Sunday, October 20, 2013

෴ කඳුලු වලින් පෙම් හසුන ලියන්නට ෴

~ Kandulu walin pem hasuna liyannata ~

කඳුලු වලින් පෙම් හසුන ලියන්නට..
කඳුලු වලින් පෙම් හසුන ලියන්නට..
කඳුලු නැතේ මා ලඟ ලඳුනේ..
කඳුලු නැතේ මා ලඟ ලඳුනේ..
චපල සිතින් හැරදා දුර යන්නද..
චපල සිතින් හැරදා දුර යන්නද..
මෙමාට ලඳේ ආදරේ කලේ..
මෙමාට ලඳේ ආදරේ කලේ..
කඳුලු වලින් පෙම් හසුන ලියන්නට..

ඇස  කඳුලින්.. බරවී හැඬුවා..
ඒ කඳුලේ.. ඔබෙ රුව දුටුවා..
සිත දැවෙමින්.. මුළු රැය ගෙව්වා..
ඔබ නැති දා.. තනිකම දැනුනා..
මම ඔබට ආදරෙයි සැමදා..
කඳුලු වලින් පෙම් හසුන ලියන්නට..

ලොව මාගෙන්.. ඔබ ගැන ඇසුවා..
මුව ගොලුවී.. අසරණ වූවා..
කියූ වදන්.. අමතක කරදා..
ඇයිද ගියේ.. ඔබ මා හැරදා..
මම ඔබට ආදරෙයි හැමදා..

කඳුලු වලින් පෙම් හසුන ලියන්නට..
කඳුලු වලින් පෙම් හසුන ලියන්නට..
කඳුලු නැතේ මා ලඟ ලඳුනේ..
කඳුලු නැතේ මා ලඟ ලඳුනේ..
චපල සිතින් හැරදා දුර යන්නද..
චපල සිතින් හැරදා දුර යන්නද..
මෙමාට ලඳේ ආදරේ කලේ..
මෙමාට ලඳේ ආදරේ කලේ..
කඳුලු වලින් පෙම් හසුන ලියන්නට..


ගායනය - සතිශ් පෙරේරා