Sunday, February 12, 2023

෴ කාරි නෑ සඳ ෴

෴ කාරි නෑ සඳ ෴

~ Kaari Naa Sanda ~


ලියවුනා ඔබ ගැන කවි පෙලක්

මැලවුනා රෑ තුන් යාමයක්

හද පලා යන දුක එකහු කරගෙන

ඉන්නවා මම මග බලන්…


හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දා මං

පුන්සඳක් පායන්නේ කොහොමත් මාසෙකට සැරයක් නේ බං…


ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට

කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද… //


තාරකා එලි ඇවිලිලා නැති පාළු අම්බරේ

පායනා තුරු බලා ඉන්නම් කන්ද පාමුලේ

වලාකුල් මැකිලා කවදා යයිද ආකහේ

ඵලක් නැතිවත් හෙටත් එන්නම් හිරුත් ඒ වගේ…


ඔබ පායනා දින කෙනෙකුට එලිය දෙන්නට

කාරි නෑ සඳ මගේ ලොව එලිය නොවුනට…


ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට

කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද… 


ගායනය : මෙතුන් එස්.කේ

සංගීතය : වයනක පෙරේරා

ගී පද : මෙතුන් එස්.කේ

No comments:

Post a Comment