Wednesday, February 22, 2023

෴ ඇමතුමක් ෴

~ Amathumak ~

~ Thama_Obe_Mathake_Harada ~

ඇමතුමක් ඔබගෙන් එනකල් හැමදා
මග බලා හිටියත් තව නෑ ලැබිලා
මාව දමා ගිය දා ඉඳලා
තාම ඔබේ මතකේ හැරදා
යන්න තරම් හිත නෑ හැදිලා

අද ඊයේ වගේ
සෙනෙහේ මට ඔබේ
රැඳිලා තියේ හදවතේ
මැරුනත් එකවලේ
හිඳිමුයි කීවේ
මට ඇයි පෙරදා
මුවින් ඔබගේ

තාම ඔබේ මතකේ හැරදා
යන්න තරම් හිත නෑ හැදිලා

තරහක් නෑ මගේ
කිසිදා හදවතේ
මම දිවුරන්නම් ඔබ කෙරේ
සතුටින් නැතිනම්
ලොවේ ඔබගේ
සතුටත් එයමයි
මගේ දිවියේ

තාම ඔබේ මතකේ හැරදා
යන්න තරම් හිත නෑ හැදිලා

ඇමතුමක් ඔබගෙන් එනකල් හැමදා
මග බලා හිටියත් තව නෑ ලැබිලා
මාව දමා ගිය දා ඉඳලා
තාම ඔබේ මතකේ හැරදා
යන්න තරම් හිත නෑ හැදිලා


Artist : Ruwan Hettiarachchi

No comments:

Post a Comment