Sunday, November 10, 2013

෴ සිහින සිත්තරාවි ෴

~ Sihina siththarawee ~

සිහින සිත්තරාවි - ඇස් බිම බලා සිනාසී..
සබකෝලකම් කරාවි - හිත ආදරෙන් පිරේවි..
මට නුහුරු ඉඟි කරාවි - උන්මාදකම් ගෙනේවි..
රතු කම්මුලත් ශ්‍රියාවි - සිපගන්නමයි හිතේවි..
සිහින සිත්තරාවි - ඇස් බිම බලා සිනාසී..
සබකෝලකම් කරාවි - හිත ආදරෙන් පිරේවි..

මද සිහිලසක් වගේ - මා නිවාලමින්
සැනසුමක් ගෙනේවි..
මුළු ජීවිතේ පූරා - අරමුණක් තියා
හීනයක් තනාවී..
මුදු සීත නිල් දියට - තඹර මල වගේ
ලෙන්ගතුයි කියාවි..
ඔබ දීපු ආදරේ - මහ මෙරක් තරම්
මගේ හිතේ දරාවි..
ආදරේ දැනේවි..

සිහින සිත්තරාවි.......

සඳ පාන පීරමින් - පිපෙන කුමුදු මල්,
නුඹ වෙතයි සුගන්දේ..
තරු අහුරු අම්බරේ -  මවන රූ රටා,
නුඹ නිසයි සිනාසී..
දුර දුවපු හිත අරන් - ලඟට ලං කරන්,
ආදරෙන් තවාවී..
මට නුඹ තරම් තවත් - නෑ සිතුම් පෙළක්,
හදවතේ ගැහේවි..
ආදරේ දැනේවි..

සිහින සිත්තරාවි.......

.
ගායනය - රොෂාන් ප්‍රනාන්දු