Friday, October 25, 2013

෴ සුන්දරයි ඔබ ෴

~ Sundarai oba ~

සුන්දරයි ඔබ නිහඬ බැල්මෙන් මදෙස බැලුවාම
ඔබට ලං වී ලඟින් ඉන්නම් ඉතින් හැමදාම
පෙම්බරයි මගෙ හැඟුම් ඔබ ගැන නිතර සිතුවාම
ඔබම විතරයි මම පතන්නේ සසරෙ හැමදාම

ඔබව මට හරි දුර තමයි
නමුදු මගෙ සිත ඔබ ලඟයි
සොයා එන්නට මට හිතයි
සුළඟ ඔබ ගැන තතු කියයි
සුළඟ ඔබ ගැන තතු කියයි

සුන්දරයි ඔබ.....

ඔබව සිහි වී සිත හඬයි
කඳුළු නෙතු අග ඉකි ගසයි
සිතේ සිතුවිලි ඔබ ගැනයි
ඔබට මම හරි ආදරෙයි
ඔබට මම හරි ආදරෙයි

සුන්දරයි ඔබ..... 

ගායනය - සතිශ් පෙරේරා

No comments:

Post a Comment