Sunday, August 7, 2016

෴ සප්ත ස්වරයයි ෴


~ Saptha Swarayai ~

නිසඟ පවඟ මත හිනැහි හිනැහි පිණි
මල් මතින් වඩින දෙව්ලියේ...
රතු තඹර මල් සුවඳ විහිදා
බිඟුන් ඹමනා ඈ වටා...
ඇගෙ නිකිනි සිනහ මල් කිනිති සැලෙනවිට
දැනෙන දැනෙන හැඟුමන්...
රණ තිසරු රුවැති ඇගෙ ලකල් ළමැදෙ මම
සිහින  සිහින වින්දෙම්...

සප්ත ස්වරයයි.. සුවඳ හමනා...
සප්ත ස්වරයයි..ඒ.. සුවඳ හමනා...

හිත පුරා විසිරි මුතුලතා..
ඉහිරුනා රුවැති හද පතා..
හීන මුසු වුනු පාට තැවරුනු
දෑස අභියස නැවතිලා..
ඇගෙ නිකිනි සිනහ මල් කිණිති සැලෙන විට
දැනෙන දැනෙන හැඟුමන්...
රණ තිසරු රුවැති ඇගෙ ලකල් ළමැදේ මම
සිහින සිහින වින්දෙම්...

සප්ත ස්වරයයි.. සුවඳ හමනා...
සප්ත ස්වරයයි..ඒ.. සුවඳ හමනා...

මෙපුර සුරඹ නද විදිමි විදිමි ඇගෙ
මුව මතින් වයන රිද්මයේ..
නීල අඹරේ තුහින මල් වැල්
තෙමෙනවා මා ආදරෙන්..
ඇගෙ නිතඹ ලෙලෙන පා සළඹ සැලෙනවිට
දැනෙන දැනෙන හැඟුමන්...
මුදු සුමුදු සුවැති ඇගෙ ලකල් ළමැදෙ මම
සිහින සිහින වින්දෙම්...

සප්ත ස්වරයයි.. සුවඳ හමනා...
සප්ත ස්වරයයි..ඒ.. සුවඳ හමනා...

ගායනය : ඉන්දික රුවන් (Roony)
පද රචනය : හසිත විතානගේ
සංගීතය : නයන කරුණානායක

No comments:

Post a Comment