Sunday, July 24, 2016

෴ මගෙ මැණික් අප්සරාවි ෴

 ~ Mage Manik Apsarawee ~

මගේ මැණික් අප්සරාවි 
විදවන්න පුළුවන්ද මට මේ තරම් 
හිත හැඩුම් නෑ 
නෙත නින්ද නෑ 
සිහිනෙන් ඔබ මට පෙනෙනවා. 
මගේ මැණික් අප්සරාවි... //

තාරකා ඇස් ඇහිදිමින් 
ඔබ සොයනවා 
මග ගෙවනවා 
ඔබේ දෙපා මුල පුද දිදී 
සුවඳ මල් තව පිපෙනවා 
විඳගන්න මට මගේ ජීවිතේ 
කියා දෙනවද ආදරේ... 

මගේ මැණික් අප්සරාවි....

 නෙළා ගන්නට බැරි දුරින් 
ඔබ හිනැහුනා 
මම වැලපූනා 
ඔබේ කඳුලු බිඳු වට පින් දිදී මම 
මිරිඟු දිය බොනවා. 
විඳගන්න මට මගේ ජීවිතේ 
කියා දෙනවද ආදරේ... 

මගේ මැණික් අප්සරාවි....

 මගේ මැණික් අප්සරාවි....///

 .
ගායනය - තරිඳු අර්සකුලරත්න

No comments:

Post a Comment