Monday, November 11, 2013

෴ අහන්න ආදරේ තරම් ෴

~ Ahanna adare tharam ~

මේ හිතෙ එල්ලිලා පෙරදා..
ඇවිදින් මා ලයේ දැවටිලා..
මා හැර වෙන කෙනෙකුගේ වෙලා..
ඉන්නේ කොහොමදෝ ඔයා..‍
කඳුළු වෑහෙනා නෙතු දිහා..
බලන්න මොහොතකට ලංවෙලා
හෙමිහිට පපුව මත කන තියා..
අහන්න ආදරේ තරම්...

දුක දරාගන්නට හිත හයිය නෑ..
හිත හදගන්නට කොහොමටත් බෑ..
නාඳුනන සේ මග හැර යන්න බෑ..
තවත් හිතකට හිමිවෙන්න බෑ..

මේ හිතෙ එල්ලිලා.......

මා වෙනුවෙන් මට මැවු සෙනේ..
හමුවීලා මග හැරී ගියේ..
ආයෙත් ඔබ මා වෙත එනකන්..
තනිකඩව සිටී ඔබ කොහෙද ප්‍රියේ..

මේ හිතෙ එල්ලිලා.......

.
ගායනයම් - දුශ්‍යන්ත් වීරමන්