Wednesday, October 23, 2013

෴ මගෙ ඔරු කඳත් දිරාලා ෴

~ Mage oru kandath dirala ~

මගෙ ඔරු කඳත් දිරාලා
කොල්ලෑවෙ ලණු කැඩීලා
ඒ නමුත් මහුදු යායුතු රැකගන්න ජීවිතේ...

ඔරු කඳත් දිරාලා
කොල්ලෑවෙ ලණු කැඩීලා
ඒ නමුත් මහුදු යායුතු රැකගන්න ජීවිතේ
මගෙ බිරිඳ නිදිවරන් සාදා
දුන් බතුත් අරන්
මහ සයුරට යන්නෙ හද පුරවාගෙ පැතුම්..

මා දියඹේ.. අගාදයේහි..
දරුවන් රකින්න ඈතට යනවා..
තෝරුන් හා ලොකු ලොකු මෝරුන්..
මා ඔරුව පුරා ගොඩට ගේනවා..

අව්ව සැරයි.. සුළන් වැඩියි..
සැඩ සුළඟින්  රුවල ඉරිලා යයි..
මහ සයුරේ රුල නැග ඒවී..
ජීවිතය මරණය අතර සටනකි..

ඔරු කඳත් දිරාලා....

වෙරළ දිගේ.. සුදු වැල්ලේ මා..
එන තුරු දරුවන් මග බලා සිටී..
වෙහෙස වෙලා.. දවස ගෙවලා..
මම දෙවි පිහිටෙන් ආපසු එන්නම්..

ඔරු කඳත් දිරාලා....

දෑත රිදෙයි ගත වෙහෙසෙයි
දහදිය මුහුණෙන් මුළුගත නැහැවෙයි
දරුවන් හා බිසිඳ සොයාලා...
මම දෙවි පිහිටෙන් ආපසු එන්නෙමි...

ඔරු කඳත් දිරාලා....

මා දියඹේ.. අගාදයේහි..
දරුවන් රකින්න ඈතට යනවා..
තෝරුන් හා ලොකු ලොකු මෝරුන්..
මා ඔරුව පුරා ගොඩට ගේනවා..

හෝ.. හෝ.. හෝ.. හෝ...

.
ගායනය - නලින් පෙරේරා (මේරියන්ස්)

No comments:

Post a Comment