Monday, November 11, 2013

෴ මල් මල් විලේ ෴

~ Mal mal wile ron soya ~

මල් මල් විලේ රොන් සොයා ඇයි ගියේ..
ඇයි මේතරම් වේදනා අදරේ..
සුසුමක්‌ වුනේ ඇයි අපගෙ සෙනේ..
කඳුලක්‌ වුනා ඔබ මගෙ ජිවිතෙ..

මල් මල් විලේ රොන් සොයා ඇයි ගියේ..
ඇයි මෙතරම් වේදනා අදරේ..

සඳ තාරකා මල් පිපෙනා රැයේ..
රිදවුම් ගෙනේ සිත රෑ තුන්යමෙ..
හද සෝසුසුම් වැල් ඔබහට ඉතින්
මතු දා ගෙනෙවා සැනසුම් පවන්

මල් මල් විලේ රොන් සොයා ඇයි ගියේ..
ඇයි මෙතරම් වේදනා අදරේ..

නොපැතූ ලෙසේ මා නොසිතූ ලෙසේ..
මා හැර ගියා නම් ඔබ මේ ලෙසේ..
මගෙ මේ සුසුම්වැල් ඔබහට ඉතින්
මතුදා ගෙනේවා සැනසුම් පවන්

මල් මල් විලේ.......

.
ගායනය - චන්ද්‍රෙස්න හෙට්ටිආරච්චි