Monday, December 23, 2013

෴ හිත නැවතුන තැන ෴

~ Hitha nawathuna thena ~

හිත නැවතුන තැන ඔබ නවතිනවාද
ඔබ නැවතුන තැන හිත නවතිනවාද
ඔබයි ඔබේ හිතයි
එක විට එක තැන නැවතුන දා
බලන්න වට පිට
මම ඔබ ළඟද කියා

හිත නැවතුන තැන

දුර ඈත නොපෙනෙන රෑක
ළඟ පාත ඉන්නෙමී
දුටුවාද බැලුවාද
දෙනෙතින් සෙනේ කියමී
හිත තාම දුර නේද
හැමදාම අසමී
හිත පාළු වුන දාට
ඔබ ගාව ඉන්නෙමී

හිත නැවතුන තැන ඔබ නවතිනවාද

මුළු රෑම සඳු ගාව
තරු රෑන තනි රකී
හැමදාම ඔබ ගාව
තනි නෑනෙ මම ඉමී
නුඹ නාව නෙතු ගාව
කඳුලැල් සැලි සැලී
ඉඟි පෑව ඔය දෑස
මතකේ රැඳි රැඳී

හිත නැවතුන තැන ඔබ නවතිනවාද
ඔබ නැවතුන තැන හිත නවතිනවාද
ඔබයි ඔබේ හිතයි
එක විට එක තැන නැවතුන දා
බලන්න වට පිට
මම ඔබ ළඟද කියා

හිත නැවතුන තැන

.
ගායනය  - රූකාන්ත ගුණතිලක

෴ එකම මගක පියවර මැන යන්නයි ෴

~ Ekama magaka piyawara mana yannai ~

එකම මගක පියවර මැන යන්නයි
එකම බිමක සෙවනැළි පැටලෙන්නයි
සෙනෙහෙ දියෙන් මිවිත පිරවෙන්නයි
මගේ පැතුම ඔබ මට හිමිවෙන්නයි //

වැලේ පිපුණ මල නොවේ වැලට බර
බිගුන් සලාවි බැලුම් හෙලා..
සිතේ රැදුනු පෙම් නොවදෙන් රටකට //
මගේ ලොවින් පිට නොයන් පලා //

එකම මගක පියවර….

මගේ ලොවට සද ඔබේ සිගිති මුව
අගින් එබෙවි හැගුම් මවා
ඔබේ පිනට මතු මගේ ගෙපැල ලග //
කුසුම් පිපේවා පවන් සලා //

එකම මගක පියවර……

.
ගායනය - පුන්සිරි සොයිසා

෴ ආදරේ කතාවක් ෴

~ Adare Kathawak ~

මල් කැකුළු පරවෙලා වැටෙනා
උණු කඳුලු නෙතු අගින් හැලෙනා
මගේ හිතම ඉරි තලා රිදෙනා
ආදරේ කතාවක්..

මුලු රැයම නිදිවරා තැවෙනා
ඒ හීන බොඳවෙලා මැකෙනා
රෑ යහන තනිවෙලා හඩනා
ආදරේ කතාවක්..

මාගේ මේ උණු කඳුලු තැවරෙනා ආදරෙන්
අයේමත් හිත හඬවන්නට ඉඩ දෙන්නේ නෑ... //
ඉඩ දෙන්නේ නෑ..........

ඇගේ සුවඳ මතකයෙන් මිදෙනා
මගේ හිතට තනිකමක් දැනෙනා
සිනහව මුලු දිවියෙන් මැකෙනා
ආදරේ කතාවක්..

මුළු රැයම නිදිවරා තැවෙනා
ඒ හීන බඳවෙලා මැකෙනා
රැ යහන තනිවෙලා හඬනා
ආදරේ කතාවක්..

මාගේ මේ උණු කදඳුලු තැවරෙනා ආදරෙන්
අයේමත් හිත හඩවන්නට ඉඩ දෙන්නේ නෑ... ////

.
Artist - Dil ft Kaushik

෴ දුහුල් මලක මල් පෙත්තක ෴

~ Duhul malaka mal peththaka ~

දුහුල් මලක මල් පෙත්තක
එහා මෙහා පෙනෙන පරිදි
සියුම්ව ලියුවා මං මගෙ පෙම් පණිවිඩය
සමනලයෙක් අත එවුවා හම්බ උනාද
බාරගන්න පරිස්සමින් තටු පොඩිනොකර
මගෙ පෙම් පණිවිඩය
හම්බ උනාදැයි කියලා ලියල එවන්න
ඔබ වෙනුවෙන් තවදුරටත් ජීවත්වෙන්න....

ඔබට කැමතිවූ දවසේ දැනුනු හැඟුමෙ පාට තමයි
දේදුන්නක් වෙලා දෑස් වෙත පාත්වුනේ
ඒ සතුටේ සුසුම තමයි නලමුදු සුවඳක්වී
සිත තෙත මාත්තු කලේ
ඒ බව හැඟෙනවනම් මට කියල එවන්න
ඒ ඇති මට ඔබ වෙනුවෙන් ජීවත් වෙන්න.......

ඔබ නික්මන් කල දවසේ උනපු කඳුළෙ තරම තමයි
පොද වැස්සක් වෙලා පොළවට පාත්වුනේ
ඒ කඳුළේ බලය තමයි මහවැළි ගඟ මැද්දේ
දිය සුළියක් වුයේ
ඒ බව දැනුනානම් මට කියල එවන්න
ඒ ටික ඇති තවදුරටත් ජීවත් වෙන්න.......

දුහුල් මලක මල් පෙත්තක.......

.
ගායනය - නිරෝෂා විරාජනී

Tuesday, December 17, 2013

෴ දිනක රන් සළු පළඳා ෴

~ Dinaka ran salu palada ~

දිනක රන් සළු පලදා
සඳ නැගි මේලාවෙන්
පැමිණ ඔබ ගෙන යමි කුමරිය
පෙම් දෝලාවෙන්... //

ඇසුරු කළ කම්පන හා සැනසිලි පස මිතුරු
ගෙවුනු යෞවන විය තනි නොතනියෙ උන් අයුරු
නැවත නොලිහෙන ලෙස රැහැනින් බැඳලා පවුරු
සතුට ගෙන දිය හැකි ඔබ හැර ඇතිදෝ කවුරු

දිනක රන් සළු පලදා...

වියලි මහ වැලි කාන්තාර පසු කරවා
පවස සංසිඳවන ලෙස දිය උල්පත් හරවා
පරව ගිලිහෙන තුරු සියොලග කළු සළු පොරවා
ඔබය දිය යුතු හිස්වන විට දිවි විත පුරවා

දිනක රන් සළු පලදා...

.
ගායනය - මිල්ටන් මල්ලවආරච්චි

Wednesday, December 11, 2013

෴ ලියූ කවිපද දහක් අතරේ ෴

~ liyu kawipada dahak athare ~

ලියූ කවි පද දහක් අතරේ
ලියා ගන්නට බැරිව ලතැවුන
එකම එක දිග පුංචි කවියක්
තවම ලියනවා මං...
තවම ලියනවා මං...

නුඹෙ සුවඳ රැදි පපුව ගැඹුරේ
කියා ගන්නට බැරිව සැනහුනු
එකම එක දිග පුංචි පැතුමක්
තවම පතනවා මං...
තවම පතනවා මං...

උණුසුමක් රැදි පළල් උරයක
වෙලී සැතපී නිදන යුගයක
නුඹෙ සුසුමක් සමග මියැදී
යන්න තිබුනා නම්..
මගෙ දෙනෙත්පෙති තෙමා රිදවන
කදුළු නෑ එහෙනම්...

සදවතක රැඳි සදළු තලයක
තරු කැටක් වී රැදුනු දවසක
ලතෙක් සෙනෙහස නුඹේ සිත ලඟ
රැඳී නොතිබුනි නම්..
මගෙ දරදඩු පිරිමි සිත යට
කඳුළු නැ එහෙනම්...

ලියූ කවි පද......

ගායනය - ක්‍රීෂාන්ත එරන්දක
“අනුත්තරා“ තේමා ගීතය