Sunday, October 20, 2013

෴ දුක දන්නෙ වෙන කවුද ෴

~ Duka danne wena kawuda as deka tharam ~

දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්
මම උන්නෙ ඔබෙ වෙන්න අත් දෙක අරන්
එනමුත් අපේ කරුණු එක්කර තවත්
සැනසෙන්න බෑ එතුල ඇත්තෙම දුකක්
දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්

හැර යන්න ආදරයේ නිර්මල පැතුම්
පාරන්න හිතුවාද ඇතිකර ගැටුම්.. //

වැලපෙන්න බැරි හිතයට මේ හැටි රිදුම්
පෑහෙන්නෙ නෑ වැරදිකාරියෙ ඉතින්
දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්

ගනදුරට පෙම් බඳින තරු යායට
මල් යාය විකසිත වෙලා කුමකට.. //

මං ආයේ හිනැහෙන්න උර මඩලට
ලං වෙන්නෙ නෑ කඳුලු පූජා කර

දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්...


ගායනය - රොෂාන් ප්‍රනාන්දු