Sunday, February 12, 2023

෴ පිච්ච මල් වැස්සකින් ෴

  

෴ පිච්ච මල් වැස්සකින් ෴

~ Pichcha Mal Wassakin ~ Gaja Man Film Song ~ 

 

පිච්ච මල් වැස්සකින් අපෙ ආදරේ තෙත් වුනා

රිදි දිය වැහිපොතේ සීතල හදේ ගෑවුනා…


ජීවිතේ මොහොතකින් වෙනස් වී හැරෙද්දි 

අරමුණක් සිතුමිණක් දෝතෙහී රැඳෙද්දි


පිච්ච මල් වැස්සකින්…


හැරුණු මල් මොහොතකින්  අහක යයි බල බලා 

ඔය කොපුල් මේ දෙතොල් වල ගැටී ලංවෙලා 


ආදරේ උපදින යොවුන් තිඹිරිගේ මේ තමා

නෙත් වැදී හිත් ඇඳී ආදරේ ගලනවා


ජීවිතේ ඔබ ලඟයි හැඳින්නේ සිතැත්තී

ආදරේ ඔබ නිසයි දැනෙන්නේ මුවැත්තී


ආදරේ අංශුවක් මුළු ජීවිතේ හිතෙනදා

සීරුවෙන් මේ හැඟුම් හද ගෙත්තමක් මවනවා


ජීවිතේ ඔබ ලඟයි හැඳින්නේ සිතැත්තී

ආදරේ ඔබ නිසයි දැනෙන්නේ මුවැත්තී


පිච්ච මල් වැස්සකින්…


ගායනය : රිද්ම වීරවර්ධන

#PichchaMalWassak #RidmaWeerawardana #GajamanMovieSong #Gajaman3D #Filmmusicdirector #Gajaman #3D #Padmawathi #Gajamanmovie

  


No comments:

Post a Comment