී ෴

~ Piyamenne - JayaSri ~

පියමැන්නේ.. ඇයිද එසේ..
රිදවාලා.. ඔබ මාසිත මෙසේ..
දුර ගව්වේ.. මා ඉන්නේ..
මතකේ.. රැඳුණා.. ඒ සිතුවිල්ලේ..
සෙවණැළි මාවතේ.. ඇඳි ඒ ජීවිතේ..
රැළි මත සාගරේ..
මතුවේවා.. සදා ඒ සිහිනේ..

සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා..
ඇසේ සවන් පුරවා මගේ දැහැනේ..
අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා..
මැකී ගියා රැල්ලේ නිසල රැයේ..

සිත ගත්තේ.. නැතුව නොවේ..
සැමදා.. එලෙස බලා.. ඇයි ඉන්නේ..
හද අරණේ.. රැඳුණු සෙනේ..
පුබුදා.. සොයනු මැනේ.. හසරැල්ලේ..
නැතුවත් මේ භවේ.. මතු එන ජිවිතේ..
සැමදා ඒ සෙනේ..
සතු වේවා.. සදා ළඳුනේ..

සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා..
ඇසේ සවන් පුරවා මගේ දැහැනේ..
අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා..
මැකී ගියා රැල්ලේ නිසල රැයේ.. //


ගායනය - ජය ශ්‍රී

෴ ශීලා - ජයශ්‍රී ෴

~ Sheela - JayaSri ~

( ශීලා මේ ගීතයෙන්වත් දැනගන්න මගේ හදවතේ දුක... )

බැලු බැලු හැමතැනම සිහිනෙන් වාගේ..
සැඟවුනු සේයාවන් මදෙසේ ඇඳේ..
සුළඟේ පාවී.. මගෙ ගී යාවී..
ඇසුනොත් එනවාදෝ සොඳුරියේ මාගේ..

මා හට සැරවීලා (හෙයි..) කොහෙදෝ යන්නේ මෙසේ..
සිත රිදවන්න එපා.. හද බැඳි ආදරේ..
තනිවීලා (හෙයි..) මා ඉන්නේ කෙලෙසේ..
ඒවීදෝ මාගේ කුමාරී...

ලොවම නැවතිලා නිහඬයි වාගේ..
තනිකම පාළුව දැවටී හදේ..
දුරකථනයකින් ඔබ අමතාවී..
සිතමින් ඉන්නෙමි තනි ලෝකයේ..

මා හට සැරවීලා (හෙයි..) කොහෙදෝ යන්නේ මෙසේ..
සිත රිදවන්න එපා හද බැඳි ආදරේ..
තනිවීලා (හෙයි..) මා ඉන්නේ කෙලෙසේ..
ඒවීදෝ මාගේ කුමාරී...

( තනිවූ යහනට එනවිට.. තවමත් ඔබේ සුවඳ දැනේ මට..
සිහිනෙන් ඔබේ රුව දැකගන්නවත්.. වරම් ලැබේද මට.. )

ඔබෙ ලස්සන ඇස්දෙක වෙනෙකෙකු හට ලැදි වෙන්න එපා..
ඒවීදෝ.. ඒවීදෝ.. ඒවීදෝ.. මාගේ කුමාරී...

මා හට සැරවීලා (හෙයි..) කොහෙදෝ යන්නේ මෙසේ..
සිත රිදවන්න එපා හද බැඳි ආදරේ..
තනිවීලා (හෙයි..) මා ඉන්නේ කෙලෙසේ..
ඒවීදෝ මාගේ කුමාරී...

ශීලා ශීලා හේ.. ශීලා ශීලා හෝ.. (ඔබ යලි ඒවීදෝ)
ශීලා ශීලා හේ.. ශීලා ශීලා හෝ..
ඕ.. ඕ.. ඕ.. ශීලා ශීලා හේ.. ශීලා ශීලා හෝ.. (මා සැමදා තනිවේදෝ)
ශීලා ශීලා හේ.. ශීලා ශීලා හෝ..
ඒවීදෝ මාගේ කුමාරී... 


ගායනය - ජය ශ්‍රී

෴ එක වසන්තයක එක රාත්‍රියක ෴

~ Eka wasnthayaka eka rathriyaka ~

එක වසන්තයක.. එක රාත්‍රියක..
දැනුනා මතකයි.. මට ඉබේම වාගේ.. ඔබෙ සුවද..
එක හුස්මක්වත්.. ගන්නට ඉඩ නැති තරමට..
දැනුනා.. විතරක් මතකයි..

හද ලුහුබැද ඉව කරනා..
පෙර සසරක සුපුරුදු සුවඳ..
ඒ ඔබේ නොවෙද එනමුදු ඒ ඔබමද..
ඔබමද ඒ සොඳුර..

මේ වසන්තයෙදි හමුවන සුළඟ සමග..
සසැදී පැහෙන්නට හිතයි මට..
ඔබෙ සුවඳ සමග මුසු වනු පිණිස..
මගෙ සුසුමක් තියන්නද..
සිහිවනු පිණිස.. සොඳුර..

මේ වසන්තයම ගතවී යන්නට පෙර..
තුරුලේ.. ඇහිරෙන්නට.. පතමි මම..
ඔබෙ සිතැගි වලට මුසු වනු පිණිස..
මගෙ හැගුමක්.. තියන්නද..
ගිවිසනු පිණිස.. සොඳුර..

එක වසන්තයක...


ගායනය - කසුන් කල්හාර

෴ හිතින් මා නොසැලී ෴

~ Hithin ma nosalee ~

හිතින් මා නොසැලී හිඳිද්දි - කඳුල නුඹ ඇවිදින්
නිවා දැමු මේ නෙතේ පීඩා - නොබිඳිනූ මැනවී

තනිව මා හඬනා වෙලාවේ - සැලි සැලි සීතේ
වැටුනා මහ වරුෂා මතක්වේ - නුඹ රුඳී දෑසේ

හිතින් මා නොසැලී...

තවම මා නොදුටූ සිනා කැන් -  හමු නොවූ යාමේ
කඳුල මට කරුණා කරන්නැයි - අයැදිමී නිබඳේ

හිතින් මා නොසැලී...


ගායනය - ටී.එම්. ජයරත්න

෴ රුවට රුවේ ෴

~ Ruwata ruwe sakura iwre ~

රුවට රුවේ.. සකුරා ඉවුරේ..
හිම වැටෙනා.. සුදු කන්ද දිගේ..
පාසැල් යන සුදු කුමාරියේ..

හිම මිදෙනා නගරේ..
රුව පෑව ඒ රූබරී..
චෙරි මල් පිපී පවනේ..
ඒ ගමන් ලතා බලා ඉන්නවා..

රවට රුවේ...

රතු මුහුදේ වෙරළේ..
යමු ඈත අපි වෙන් නොවී..
සිතකින් නොවේ ළඳුනේ..
මා මගේ රටේ සදා තනිවුනේ..

රුවට රුවේ...


ගායනය - ටී.එම්. ජයරත්න

෴ අනාත මාරුතේ කුණාටු සාගරේ ෴

~ Anatha maruthe kunatu sagare ~

අනාත මාරුතේ කුණාටු සාගරේ
දිවිය ති‍යෙන තුරු මගේ ඔබයි ආදරේ
අනාත මාරුතේ කුණාටු සාගරේ..

අතීතයට වඩා පැරණි අපේ ආදරේ
අපි දෙදෙනා හැඬූ හැඬුම් දනී සාගරේ
සදා වෙනස් වෙන්න එපා
මැණික මා කෙරේ
දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ..


අනාත මාරුතේ...

සිතරිදවන වදන් වලට හඬන්නට එපා
ඇනුම් බැනුම් වලට මගේ තැවෙන්නට එපා
සසර සරන තුරා මගෙන් මිදෙන්නට එපා
දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ..



අනාත මාරුතේ කුණාටු සාගරේ
දිවිය ති‍යෙන තුරු මගේ ඔබයි ආදරේ
අනාත මාරුතේ කුණාටු සාගරේ
අනාත සාගරේ කුණාටු මාරුතේ..


ගායනය - රූකාන්ත ගුණතිලක

෴ කීවා සුළඟ මට කීවා ෴

~ Keewa sulanga mata keewa ~

කීවා සුළඟ මට කීවා
කීවා සුළඟ හා ආවා කියා ඔයා
කීවා සුළඟ මට කීවා
කීවා පෙම් සිත ගෙනාවා කිවා ඔයා

දොරේ ගලනා ඔබේ සිනා
මුසුවු තුති ගි ගීතිකා
හද රිද්මේ පාරා රැව් දිදි
තුරුලිය තුරුලේ පෙම් සුව විඳී

හිත ගිය තැනක සදහටම ඉන්නට
ලස්සන හිතක් කොහෙද ඔය හිත මිස
පෙම් බස් හුඟක් රසට මුමුණන්නද මා
හිත ගිය තැනක සදහටම ඉන්නට
ලස්සන හිතක් කොහෙද ඔය හිත මිස
හිත් වෙත හිතක් කෙලෙස අමුනන්නද මා

කීවා සුළඟ මට කීවා... //

දොරේ ගලනා ඔබේ සිනා
මුසුවු තුති ගි ගීතිකා
හද රිද්මේ පාරා රැව් දිදි
තුරුලිය තුරුලේ පෙම් සුව විඳී

හිත ගිය තැනක සදහටම ඉන්නට
ලස්සන හිතක් කොහෙද ඔය හිත මිස
පෙම් බස් හුඟක් රසට මුමුණන්නද මා
හිත ගිය තැනක සදහටම ඉන්නට
ලස්සන හිතක් කොහෙද ඔය හිත මිස
හිත් වෙත හිතක් කෙලෙස අමුනන්නද මා..


ගායනය - B & S

෴ දුක දන්නෙ වෙන කවුද ෴

~ Duka danne wena kawuda as deka tharam ~

දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්
මම උන්නෙ ඔබෙ වෙන්න අත් දෙක අරන්
එනමුත් අපේ කරුණු එක්කර තවත්
සැනසෙන්න බෑ එතුල ඇත්තෙම දුකක්
දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්

හැර යන්න ආදරයේ නිර්මල පැතුම්
පාරන්න හිතුවාද ඇතිකර ගැටුම්.. //

වැලපෙන්න බැරි හිතයට මේ හැටි රිදුම්
පෑහෙන්නෙ නෑ වැරදිකාරියෙ ඉතින්
දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්

ගනදුරට පෙම් බඳින තරු යායට
මල් යාය විකසිත වෙලා කුමකට.. //

මං ආයේ හිනැහෙන්න උර මඩලට
ලං වෙන්නෙ නෑ කඳුලු පූජා කර

දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්...


ගායනය - රොෂාන් ප්‍රනාන්දු