Monday, November 11, 2013

෴ කම්බි තාප්පෙට ෴

~ Kambi thappeta ~

කම්බි තාප්පෙට හිර කරගෙන මා - අහස දිහා බලමින් අම්මේ..
මං කල වරද කියාපන් නුඹවත් - හුළඟ දිගේ ඇවිදින් අම්මේ..
මලහිරු බැස යන විට නිල් අහසේ - නුවර පන්සලේ හඬ අම්මේ..
බැතිය අරන් පෝලිමට දුවනවා - වඳින්නෙ මහ රෑටයි අම්මේ..

පරණ චීත්තෙට ඔළුව තියාගෙන පන් පැඳුරේ සුව පහස ලැබී..
පුංචි කාලෙ ඉඳලම දුක් වින්දා කොස් ඇට වල රහ හොඳට දනී..
අම්මට තනියෙම නුවර එන්න බෑ බෝගම්බර මහ සයුර වැනී..
අම්මගෙ නම මම පපුවෙ කොටනවා ඉඳිකටු මිටියෙන් හැඩට ඇතී..

කම්බි තාප්පෙට හිර කරගෙන මා - අහස දිහා බලමින් අම්මේ..
මං කල වරද කියාපන් නුඹවත් - හුළඟ දිගේ ඇවිදින් අම්මේ..
මලහිරු බැස යන විට නිල් අහසේ - නුවර පන්සලේ හඬ අම්මේ..
බැතිය අරන් පෝලිමට දුවනවා - වඳින්නෙ මහ රෑටයි අම්මේ..

වාට්ටුවේ අය එකා වගේමයි පසු තැවි තැවි තනියෙම අඬලා..
රජසිටු මැතිවරු ලෝකෙ දකින්නේ මෙතන ඇවිල්ලයි දුක දැකලා..
තනිපංගලමේ මහ රෑ යාමේ නුඹ අඬනා හැටි මට මැවිලා..
කම්බිකූරු වල ඔළුව ගහනවා පපුවේ ගින්දර මට දැනිලා..

කම්බි තාප්පෙට හිර කරගෙන මා - අහස දිහා බලමින් අම්මේ..
මං කල වරද කියාපන් නුඹවත් - හුළඟ දිගේ ඇවිදින් අම්මේ..
මලහිරු බැස යන විට නිල් අහසේ - නුවර පන්සලේ හඬ අම්මේ..
බැතිය අරන් පෝලිමට දුවනවා - වඳින්නෙ මහ රෑටයි අම්මේ..

වඳින්නෙ මහ රෑටයි අම්මේ.... ////

.
ගායනය - චාමර රණවක