Sunday, October 20, 2013

෴ වෙනදා වගෙ අදත් ෴

~ Wenada wage adath ~

වෙනදා වගේ අදත් මා නොයෙන බව දැන තවත්
මග බලාගෙන හිටියා ඇති දැන් එන්න වෙන්නෑ මට අදත්
පාට දේදුනු බැඳ විමන් හීන මල් පෙති අතුරමින්
නැතුව යහනේ නිදා ගන්න ලඟින් ඉන්නම් රත්තරං

උණුහුම ඒ මා තමා සුළඟක් වී එන හමා
ඔබේ තුරලෙම දැවටිලා සුපුරුදු සුවඳක් වෙලා
සංසාරේ යලි කවදා හෝ හමුවේවී නම් අපි ආයේ
සපුරා තහනම් නොවේ ආයෙමත් මට ආදරේ

වෙනදා වගෙ අදත්...

දකින්න ආසයි වෙනදා මෙන් හිනාවෙන්න මදකට හොරෙන්
හිතා මතා ගියේ නෑ ඉතින් තවමත් ඔබ ළඟ මං සිටිමි
සංසාරේ යලි කවදා හෝ හමුවේවී නම් අපි ආයේ
සපුරා තහනම් නොවේ ආයෙමත් මට ආදරේ

වෙනදා වගෙ අදත්...


ගායනය - රවීන්ද්‍ර මීගමාරච්චි