Saturday, October 19, 2013

෴ ඔබ මැව්වේ ඔබ හට නොවේ ෴

~ Oba mawwe oba hata nowe ~

ඔබ මැව්වේ ඔබ හට නොවේ 
මා වෙනුවෙනි මේ භවයේ 
මා මැව්වේ මට නම් නොවේ 
මා හිමි ඔයාටයි ලොවේ 
මා ඔබේ වෙලා ඔබ මගේ වෙලා 
අපි දැන් අපගෙයිනේ 

පෙම්බර හිත් තීරේ 
ආල හැඟුම් බෝ වේ 
දැනුනා ඔබේ ආදරේ 
ඔය රළු පපු තලයේ 
ඇලවෙන්නම් රහසේ 
ආදරේ වෑහේ හදේ 
මා ඔබේ වෙලා 
ඔබ මගේ වෙලා 
අපි දැන් අපගෙයිනේ 

මා පැතු ඔය තුරුලේ 
මියදෙන තුරු රහසේ 
ඉන්නයි මට ඕනේ 
උපදින හැම භවයේ 
ඔබමයි මට ඕනේ 
ඔබටයි සසරම මේ 
මා ඔබේ වෙලා 
ඔබ මගේ වෙලා 
අපි දැන් අපගෙයිනේ 

ඔබ මැව්වේ ඔබ හට නොවේ 
මා වෙනුවෙනි මේ භවයේ 
මා මැව්වේ මට නම් නොවේ 
මා හිමි ඔයාටයි ලොවේ 
මා ඔබේ වෙලා ඔබ මගේ වෙලා 
අපි දැන් අපගෙයිනේ 


ගායනය - ජූඩ් රොගන්ස් සමගින් ශානිකා වනිගසේකර

No comments:

Post a Comment