Monday, August 19, 2019

෴ රෑ අහසේ තරු දිලුනට෴

~ Ra Ahase Tharu Dilunata ~


රෑ අහසේ තරු දිලුනට
නෑ එළියක් සඳ වාගේ
ජීවිතයට මොනවා තිබුනද
නෑ කිසිවක් නුඹ වාගේ

සැනසෙන්නම් මා
නුඹ ළඟ නම් හැම මොහොතෙම
හඳුනාගන්නට ජීවිතයම
සරලයි නම් මා
නුඹ හා ගෙවනා කාලය
සෙනෙහස විඳ ඉපිලෙයි සිත

පාට ඉතිරෙන දේදුන්නක හැඩ
පාවී යන්නෑ සුළඟේ බොඳ වී
ලෝකය ගැන නුඹ දකිනා සිත
පාට පාට දේදුන්නක් වාගේ

Ra ahase tharu dilunata
na eliyak sanda wage
Jeevithayata monawa thibunada
na kisiwak numba wage

Sanasennam ma
numba langa nam hama mohothema
handunagannata jeevithayama
saralai nam ma
numba ha gewana kalaya
senehasa winda ipilei sitha

Pata ithirena dedunnaka heda
pawee yanna sulange bondawee
lokaya gana numba dakina sitha
pata pata dedunnak wage

ගායනය : සේනක බටගොඩ / සෙරීනා වීනස් බටගොඩ
තනුව : සේනක බටගොඩ
ගී පද : සේනක බටගොඩ

Sunday, August 18, 2019

෴ සිහින අහසේ ෴


~ Sihina Ahase ~

සිහින අහසේ වසන්තේ..
තාරකා මල් දිලිසුනා..
රංචු ගැහිලා කුරුල්ලෝ..
ඔහේ පියඹා ගියාවේ..
තුරුලිය ගොමුවේ..
මත් බිඟු සේනා..
රොන් රස ඉල්ලා පෙම් හැඟුම්...
සිහින අහසේ වසන්තේ..
තාරකා මල් දිලිසුනා...

සිහිලැල් පවනේ..
ගී හඬ විසිරී..
මතකය ඈත රැඳේ..
ගීතිකා එවන් ලොවේ..
මා නමින් අදත් ඇසේ..
බිඟු නද පාවේ..
ඔබ හඬ වාගේ..
සවනේ රැව්දේ...

සිහින අහසේ වසන්තේ....

මග එළි මවනා..
තරුකැන් ඔබවේ..
තනිවූ කතර ඉමේ..
මා හදේ හිරුත් ඔබයි..
මා හදේ සඳුත් ඔබයි..
දෙවියන් ඔබවේ පුදදෙම් සැමදා..
මහද ප්‍රණාමේ...

සිහින අහසේ වසන්තේ...

Sihina ahase wasanthe
tharaka mal dilisuna
ranchu gasila kurullo
ohe piyamba giyawe
thuruliya gomuwe
math bingu sena
ron rasa illa pem hangum
Sihina ahase wasanthe
tharaka mal dilisuna

Sihilal pawane
gee handa wisiri
mathakaya aetha rande
geethika ewan lowe
ma namin adath ase
bingu nada pawe
oba handa wage
sawane rawde

Sihina ahase wasanthe...

Maga eli mawana
tharukan obawe
thaniwu kathara ime
ma hade hiruth obai
ma hade sanduth obai
dewiyan obawe pudademi samada
mahada praname...

Sihina ahase wasanthe...

.
ගායනය :- H.R. Jothipala & Angeline Goonethilake

Saturday, August 17, 2019

෴ වස්සානේ එල්ලී ආ ෴

~ Wassane Ellee Aa ~

වස්සානේ එල්ලී ආ
මමද ඒ පෙම් හොරා……
මමයි ඔයාගේ දැන් හිමිකාරයා…
ර්‍ඉරණම් ගමනේ පවා…
මා වෙනුවෙන් මැව් කෙනා…
මේ බවයේ ආයේ මට හමුවෙලා…
දැන් දැන් ඇස් කතා කරන්වා…
යටි හිත මොනවදෝ කියනවා…
ජීවිතේ විදිනවා…නුහුරූ….
පෙම් හෝඩියේ…ඉදන්…
හෝ…ගැවසෙනා හුස්මන් පවා…
සිහිකලේ ඔබමයි සදා…
මැව්වේම මං ඔයා වෙනුවෙන් තමා…
ගැවසෙනා හුස්මන් පවා…
සිහිකලේ ඔබමයි සදා…
මැව්වේම මං ඔයා වෙනුවෙන් තමා…
දැන් දැන් ඇස් කතා කරන්වා…
යටි හිත මොනවදෝ කියනවා…
ජීවිතේ විදිනවා…නුහුරූ….
පෙම් හෝඩියේ…ඉදන්…
හෝ…ලංවෙලා මියෙනා තුරා…
ඉමු හිතින් තුරුලට වෙලා…
සසරේම මං ඔයා වෙනුවෙන් තමා…
ලංවෙලා මියෙනා තුරා…
ඉමු හිතින් තුරුලට වෙලා…
සසරේම මං ඔයා වෙනුවෙන් තම…
දැන් දැන් ඇස් කතා කරන්වා…
යටි හිත මොනවදෝ කියනවා…
ජීවිතේ විදිනවා…නුහුරූ….
පෙම් හෝඩියේ…ඉදන්…
වස්සානේ එල්ලී ආ
මමද ඒ පෙම් හොරා……
මමයි ඔයාගේ දැන් හිමිකාරයා…
ර්‍ඉරණම් ගමනේ පවා…
මා වෙනුවෙන් මැව් කෙනා……
මේ බවයේ ආයේ මට හමුවෙලා…
දැන් දැන් ඇස් කතා කරන්වා…
යටි හිත මොනවදෝ කියනවා…
ජීවිතේ විදිනවා…නුහුරූ….
පෙම් හෝඩියේ…ඉදන්…

ගායනය - Gaurav Dagaonkar
පද රචනය: Dilan Gamage
සංගීතය: Shenal Maddumage