Tuesday, October 22, 2013

෴ රණ බිම මැරුණේ සිංහලයකු නම් ෴

~ Rana bima merune sinhalayeku nam ~

රණ බිම මැරුණේ සිංහලයෙකු නම්
පපුවේ වෙඩි සලකුණු ඇත්තේ
සතුරාට ලය දී මිස මැරුණේ නෑ
ලේ පැල්ලම් නෑ පිට පැත්තේ.. //

මව් බිම ජයගනු බැරි නම් මරණය
දෙකින් එකකි මින් ජය ගත්තේ
මිහිකත සිපගෙන මිය ගිය ඇත්තොයි
සුරපුරයට කැඳවා ගන්නේ

රණ බිම මැරුණේ...

මල් යහනාවක් මත සුව මරණය
හෙල විරුවන් හට උරුම නැතේ
කිසිදා නොමියෙන මල් පූදිනවා
විරුවන් මළ රණ බිම මත්තේ

රණ බිම මැරුණේ... //


ගායනය -  චන්ද්‍රිකා සිරිවර්ධන

No comments:

Post a Comment