Friday, October 25, 2013

෴ බැස යන සඳ දෑසින් නවතාලන්නට බෑ ෴

~ Basayana sanda dasin nawathalannata ba ~

බැස යන සඳ දෑසින්.. නවතාලන්නට බෑ..
පරවෙන මල දෝතින්.. වලකාලන්නට බෑ..
ඔබ බැස යන සඳ නම්.. ඔබ පරවෙන මල නම්..
‍රැක ගනිමිද කෙලෙසින්... //

නන්නාදුනන දෙසින
ගිමනට සිසිල ‍රැගෙන
අවුදින් සිරුරේ දැවටී
පවනැල් රහසේ හැරයයි..

ඔබ ඒ සුළඟ වගේ නම්
රඳවාගන්නද කෙලෙසින්... //

බැස යන සඳ දෑසින්....

මන්දාකිණිය ගලන
නිසසල ‍රැයට මැවෙන
තරුමල් අඹරේ හිනැහී
මැදියම් අදුරේ සැඟවෙයි...

ඔබ ඒ අහස වගේ නම්
හඳුනා ගන්නද කෙලෙසින්... //

බැස යන සඳ දෑසින්.... //


ගායනය - නාමල් උඩුගම

No comments:

Post a Comment