Friday, October 25, 2013

෴ එක්වී නම් රිදවන්න එපා ෴

~ Ekwee nam ridawanna epa ~

එක්වී නම් රිදවන්න එපා
රිදවූවත් වෙන්වී යන්න එපා
ආදරේනම් හඬවන්න එපා
හැඬවූවත් ඔබෙ ආදරෙ අඩු කරලන්න එපා... //

එක් වූයේ අප වෙන් වී දෙතැනක ඉන්නටදෝ
ඔබ රිදවා මා හට සැනසී ඉන්නට හැකිදෝ
හිරු බැස ගොස් යලි උදයේ අයෙත් එන්නැතිදෝ
අපගේ වෙන් වීමත් බැස යන හිරු වාගේදෝ

එක්වී නම් රිදවන්න එපා.....

ආදරේ කලේ අපි හැඬූ කදඳුලින් ඉන්නටදෝ
ඔබ හඬනා විට මට සැනසී ඉන්නට හැකිදෝ
බඹරා ආයෙත් ඉබි මල මුකලිත වී යාදෝ
අපි හැඬුවට අපෙ ආදරෙ සේදීලා යාදෝ

එක්වී නම් රිදවන්න එපා.....


ගායනය - ප්‍රනීත් මධුෂන්ක

No comments:

Post a Comment