Wednesday, October 30, 2013

෴ මට ඔයා මගෙ පණ වගේ ෴

~ Mata oya mage pana wage ~

මට ඔයා මගෙ පණ වගේ
ලඟ නැතත් මගෙ ලඟ වගේ
හිත පුරා රැඳි සෙනෙහසින්
ඔබ මවෙත පිදු දේ ආදරේ... //

ඔයා මගෙ පණ වගෙලු
මට දරාගන්න බැරි ඒකලු
හිනා වෙන්නෙ සඳ වාගෙලු
මට බලා ඉන්න බැරි එකලු
සඳ හොරා ගත්තෙ රෑකලු
මට හිතාගන්න බරි වෙන්නලු
මට නිදාගන්න බැරි ඒකලු

මට ඔයා මගෙ.....

ඔයාවමයි මට ඕනෙලු
මට කියාගන්න බැරි ඒකලු
ඔයාටමයි මං  ආසලු
මට ඔයා නැතුව බැරි ඒකලු
අපි හිනාවුනේ එක පාරලු
රෑ හීනෙන් පේන්නේ මාවලු
මං ඒ හීනේ හරි ලස්සනයිලු

මට ඔයා මගෙ.....

මට හොරා මගෙ ලඟට එයි
අත අරන් මට තුරුලු වෙයි
හිත පුරා රැඳි සෙනෙහසින්
ඔබ මවෙත පිදු දේ ආදරේ..

මට ඔයා මගෙ.....

.
ගායනය - දිලුම් සහ සමීර