Friday, October 25, 2013

෴ ඔබට නොහැක ෴

~ මල්දෙවැට තේමා ගීතය ~
~ Obata nohaka ~

ඔබට නොහැක මගෙ සෙවනට එන්නට
මටද නොහැක මල් විමන් තනන්නට...
නමුදු සොඳුරේ මෙ සුවිසල් අහස යට
අපෙ සුසුමන් හමුවෙලා මුමුණනු ඇත...

අතගිලි නොබැදෙන සිත බැදි සෙනෙහස
සසර පුරා ලග ඉන්න ඇති...
ඒ අත් බවයෙත් මේ වාගෙම අපි
හමු වි වෙන් වි යන්න ඇති...

හමු වි වෙන් වෙමු සසර පුරුද්දට
එකම සඳේ සඳ එළිය දකින කොට...
ඉසුරුමුණිය පෙම් යුවල නොවෙ අප
හිනහෙමු කඳුලැලි සගවා හිත යට...

.
ගායනය - ඉෂාන් ලන්ත්‍රා (සෙන්ටිග්‍රේඩ්ස්)

No comments:

Post a Comment