Sunday, October 20, 2013

෴ සඳ හිරු තරු මැද ෴

~ Sanda hiru tharu mada pokuru gasi yana ~

සඳ හිරු තරු මැද පොකුරු ගැසී යන මීකුළු සළුව ඉරා
ඔබෙ රුව මනසින් දුටුවෙමි මෙහි එනයුන් පහන් දරා

පිණි මුතු කැට මුදු සළුව එළා - ළා තණපත් මත වැතිරී
ඔබ එන පියමග පෙරට වඩා සරසයි සෙනෙහස ඉතිරී

සඳ හිරු තරු මැද...

ලිය මැද ළදළු දෙපත් - හිරු වැසි ලද සේ පිබිදේ
සෙවනට ඉඩ සැනසුම් දෙන තුරු - සෙවනෙහි සැතපෙමි නොරුදේ

සඳ හිරු තරු මැද...


ගායනය - වික්ටර් රත්නායක

No comments:

Post a Comment