Tuesday, October 22, 2013

෴ පුංචි ඇස් දෙක කදුළු පුරවන් ෴

~ Punchi as deka kandulu purawan ~

පුංචි ඇස් දෙක කදුළු පුරවන්
තවම මග බලනවා ඇති
ඒ වුණත් මට එන්න බැරි බව
ඔයා තවමත් දන්නැති
මැරෙන්නට මොහොතක් තියා හරි
ඔබ සොයා ගෙන එන්නෙමි
ඒකටත් ලොකු කාලයක් නැත
කොහොම හරි හිත රවටමි

ප්‍රේමයේ උත්තරීතර බව
පසක් කරගෙන හොඳටම
කාලයේ වැලිතලා යටවී
මියැදුණත් අපි සදහට
ආදරේ පෙම් කතා වලටත්
එකතුවී ඇත අප ගැන
හඞා වැටුණත් හඞන්නට බෑ
හිතන්නේ මම ඔබ ගැන

දහසකුත් බාධක තියාගෙන
ප්‍රේම කරනා ඔය හිත
දාලා යන්නේ කොහොම දැයි මට
ලියා දෙනවද මතකය
සැකය කියනා වචනෙ ගැනවත්
හිතෙන්නේ නෑ තව මට
නිදා වැටුණත් නින්ද යන්නෑ
හිතන්නේ මම ඔබ ගැන

පුංචි ඇස් දෙක.....

.
ගායනය - රොෂාන් ප්‍රනාන්දු