Sunday, July 30, 2017

෴ රන් සමනලයෝ පුංචි කැකුලියෝ ෴

 ~ Ran Samanalaoyo Punchi Kakuliyo ~ 

රන් සමනලයෝ පුංචි කැකුලියෝ
දේදුන්නේ නැඟිලා //
මීදුම් සළුවේ, තුරු මල් උයනේ
කොයි යන්නේ පියඹා
රන් සමනලයෝ පුංචි කැකුලියෝ
දේදුන්නේ නැඟිලා

පෙම්බර ආල හිතේ ගී නොවෙදෝ ගැයුවේ
මොළකැටි බාල වියේ ඒ හුරතල් කොතැනේ
මව් දෑතින් මිදුණාදෝ
යෞවනයේ මත් වීදෝ

රන් සමනලයෝ පුංචි කැකුලියෝ
දේදුන්නේ නැඟිලා //

ලද මනමාල හිතේ ආදරයේ සුවඳේ
තව නොදිටීද ලොවේ ජීවිතයේ අරුමේ
මල් යහනා පැතුවාදෝ
ඒ යහනා හමුවේදෝ

රන් සමනලයෝ...

ගායනය - සුනිල් එදිරිසංහ
පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය: සරත් ද අල්විස්

෴ රහසේ හඬනා අප හැඟුම් ෴

 ~ Rahase Handana Apa Hangum ~

රහසේ හඬනා අප හැඟුම්
ලොව නෑ දන්නේ අප පැතුම්
ලා සඳු පායනා රැයේ
පිණි සේ තරු සේ
තනි වී තැවෙනා පෙම් සුසුම්

හිරිමල් වයසේ සෙනෙහෙන් බැඳී එදා
මතකේ නොමියේ ඔබ මා සිතින් සදා
ආදරයේ රස මියුරු වේදනා

රහසේ හඬනා අප හැඟුම්...

සඳ රෑ සිහිනේ සෙවණැල්ල සේ වෙලී  
ඉමු අපි සොඳුරේ සුපුරුදු ලෙසින් බැඳී
ආදරයේ රස මියුරු වේදනා

රහසේ හඬනා අප හැඟුම්...

රහසේ හඬනා අප හැඟුම්
ලොව නෑ දන්නේ අප පැතුම්//


ගායනය - නීලා වික්‍රමසිංහ / ක්ලැරන්ස් විජේවර්ධන

෴ මිහිරැති වසන්ත කාලේ ෴

 ~ Mihirathi Wasantha Kale ~

මිහිරැති වසන්ත කාලේ
කීම ඔබ මෙතෙක් නොආවේ
ගිම්හානයේ ගිලන්වී
තනිවී වේදනාවේ

සිතුවිලි සිතුම් සඳැල්ලේ
ලතවී සිටින් නිදැල්ලේ
මිහිරක් කොහෙද ඇත්තේ
කිව මැන මටත් වසන්තේ

මිහිරැති වසන්ත කාලේ...

දාහය ගතේ වෙලීලා
කඳුලැලි නෙතින් ගලාලා
ඈතට ඇදී ගලා ඒ
සොයමින් ගෙවූ අතීතේ
සෙනහස ඔබෙන් උදාවූ
යුගයකි ගෙවා නිමාවූ

මිහිරැති වසන්ත කාලේ...


ගායනය -  සතිස් පෙරේරා
ගී පද - ප්‍රේම කීර්ති ද අල්විස්

෴ මගෙ නාමලී බැඳි ආදරේ ෴

 ~ Mage Namalee Bandi Adare ~

මගෙ නාමලී බැඳි ආදරේ
මනමාලියයි මැණිකේ ඔයා
ඔරුවේ නැගී එහි පාවෙවී
අමනාපයෙන් පිටවී ගියා
බැඳි ආදරේ සුකුමාලියේ
පෙම් පණිවිඩේ පාවේ ග‍ඟේ..

රස පෙම් හැඟුම් මාලඟ තබා
ඔබ කොහෙද යන්නේ පාවෙලා..
ඒ ලොවේ කවුරුත් නැ ප්‍රියේ
දැන් මෙගොඩ එන්නේ පාවෙලා..

මනමාලියේ මගෙ නාමලී
බැඳි ආදරේ මනමාලියයි මැණිකේ ඔයා
ඔරුවේ නැගී එහි පාවෙවී
අමනාපයෙන් පිටවී ගියා

බට ලී හඩේ රාවේ මගේ
ඉන් ආදරේ රස පිටවුනා..
අනුරාගියේ හද නල උදාහේ
ගී හඩේ ඔබ සැඟවුනා..

මනමාලියේ මගෙ නාමලී
බැඳි ආදරේ මනමාලියයි මැණිකේ ඔයා
ඔරුවේ නැගී එහි පාවෙවී
අමනාපයෙන් පිටවී ගියා...


ගායනය - හරූන් ලන්ත්‍රා
පද රචනය - ධර්මසිරි ගමගේ
සංගීතය - ආර්. මුත්තුසාමි

෴ කරදිය ගැඹරේ තුන්යම ගෙවුනේ ෴

~ Karadiya gambare thun yama gewune ~


කරදිය ගැඹරේ තුන්යම ගෙවුනේ
නුඹගේ දෑතට දිරිය වඩන්නයි
සුහුඹුල් අත්පා යදඬු කරන්නයි
කිරිකැටි පුතුනේ... කිරිකැටි පුතුනේ...

අව්වට වැගිරෙන දාදිය වැස්සේ
කළුගල් තලලා මහමං තැනුවේ
නිවහල් ලොවකට නුඹට වඩින්නයි
කිරිකැටි පුතුනේ... කිරිකැටි පුතුනේ...

දුම් රොටු අතරේ කම්මල් ඇතුළේ
දැ‍තිරෝදෙට ගත ජීවය දුන්නේ
නව මිනිසෙකු නව ලොවට පුදන්නයි
කිරිකැටි පුතුනේ... කිරිකැටි පුතුනේ...

කරදිය ගැඹරේ...

ගායනය: එඩ්වඩ් ජයකොඩි
පද රචනය: ප්‍රේමකුමාර ජයවර්ධන
සංගීතය: රෝහණ වීරසිංහ

෴ කඳු පාර ඈත අයිනේ ෴

~ Kandu para atha aine ~

කඳු පාර ඈත අයිනේ
සඳ රෑක ඈ සිනාසේ
වේදනා සිතාරයේ ඒ ගීත රාවේ ඇසේවා
ජීවිතේ පුරා...!

යාලුවී දෙවැටේ එදා
කීකතා අසා
පාළුවී හැඬුවා සදා
මාරුතේ පවා

ගං ඉමේ මාදන් කැලේ
පාසලේ පුරා
මා සොයා ආවා වගේ
වෙන්වෙලා ගියා

ගායනය : මිල්ටන් මල්ලවආරච්චි
ගීපද : උපාලි ධනවලවිතාන
සංගීතය : ස්ටැන්ලි පීරිස්

෴ හංස බෝට්ටුවේ නැගලා ෴

 ~ Hansa bottuwe nagala ~

හංස බෝට්ටුවේ නැගලා යන්න එන්න රව්මක්...
ඔබ එනකොට ඇදන් එන්න මල් පිරිච්ච ගවුමක්..
මල් පිරිච්චි ගවුමක්..

බේරේ වැවත් සුන්දරවී ඔබත් සුවද පියුමක්..
දකින දකින සැවෙම කියයි අන්න රෝස කුසුමක්...
අන්න රෝස කුසුමක්...

බේරෙ වැවට සඳ පායන මැදියම් රෑ අහසේ...
තරුමුතුකැට වෙලා පෙන‍ේ නෙතු පැටලී පහසේ...
හංස බෝට්ටුවට වෙලා අපි දොඩමළු වෙමු රිසිස‍ේ...
සුවද රොදට එකතුවෙලා ඔබේ මුළු ලොවටම රහසේ...

මල් වටකර බඹරු නටයි ගුම් ගුම් නද දෙමිනේ..
රන් සමනල රෑන් නටයි මල් වට හැඩ දෙමිනේ..
ඒ ලස්සන පෙනෙන්නෙ නෑ නෙතු ඔබටම හිමිවේ...
ජීවිත කාලෙම ඉන්නම් මුළු ඔබමයි මගෙ සිහිනේ..

හංස බෝට්ටුවේ නැගලා...


ගායනය - සුමිත් මන්දනායක
ගීපද - සුජීව ආටිගල

෴ එක යායේ කකා වැටී ෴

 ~ Eka yaye kaka wati ~


එක යායේ කකා වැටී - එකා වගේ එකට ඉදී
එක පවුලේ උපන් ලෙසේ - කල ආරක්ෂා
නාස් ලනුව දමනවාලු - කරත්තයක බදිනවාලු
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා

ගෙට ආ කල ටිකිරි ලියා නුඹ වේවිලු කබරගොයා..
ලිදට ගියත් අවසරයක් ගන්නට වේවී
දල ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා
පනවාලා දරුණ දණ්ඩ බන්ධන නීති

එක යායේ කකා වැටී...

වලට වැටුනු එකා යකා වලටම ඇද ගනු මිසකා
වලෙන් උඩ ට එන්නට අත දෙන්නට කැමති
නෑදෑ හිතවතෙක් නැති ඒ ගැන හිතුවොත් යෙහෙකි
කසාදෙ නම් කසාය හරි තිත්ත බෙහෙතකි

එක යායේ කකා වැටී...



ගයනය : සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, බන්දුල විජේවීර
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : එච්. එම්. ජයරත්න

෴ දෙතුන් වතාවක් ඔබ ඇමතුවෙමි ෴

 ~ Dethun wathawak oba amathuwemi ~

දෙතුන් වතාවක් ඔබ ඇමතුවෙමි
සැප දුක් සොයා බලන්න
මගෙ දුරකතනයෙ අංකය මතකද
මොහොතක් කතා කරන්න.. //

රුව දැක ගැන්මට පින් නැත දැන් මට
මතක් උනත් සන්තෝෂයි
කෙලින්ම සවනට රැගෙන ඔබේ හඩ
අහගන්නට හරි ආසයි.. //

දෙතුන් වතාවක්....

ඇසිපිය හෙලනා තරමට වැඩියෙන්
ඔබ ගැන මට සිහිවෙනවා
ඉකිබිඳ හඬනා කිරි දරුවකු මෙන්
මගෙ හදවත වැලපෙනවා.. //

දෙතුන් වතාවක්....


ගායනය - මිල්ටන් පෙරේරා
ගී පද - කරුණාරත්න අබේසේකර

෴ දඟකාර ඔය දෑස දුටුවා එදා ෴

 ~ Dangakara oya dasa dutuwa eda ~

දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසල් වියේ
නොදැනීම අපගේම සිත් යා වුණා
දසුනින්ම හසුනක් මවා.. //

උදයේ හවා අප හමු වී එදා
දෙඩුවා බැඳීලා සෙනේ.. //
දෙකොපුල් විලේ හසරැල් පිපී
සතුටින්ම කල් යා වුණා..

දඟකාර ඔය දෑස දුටුවා එදා...

සසරේ සදා අප බැඳෙමුයි පතා
වැඩුවා හදේහී සෙනේ.. //
නිලුපුල් නෙතේ හසරැල් මැකී
කඳුලින්ම වෙන් වී ගියා..

දඟකාර ඔය දෑස දුටුවා එදා...


ගායනය - සනත් නන්දසිරි
සංගීතය - රංජිත් පෙරේරා
ගීපද - සුනිල් ගුණවර්ධන

෴ අපි හැඟුම් වලට ඉඩදී මොහොතක් ෴

 ~ Api Hangum walata idadee mohothak ~ 
 
අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්... //
හඳපානේ.. මඳ අඳුරේ... 
අත් පටලා යමු ආයේ...

ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
මම මගෙ හෙවනැල්ලෙන් මිදී... //
අවුදින් හෙමින් රහසින් මුමුනා
හඳපානේ මද අඳුරේ...
 
හඳපානේ මද අඳුරේ... //
අත් පටලා යමු ආයේ... //

හිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පැතුම්... //
මතු ආත්මයේ හමුවන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ..
 
හඳපානේ.. මඳ අඳුරේ... //
අත් පටලා යමු ආයේ... //
 
අපි හැඟුම් වලට ....
 
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
ගායනය - වික්ටර් රත්නායක
 

෴ ආදරයේ උණුසුම ලඟ දුක දැනෙන්නෙ නෑ ෴



 ~ Adaraye Unusuma Langa Duka Danenne na ~

දරයේ උණුසුම ලඟ දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ
ජීවිතයේ හැමදාමත් සැප රැදෙන්නෙ නෑ
සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවන්න බෑ ...//

තොල් අග මඳහස දල්වා ප්‍රාර්ථනා මල් පිබිදෙයි
ලෝකය උඩු යටිකුරු වී ප්‍රාර්ථනාවන් වැළලෙයි
සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ
සිනහ නැගෙයි කදුළ නැගෙයි එයයි ජීවිතේ

ආදරයේ උණුසුම ලඟ දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ
ජීවිතයේ හැමදාමත් සැප රැදෙන්නෙ නෑ
සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවන්න බෑ ...//

දිවා රැයේ දකින සිහින පවන් සලා ගිමන් නිවයි
සිහින ලොවම ගරා වැටී තැවුලින් හදවත් ඇවිලෙයි
ගීත හඩින් සුසුම් හඩින් පිරුණු ලෝකයේ
සිනහ නැගෙයි කදුළ නැගෙයි එයයි ජීවිතේ


ආදරයේ උණුසුම ලඟ දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ
ජීවිතයේ හැමදාමත් සැප රැදෙන්නෙ නෑ
සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවන්න බෑ 



ගායනය -  සෝමතිලක ජයමහ

Wednesday, May 24, 2017

෴ සරාගයේ ෴

~ Saragaye ~

නිය රටා.. මවනවා.. අපතරේ… වූ කතා
රැය පුරා උණුහුමේ මල් පෙති තලා…
සයනයක් නිදනවා මේ රැය අපගේ වූ නිසා..
ආදරෙන් නග්න වූ හිමිකම් සොයා…
උනුසුම් උදයක සුවදින් ගත පිබිදී ගිය…
ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා…
සරාගයේ.. රැයේ.. පිනිබිඳුවක් වී වැටී….
මා… සිතේ හිඩසක් මවා…
යහන්තලේ… වැතිරී…
අද තනිකම ඉතිරි වී…
සද ඇතිරිල්ලේන් වෙලී.. තනිවුනා…
කාමරේ මුළු පුරා..
නෙක සලුපිලි තනිවෙලා…
මා සිතින්.. හඩනවා..
දෙස බල බලා…
මං මුලා.. වූ සිතින්..
මා මල් සුවදක් විදිනවා…
බැදීම්ක්.. ඇති රුවක් හා මා වෙලී…
උනුසුම් උදයක සුවදින් ගත පිබිදී ගිය…
ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා…
සරාගයේ.. රැයේ.. පිනිබිඳුවක් වී වැටී….
මා… සිතේ හිඩසක් මවා…
යහන්තලේ… වැතිරී…
අද තනිකම ඉතිරි වී…
සද ඇතිරිල්ලේන් වෙලී.. තනිවුනා…
සරාගයේ.. රැයේ.. පිනිබිඳුවක් වී වැටී….
මා… සිතේ හිඩසක් මවා…
යහන්තලේ… වැතිරී…
අද තනිකම ඉතිරි වී…
සද ඇතිරිල්ලේන් වෙලී…
සරාගයේ.. රැයේ.. පිනිබිඳුවක් වී වැටී….
මා… සිතේ හිඩසක් මවා…
යහන්තලේ… වැතිරී…
අද තනිකම ඉතිරි වී…
සද ඇතිරිල්ලේන් වෙලී.. තනිවුනා…..

Singer - Sanuka Wickramasinghe