Sunday, October 20, 2013

෴ අඳුරු අහසක රෑ කැටයම් ෴

~ Anduru ahasaka raa ketayam ~

අඳුරු අහසක රෑ කැටයම්.. සඳකි තනිකම් කල සිත්තම්..
ඔබට තවකෙක් පමණක් නම්.. මියෙමි සඳවත අද මා නම්..
නොනිමි කඳුලක පටලා හද.. අඳුර කිම සැඟවී දුර තෙර..
කිබඳ මහද ද ඔබ වූ සඳ.. කිමද ඉකිබිඳ හදවත අද..

නොපිපි කොඳ කුසුමකි ඉකිබිඳ.. මා පැතු සෙනේ...
මග නොදැන ඔබ යන මග දැක.. මිය යනු කෙසේ...
නිවිතක් නැතත් මා හඬවා.. ලතැවුල් රැයේ...
මේ ජීවිතේ ඔබ නැතිනම්.. හිම මෙනි දියේ...

අඳුරු අහසක රෑ කැටයම්.....

මුකුලිතව සිත වත නෙත රැදි.. කඳුලයි නෙතේ..
සිතක දුක දැක දැක ඔබ මෙන්.. වෙන්වී ගියේ..
නිවිතක් නැතත් මා හඬවා.. ලතැවුල් රැයේ...
මේ ජීවිතේ ඔබ නැතිනම්.. හිම මෙනි දියේ...

අඳුරු අහසක රෑ කැටයම්.....




ගායනය : රකිත වේලන්ගොඩ