Tuesday, November 5, 2013

෴ යමන් බණ්ඩො වෙසක් බලන්න ෴

~ Yaman bando wesak balanna ~

යමන් බණ්ඩො වෙසක් බලන්න
ගනින් බර බාගේ බඳින්න
පාර දිගේ එළි බල බල
මහ පාරේ හරි කලබල‍
යමන් බණ්ඩො වෙසක් බලන්න... //

කොළඹ නගරෙ මගෙ බණ්ඩෝ..
බජාර් එකේ මම සැන්ඩෝ
බින් කුන්ඩෝ කුරු කුන්ඩෝ..
රජ්ජුරුවෝ මම බණ්ඩෝ..
ඒ බණ්ඩෝ යමන් පුතෝ..
කොළඹ වෙසක් බලපන්ඩෝ..
සුදු බණ්ඩෝ කළු බණ්ඩෝ..
කොළඹ ගෑණු ලස්සනදෝ

යමන් බණ්ඩො....

බණ්ඩා කොන්ඩෙ බැඳලා ජයට..
නැමි පනාව ගහලා උසට
සුයිට් රෙද්ද ඇඳලා බණ්ඩා..
අන්න බණ්ඩා යනවා කොළඹ
ඩබල් ඩෙකර් යනවා පාරේ..
අයින් වෙයන් ඇයි යෝධියෙ
මාරු වුනොත් මගෙ මැණිකේ..
මන් මැරෙනවා කොළඹ නගරේ

යමන් බණ්ඩෝ... ///

.
Artist -  Desmond De Silva